Home Tech News Internet Video Edit කරන්න FREE සහ පහසු Editor එකක්
InternetsoftwareTech News

Video Edit කරන්න FREE සහ පහසු Editor එකක්

Share
blank
Share

Professional Video Edit එකක් කිව්වම අපේ ඔළුවට එන දේ තමයි ගොඩක් Powerful Computer එකක් සහ Adobe Premiere, Sony Vegas Pro, Pinnacle Studio වගේ සංකීර්ණ Software වලින් සිදුකරන වැඩක්. නමුත් ඕනම Computer, Tab, Laptop එකකින් අපට අවශ්‍ය විදිහට Video Edit කරන්න තියෙන පහසුම විදිහ තමයි Flexclip කියන්නෙ.

එහෙමනම් ඔයාගෙ වැඩ වලට හෝ Company එකේ වැඩ වලට Video Editing කරගන්න High-end PC නැතුව Flexclip හරහා ඒ වැඩේ කරගන්න දැන් හැකියාව තියෙනව. Flexclip වල තියෙන්නෙ Cloud එක හරහා ඔයාගෙ Editing වලට අවශ්‍ය Processing power එක වගේම සේවාව ලබාදීමක්. වෙනම Software Download කරන්න Install කරන්න දෙයක් මෙතනදි නැති නිසාත් Processing හැම දෙයක්ම වෙන්නෙ Cloud Servers වල නිසාත් අපේ Editing පහසුවෙන් කරගන්න පුළුවන්. Flexclip Video Editor එක තුල Built in Templates විශාල ගණනකින් ඔයාට ගැලපෙන එකක් තෝරගෙන Pro කෙනෙක් වගේ වැඩ පටන් ගන්න ඔයාට ගගවෙන්නෙ සුළු වෙලාවක්.

Flexclip වල තියෙන Simple Drag and Drop interface එක නිසා Pro level Edit එකක් අඩුම වෙලාවකදි කරගන්න ඔයාටත් පුළුවන්. ඉතින් Flexclip සේවාව අදම පාවිච්චි කරල බලන්න ඔයාට පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන සීමාසහිත පහසුකම් වගේම අවශ්‍ය නම් මාසයක් සදහා $9.99 කට Flexclip සේවාව ලබාගන්න පුළුවන්.

Flexclip සේවාවේ වැදගත් අංගයන්

  • ඉතාමත් සරල interface එක නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් Software එක භාවිතා කල හැකියි.
  • Templates 300කට අධික ගණනක් තිබෙන නිසා ඔයාගෙ Project එකට ගැලපෙන Style එකක් අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වීම
  • විශාල Clip gallery එකක්, Transtition effects, images වගේම Audio clips ලබාදෙන නිසා අවශ්‍ය කරන වැඩිපුර කොටස් Flexclip තුලින්ම හොයාගන්න පුළුවන්
  • සංකීර්ණ Editing වලට Storyboard එකත් එක්කම Timeline එකක් තියෙන නිසා පහසුවෙන්ම Professional Edit එකක් උනත් කරන්න පුළුවන් වීම
  • Cloud Platform එකක් නිසා කිසිම දෙයක් Download කරන්න Install කරන්න නැතිවීම.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...