අද ඔයාලට කියන්න යන්නේ Huawei සමාගමෙන් හදුන්වාදුන්න නවතම wireless තාක්ෂණයක් ගැන. මේ තාක්ශණය හදුන්වන්නෙ NearLink Audio කියලා කියල. මේක මුලින්ම ආවේ Huawei FreeBuds Pro 5 ඉයර්ෆෝන් එකත් එක්ක, NearLink E2.0 විදියට. ඇත්තටම මේක Bluetooth වලට වඩා ගොඩක් දියුණු තැනක තියෙන තාක්ෂණයක්.
සරලව කිව්වොත් NearLink කියන්නේ Huawei සමාගමේම හදපු short-range wireless connection එකක්. Bluetooth වගේ නෙමෙයි, මේක ගොඩක් වේගවත් සහ stable. උදාහරණයක් විදියට ගත්තොත් මේකෙ උපරිම දත්ත වේගය 16 Mbps වෙනවා (Bluetooth LE Audio එකට වඩා 8 ගුණයක් වැඩියි), ඒවගේම එකම වෙලාවේ 2.4 GHz සහ 5.8 GHz යන සංඛ්‍යාත දෙකම භාවිතා කරනවා. ඒ නිසා බස් එකේ, මෙට්‍රෝ එකේ, airport එකේ වගේ ජනාකීර්ණ තැන්වලත් connection එක නැතිවෙන්නෙ නැහැ. Latency එක ගොඩක් අඩුයි, ඒකෙන් ගේම් ගහනකොට හෝ වීඩියෝ බලනකොට lip-sync ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.
මේ තාක්ශනය මගින් Privacy එකටත් වැඩියෙන් අවධානය යොමු කරලා තියෙනවා. L2HC 4.0 codec එකෙන් audio data encrypt කරනවා. මේ NearLink එක දැනට වැඩ කරන්නේ Huawei Kirin A3 chipset එක තියෙන උපාංග සමග විතරයි. ඒ කියන්නේ Pura 80 series (80, 80 Pro, 80 Pro+, 80 Ultra) සහ Mate XT වගේ latest phones වලට ඉදිරි software update එකකින් support එක එනවා. Pura 70 series, Mate 70 Air, Nova 14 වගේ පරණ models වලට මේ feature එක එන්නේ නෑ.














Leave a comment