Home Tech News gadgets Commands ගැන ඔත්තු බලන Amazon Echo
gadgetsHardwareTech News

Commands ගැන ඔත්තු බලන Amazon Echo

Share
blank
Share

smart speaker සහ Bluetooth speaker යන දෙවර්ගයෙන් එකක් හෝ ඔබ බාවිතා කර ඇති. මේ අතරින් smart speaker බොහෝවිට අනෙකට වඩා මිලෙන් වැඩි අමතර විශේෂාංග ඇති උපාංග වෙනව. මෑත කාලයේ ප්‍රසිද්ධ වුනු තොරතුරු වලට අනුව මෙම smart speaker සදහා අප දෙන විධාන වලට එම සමාගම් සවන්දෙන බව දැනගන්න ලැබෙනව.

Apple, Amazon සහ Google සමාගම් වලින් නිකුත් කර ඇති smart speaker වලින් මේ ආකාරයට පරිශීලකයන් දෙන විධාන වලට සවන් දෙන බව අනාවරණය වී තිබෙනව. Amazon Echo උපාංග ඔස්සෙ කෙරෙන සංවාද වලට සවන්දෙන්න සේවක කන්ඩායම් ඇමරිකාවේ, ඉන්දියාවේ සහ රුමේනියාවේ කාර්යාල පිහිටුවා යොදවා තිබෙනව. මේවායේ වැඩ කරන සේවයකන් දිනකට පැය නමයක් තිස්සේ Audio Clip 1000කට පමන සවන් දෙන බව වාර්තා වෙනව.

මෙහිදී පරීක්ශා කර බලන්නෙ සාමාන්‍ය ව්‍යවහාරයෙන් දෙන විධාන එම උපාංග හදුන ගන්නවද යන්නයි. එහෙම හදුනා ගන්නෙ නැති විධාන විශේෂ ලෙස සලකුනු කර Amazon සමාගමට යවනව. ඉන්පසු එම විධාන Amazon සමාගමේ සිටින තාක්ශනවේදීන් පරීක්ශා කර එය හදුනාගන්න පුලුවන් වෙන්න digital assistant වැඩසටහන නවීකරණය කරනව.

මේවායේ යොදා තිබෙන AI වැඩසටහන් නිර්මානය කර තිබෙන්නෙ මිනිස් මොළය යම් වචනයක් හදුනා ගන්නා ක්‍රමවේදය අනුකරනය කිරීමෙන්. එහෙත් එම වැඩසටහන් වලට හදුනා ගත නොහැකි වචන සැබෑ මිනිසෙක් මැදිහත් වී නිරාකරණය කර දියයුතු වෙනව.

Amazon සමාගම පවසන්නෙ ඔවුන් පුද්ගලයන් යොදා තිබෙන්නෙ වචන වල අරුත් පරීක්ශා කිරීමට පමනක් බවත් වචන වල අදහස පරීක්ශා කිරීමට නොවන බවත්ය. ඒවගේම මෙම විධාන පිලිබද තොරතුරු මාස 6කට පසු ඉවත් කරන බව එම සමාගම වැඩිදුරටත් පවසා තිබුනා.

ලොව දැනට smart speaker මිලියන 78 පමන බාවිතා වෙනව. ඒ අතරින් බොහොමයක් amazon echo, Google home හෝ Apple homepod උපාංගයි. Amazon සමාගම මේ ආකාරයට විධාන වලට සවන්දෙන බව අනාවරනය උනාට පසුව කල සොයා බැලීම් වලින් අනෙක් සමාගම් දෙකත් මේ ආකාරයටම සිදු කරන බව එලි වී තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...