Home Tech News Internet ලොව ප්‍රථම SMS පණිවිඩය NFT එකක් ලෙස $150,000 මුදලකට අලෙවි වේ
InternetTech News

ලොව ප්‍රථම SMS පණිවිඩය NFT එකක් ලෙස $150,000 මුදලකට අලෙවි වේ

Share
blank
Share

ලෝකයේ පළමු SMS එක වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික programmer කෙනෙක් වෙන Neil Papworth විසින් 1992 දෙසැම්බර් 3 වන දින Vodafone සමාගමේ අධ්‍යක්ෂ වූ Richard Jarvis වෙත “Merry Christmas” කියල සටහන් කරල යවපු පණිවිඩයයි. මේ SMS එක පසුගිය දවසක NFT එකක් ලෙස $149,729 කට පැරිස් වෙන්දේසියකදී අලෙවි වෙලා තියනවා. මේ වෙන්දේසිය පවත්වනු ලැබුවේ Aguttes කියන auction house එක විසින්.

මේ NFT එක ලෙස ලබාදීලා තියෙන්නෙ Neil Papworth විසින් යවපු පලමු පණිවිඩයේ අනුරුවක්. මේක මිලදී ගත්ත තැනැත්තාට පලමු SMS පණිවිඩය යවද්දි සෑදුනු PCAP file එකේ අනුරුවක් සමග ඒ පණිවිඩය ලැබුන විදිහ පෙන්වන ත්‍රිමාණ සජීවීකරණයක් සහිත digital frame එකක් ලැබෙනවා. මේ NFT එක මිලදී ඇරගෙන තියෙන්නෙ අනන්‍යතාව හෙලි නොකල ගැනුම් කරුවෙක්, ඒ වගේම මේකට ගෙවපු මුදල ගෙවල තියෙන්නෙ “Ether” කියන cryptocurrency එකෙන්. Vodafone ආයතනය තහවුරු කරල තියනව මේ වෙන්දේසියෙන් ලැබුන මුදල එක්සත් ජාතීන්ගේ සරණාගත අරමුදලට පරිත්‍යාග කරනව කියල.

NFT කියන්නෙ blockchain තාක්ෂණය භාවිතා කරල digital items වල හිමිකාරීත්වය තහවුරු කරගන්න පුලුවන් digital වත්කම් විශේෂයක්. 2020 සහ 2021 අවුරුදු වලදී NFT වලට විශාල ඉල්ලුමක් අන්තර්ජාලයේ ඇතිවුනා. 2021 මාර්තු වලදි Twitter නිර්මාතෘ Jack Dorsey විසින් ඔහුගේ පලමු Tweet එක NFT එකක් ලෙස වෙන්දේසි කරා වගේම ඒක ඩොලර් මිලියන 2.9 ක් වගේ විශාල මිලකට අලෙවි වුනා. ඒ වගේම World Wide Web (WWW) සඳහා භාවිතා වුන මුල්ම source code එකත් NFT එකක් ලෙස ඩොලර් මිලියන 5.4 කට අලෙවි වෙලා තියනවා.

මේ NFT trend එකට පසුගිය කාලයේ හුඟක් සමාගම් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ වුනා. cryptocurrencies වල මූල්‍ය වටිනාකම් ගැන වාර්තා කරන coinmarketcap.com වෙබ් අඩවියට අනුව 2021 දෙසැම්බර් 23 වෙනකොට NFT වල වෙලඳපොල වටිනාකම හරියටම ඩොලර් 20,915,692.79 වෙනවා. මේ අගය ඉදිරි කාලයේ අනිවාර්‍යයෙන්ම ඉහල යන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...