Home Tech News cyber security වෙනත් ඇප් නිසා නැතිව යන Facebook ආරක්ශාව
cyber securityExplainedsocial mediaTech News

වෙනත් ඇප් නිසා නැතිව යන Facebook ආරක්ශාව

Share
blank
Share

ෆේස්බුක් සේවය භාවිතා කරන දස ලක්ෂයක් පමණ දෙනාගේ ගිණුම්වල විස්තර හැකර්කරුවන් අතට පත්ව ඇති බව මෙටා සමාගම විසින් සොයා ගෙන තිබෙනව. මෙසේ ගිණුම් විස්තර අන් අය අත පත්ව ඇත්තේ, ෆේස්බුක් සේවයේ දෝශයක් නිසා නොව, ඇපල් සමාගමට අයත් ඇප් ස්ටෝර් මෙන්ම ඇල්ෆබට් සමාගමට අයත් ප්ලේස්ටෝර් යන ඇප්ස් ලබා දෙන සේවාවල ඇති දුර්වලතා නිසා බව මෙටා සමාගම පවසා තිබෙනව. මෙවැනි නරක ඇප්ස් 400ක් පමණ ලැයිස්තුවක් මෙටා සමාගමෙන් ප්‍රසිද්ධ කර තිබෙනව. එම ඇප්ස් ලැයිස්තුව මෙතනින් බලන්න.

ඇප්ස්ටෝර් වෙතින් හෝ ප්ලේ ස්ටෝර් වෙතින් හෝ ඇතැම් ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගන්නට යන විට, ෆේස්බුක් සේවය ඔස්සේ ඒවා වෙත ප්‍රවේශ හෙවත් ලොග් වෙන ලෙස දන්වනව. එම ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගන්නා තැනැත්තාගේ විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සදහායි.

මෙම මඟ යොදා ගනිමින් මැල්වෙයා සකසන්නන් ෆේස්බුක් ගිණුම්වල යූසර්නේම්, පාස්වර්ඩ් ඇතුළු එම ගිණුම හඳුනා ගැනීම පිණිස සකසා ඇති විශේෂ තොරතුරු ලබා ගන්නව. එය කරන්නේ, මැල්වෙයා එක් කර ඇප්ස් තනා ඒවා අහිංසක ඒවා සේ වෙස් ගන්වමින්. මෙසේ වෙස් ගන්වා ඇති නරක අයිඕඑස් ඇප්ස් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් මාදිලි සියල්ලම වාගේ මෙටා සමාගම විසින් හඳුනා ගෙන තිබෙනව.

ඡායාරූප ඇසුරෙන් කාටූන් නිර්මාණය කරදීම වැනි ආකර්ශණීය සේවා සපයන ෆොටෝ එඩිටර්ස් ඇප්ස් වැඩි පංගුවකින් තිබෙනව. සාමාන්‍යයෙන් ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ ඇප්ස් වලින් ලබා නොදෙන සේවා ලබාදෙන්නේ යැයි කියනු ලබන ඇප්ස් දෙවැනියට වැඩිම නරක ඇප්ස් මාදිලියයි.

වෙබ් බ්‍රව්සර් වේගය වැඩි කර දෙන ඇප්ස්, බාධා කර ඇති වෙබ් අඩවි වෙත පිවිසෙන සේවා දෙන ඇප්ස්, වීපීඑන් සේවා ඇප්ස් යනාදී බිස්නස් යූටිලිටි වර්ගයේ ඇප්ස් තුන් වැනියට වැඩිම නරක ඇප්ස් මාදිලියයි.

ස්මාට්ෆෝන්වල ඇති ගුණාංග වැඩි කර දෙන ඇප්ස් හෙවත් ෆෝන් යූටිලිටි ඇප්ස් ඊළඟ තැනට වැඩියෙන්ම ඇති මාදිලියයි. ස්මාෆෝන් බැටරි බලය ඉතිරි කර දෙන ඇප්ස්, ෆ්ලෑෂ්ලයිට් එකෙහි එළිය වැඩි කර දෙන ඇප්ස් යනාදිය මේවාට අයත් වෙනව.

ඉතා ඉහළ ත්‍රිමාන ගතියෙන් යුක්ත යැයි විස්තර කර ඇති මොබයිල් ගේම් ඇප්ස්, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට උර දෙන සේවා ඇති ඇප්ස් මෙන්ම, හඳහන කියැවීම, ගීත ඇසීමට ඉඩ දෙන යනාදී එදිනෙදා ජීවිතය පහසු කරන ඇප්ස් අනෙක් ඒවායි.

මෙසේ ෆේස්බුක් ගිණුම් තොරතුරු ලබා ගන්නා හැකර්කරුවෝ, එක්කෝ ඒවා විවිධ පාර්ශවවලට විකුණා ආදායම් ලබනව, නැත්නම් ඒවා ඇසුරෙන් විවිධ ප්‍රචාරක ව්‍යාපාර මෙහෙයවා ලාබ උපයනව. ක්‍රෙඩිට් කාඩ් තොරතුරු හෝ වානිජ වටිනාකමක් ඇති තොරතුරු හෝ වෙතොත් ඒවා යොදා ගෙන අන් අයගේ මුදල් ලබා ගන්නව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...