Home Tech News ට්‍රම්ප් සහ බයිඩ්න් කාර්යමණ්ඩලයේ WhatsApp ගිණුම් හැක්කිරීමේ උත්සහයක්
Tech News

ට්‍රම්ප් සහ බයිඩ්න් කාර්යමණ්ඩලයේ WhatsApp ගිණුම් හැක්කිරීමේ උත්සහයක්

Share
trump-and-biden-whatsapp
Share

Googleසමාගමේ තාක්ෂණික සහායකයින් ලෙස පෙනී සිටිමින් හැකර්වරුන් පිරිසක් ඩොනලඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් සමග සම්බන්ධ වී කටයුතු කරන පුද්ගලයින් ඉලක්ක කරගෙන ඔවුන්ගේ Whatsapp ගිණුම් Hack කිරීමට ගත් උත්සහයක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එසේම මෙවැනි දේශපාලන කටයුතුවල යෙදී සිටින පුද්ගලයින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ Whatsapp ගිණුම් Hack කිරීමට ගත් උත්සහයන් පිලිබද තොරතුරු ඉරානය, ඊශ්‍රායලය, පලස්තීනය, ඉරානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් ලැබී ඇතිබව Metaසමාගම මෑතකදී අනාවරණය කළේය.

මෙලෙස Whatsapp ගිණුම් Hack කිරීමට උත්සහ දැරුවේ ඉරාන රාජ්‍ය අනුග්‍රහය ලබන APT42ලෙස හදුන්වන සයිබර් ඔත්තු කණ්ඩායම බවට බොහෝ දෙනෙකුගේ මතයයි.මෙම කණ්ඩායම බොහෝ අවස්ථාවන්වලදී සෞදි හමුදා නිලධාරීන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඇතුළුව ඉරාන පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන්ගේ තොරතුරු රැස්කිරීම වැනි කටයුතු සදහා මෙම කණ්ඩායම ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම හැකර්වරුන් AOL, Google, Yahoo සහ Microsoft වැනි ආයතනවල තාක්ෂණික සහයකවරුන් ලෙස පෙනී සිටිමින් Whatsapp පරිශීලකයින් වෙත පණිවිඩ යවා ඔවුන්ගේ සංවේදි දත්ත සොරාගැනීමට ලක්කර ඇති බවද තවදුරටත් සදහන් වේ.

SourceMeta

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...