Home Tech News Explained Design වලට ලේසියෙන් Font හොයමු
ExplainedTips & Tricks

Design වලට ලේසියෙන් Font හොයමු

Share
blank
Share

ගොඩක් Graphic Designers ලට එන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ Layout වලට Font තෝරගන්න කඩඉම. මේක කඩඉමක් කියල කිව්වෙ ගොඩක් වෙලාවට ඔයා හොදට හිතල බලල දාන Font face එක Client එපා කියල වෙන option ඉල්ලන එක. ඉතින් වෙන වෙන Font දාපු Design clientට යවන්න ඕන.

නැත්නම් Client ලග ඉද්දි Arrow key වලින් Font List එකේ එහා කොනේ ඉදන් මෙහා කොනට යන්න වෙන එක. ඒ වගේම ඔයත් වෙලාව නාස්ති කරනව ඇති Font එකක් හොයන්න. ඉතින් මේ හැම දේටම විසදුම තමයි www.wordmark.it කියන්නෙ.

ඉස්සෙල්ලම  www.wordmark.it  Website එකට යන්න.  මේකට ගියාම ඔයාට මේ වගේ දෙයක් තමයි පේන්න තියෙන්නෙ.

(මේක Adobe Flash මත වැඩ කරන site එකක් නිසා දැනට google Chrome එකේ තමයි වැඩ කරන්නෙ.)

දැන් මෙතන මැද “Wordmark” කියන තැන ඔයාට එක එක style වලින් බලන්න අවශ්‍ය වචනෙ type කරන්න. ඊට පස්සෙ පල්ලෙහා තියෙන “load fonts” button එක press කරාම ඔයාගෙ Computer එකේ තියෙන Fonts වලින් ඒ වචනෙ පෙන්නනව.

මේ තියෙන List එකේ Fonts ලොකුවට පේන නිසා Screen shot එකක් අරන් Client කෙනෙකුට උනත් යවන්න පුලුවන්. ඒ වගේම ලේසියෙන්ම අදාල නම බලාගෙන ඒක ඔයාගෙ Design software එකෙන් ගන්නත් පුලුවන්.

මේ ලිපිය පැහැදිලි නැත්නම් Video එක බලන්න. වැදගත් නම් Share කරන්න අමතක කරන්න එපා.

 

 

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල...

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය...

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි...

Windows වලට අළුතින් හදන intel Chips

Ai Applications වැඩි වශයෙන් එක් කර නවීන මෙහෙයුම් පද්ධතියක් සේ Windows 12...