Press ESC to close

Display Technology ගැන

Display එකක් කියන්නේ අද කාලෙ අපිට නැතුවම බැරි දෙයක්.laptop,tablet,mobile phones හැමදේකදීම දකින්න හම්බෙනව.LCD,LED,IPS,OLED වගේ විවිධ Technologies මේ display වලට use වෙනවා.මේ බ්ලොග් එකෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ display එකක් වැඩ කරන විදිය, එකේ technology එක සහ requirement එකට අදාල display එකක් තෝරාගන්නේ කොහොමද කියල.

ඉස්සර කාලේ මතක ඇති ලොකු, බර මොනිටෝර්ස්/tv තිබ්බ.ඒවා CRT (Cathode Ray Tube) display වලට තමයි වැටෙන්නෙ.කාලයත් එක්ක LCD Monitors/Displays ආවම මේ display දියුණු වෙන්න ගත්ත.අනිත් display ගැන කතා කරන්න LCD display ගැන නොකියම බැරි තරම්!.

Get Your Site Up with A2 Hosting

LCD (Liquid Crystal Display)

LCD display එකක layers කීපයක් තියනවා.පිටිපස්සෙන්ම තියෙන්නේ white Fluorescent back light එකක්.ඊට ඉස්සරහින් polarized glass දෙකක් තියනවා.එකක vertical (තිරස්) සහ අනෙකේ horizontal(සිරස්) අතට තමා light එක යන්න පුළුවන්.ඉතින් දැන් බලනවා ඇති පිටිපස්සේ තියන light එක ඉස්සරහට යන්නේ කොහොමද මේ layers දෙක නිසා කියල. මේ polarized glasses දෙක මැද polarized agents තියනවා, ඒවයින් පලවෙනි polarized ග්ලාස් එකෙන් එන light එකේ direction එක වෙනස් කරනව දෙවෙනි polarized  glass එකෙන් යන්න පුළුවන් විදියට.ඉතින් අවශ්‍ය තැන් වලදී විතරක් light එක pass කරන්න මේක වැදගත්.මේ විතරක් නෙමේ, මෙතනින් එහාට එන light එක තව color filter/ (RGB) subpixel filter  එකකින් filter වෙලා තමා එලියට එන්නෙ.

TFT (Thin Film Transistor)

TFT ගැන බලන්න කලින් බලමු මොකද්ද මේ Passive Matrix display technology එක කියල.ඉස්සර display තිබ්බේ මේ passive matrix  LCD.ඉස්සල්ල කතා කරපු polarized agents වල හැසිරීම වෙනස් කරන්න නම් electrical සිග්නල් එකක් ආයෙමත් යවන්න වෙනවා.මේ ක්‍රමේ හරිම අකර්යක්ෂමයි.පස්සේ කලෙකදී පුළුවන් උනා එක එක pixel එකට dedicated පොඩි transister එකක් ගානෙ display එකට හදන්න.ඉතින් මේක නිසා මේ display TFT  කියලා කියනවා.මේ TFT display වල response time / refresh rate කලින් ඒවාට වඩා ගොඩක් හොදයි.මේ තාක්ශයත් එක්ක TN(Twisted Nematic) , IPS (In-plane switching) display ඇරබුනා.

image : https://s.shld.net/is/image/Sears/s_EOD_LCD_hero_052115-qm-wid-eq-1500-amp-qlt-eq-90,0-amp-resMode-eq-sharp-amp-op_usm-eq-0.9,0.5,0,0,-amp-jpegSize-eq-100-amp-bgc-eq-ffffff

LED (Light Emitting Diode) Display

LED Display කියන්නේ ගොඩක් කට්ටිය පටලවාගන්න එකක් OLED display එක්ක.LED backlit LCD තමා ගැලැපෙන නම.LED display කියන්නෙ LCD වල fluorescent backlight එක වෙනුවට LED backlight එකක් තියන එක.ඉතින් මේ නිසා ගොඩක් current එක ඉතුරු කරගන්න වගේම display එක ගොඩක් හීනියට හදන්න පුළුවන් වෙලා තියනවා.මේ LED display එක්ක එන තවත් අපුරු technology එකක් තමයි Micro Dimming කියන්නෙ.ඒ කියන්නෙ image එකක අදුරු තැන් වලදී backlight එකේ brightness ඒ අදාල LED dimm කරලා ඉතාම තාත්වික image එකක් ලබාදෙන්න පුළුවන්.

OLED (Organic LED) Display

OLED වලදී backlight එකක් නැහැ .ඒ වෙනුවට light එක emit කරන්නේ individual LED bulbs.ඉතින් මේකත් ඉස්සල්ල කතා කරපු passive matrix display වලට තමා වැටෙන්නේ.OLED වලදී individually LED  On /off කරන්න පුළුවන් නිසා ඉතා තාත්වික true black තියන image එකක් බලගන්න පුළුවන්.මෙමගින් අඩු විදුලි බලයක් වැය වෙන්නෙ වගේම හොද brightness ලෙවෙල් එකක් සහ contrast ratio එකක් ගන්න පුළුවන්.

AMOLED (Active Matrix OLED) Display

මේකත් OLED display එකක්ම තමා වෙනස තියෙනේ TFT වල  technology එක පාවිච්චි කරන නිසා Active Matrix OLED  කියල කියනවා.

සාරාංශය 

මේ හැම display එකකම හොඳ සහ නරක දෙකම තියනවා.අද කාලේදී display එකක් ගනිද්දී ස්පෙක් එක වගේම තමන්ගේ අවශ්‍යතාවත් අනිවරෙන්ම බලන්න වෙනවා.laptop/tablet එකක්නම් LED backlit LCD display එකක් ප්‍රමාණවත්. මොකද OLED display එකක් ලොකුවට හදද්දී ගාන ටිකක් වැඩ්යි.Mobile phone එකකටනම් AMOLED display එක ගොඩක් හොඳයි.battery එකත් ඉතුරු වෙනවා colors, vividity, contrast ratio එකත් හොඳයි. professional වැඩ වලට video editing, Image manipulation වලදී IPS තමා හොඳ.හොඳ color quality එකක් වගේම හොඳ view angle  එකකුත් තියන නිසා.Game ගහනවානම් IPS වලටත් වඩා TN panel එකක් හොඳයි, මොකද හොඳ refresh rate එකක් තියන නිසා .TV එකක් ගන්නවානම් OLED තමා හොඳ.හොඳ color quality එකක් සහ contrast ratio එකක් දෙනව OLED වල.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *