Home Tech News ජීවිතාන්තය දක්වා හිරේ ගිය GTA 6 Hacker
Tech News

ජීවිතාන්තය දක්වා හිරේ ගිය GTA 6 Hacker

Share
blank
Share

අවුරුදු 18 වයසැති Arion Kurtaj නමැති බ්‍රිතාන්‍ය ජාතික හැකර්කරුවා පසුගිය දවසක Rockstar සමාගමේ සර්වර් හැක් කර GTA 6 අලුත් ක්‍රීඩාවේ gameplay footages ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබුනා. මෙම Kurtaj නමැත්තා Lapsus$ නමැති හැකර් කන්ඩායමේ සාමාජිකයෙක්. නවතම වාර්තා වලින් දැක්වෙන්නෙ මොහුට විරුද්ධව සිදුකෙරුනු නඩු විභාගයෙන් පසු මොහුව ජීවිතාන්තය දක්වා රෝහල් බන්ධනාගාරයට යැවීමට නියම කර ඇති බවයි.

blank
Arion Kurtaj

මෙම Kurtaj නම් පුද්ගලයා Autism නම් රෝග තත්වය තිබෙන අයෙක්. ඒ හේතුවෙන් නඩු විභාගයක් සදහා නොසුදුසු බව විනිසුරුවරයා විසින් තීරනය කර මොහුව රෝහල් බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනව. පිටත සමාජයට නැවත මොහුගෙන් අනතුරක් නොවන බව තහවුරුවනතෙක් මොහු එහි සිටිය යුතු බව තීන්දු කර තිබෙනව.

මොහු අගෝස්තු මාසයේදී Uber, Nvidia සහ British telecom provider යන සමාගම් හැක් කර තිබෙනව. එම වැරදි වලට අත්අඩංගුවට පත් වූ මොහු ඇප පිට නිදහස් කර තිබෙනව. එහිදී පොලිස් ආරක්ශාව යටතේ හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පුද්ගලයා ඒ අතරතුර Amazon Fire Stick එකක්, තමන්ගෙ අලුත් ජංගම දුරකතය, කීබෝඩ් එකක් සහ මවුස් එකක් පමනක් බාවිතා කරමින් GTA VI gameplay වීඩියො 90 හැක් කර ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරියා.

මීට අමතරව තවත් Lapsus$ කන්ඩායමේ අවුරුදු 17ක තරුනයෙක් මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුට මාස 18ක පුනරුත්ථාපන නියෝගයක් සහ community sentence ලබාදී තිබෙනව. ඒවගේම virtual private network බාවිතා කිරීම තහනම් කර තිබෙනව.

Kurtaj විසින් GTA VI ට්‍රේලර් එක ලීක් කර තිබුනත් Rockstar සමාගම නිළ වශයෙන් එම වීඩියෝව නිකුත් කල පසු මිලියන ගණනක් එය නැරබුවා. දඬුවම් නියම කිරීමේදී ට්‍රේලරයේ සාර්ථකත්වය සලකා බලන ලෙස Kurtaj ගේ විත්තිකරු විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි අතර, BBC පවසන්නේ Lapsus$ සැබෑ සමාගම්වලට සහ මිනිසුන්ට හානියක් කළ බව විනිසුරු තර්ක කළ බවයි. රොක්ස්ටාර් ගේම්ස් පැවසුවේ මෙම හැකර් ප්‍රහාරයේ හානිය අවම කරගැනීමට ඩොලර් මිලියන 5 ක් වැය කළ බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...