Home Tech News Perplexity වෙතින් Deep Research වැඩසටහනක්
Tech News

Perplexity වෙතින් Deep Research වැඩසටහනක්

Share
blank
Share

Perplexity සමාගමෙන් ඔවුන්ගේ deep research විශේෂාංගය එලිදක්වා තිබෙනවා. Deep research කියන්නෙ අපි ලබාදෙන ප්‍රශ්නයකට විස්තරාත්මක පිලිතුරක් ලබාදෙන වැඩසටහනක්. මේ වගේ විශේෂාංගයක් පසුගිය කාලයේ Google සමාගම Gemini සඳහාත් OpenAI සමාගම ChatGPT සඳහාත් නිකුත් කලා.

Perplexity කියන්නෙ AI chatbot වැඩසටහනක්. ChatGPT වගේම වේගවත් නිර්වද්‍ය chatbot වැඩසටහනක් වන Perplexity ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඉතින් ඔවුන් මේ එක්කර තිබෙන deep research වැඩසටහන දැනට Perplexity වෙබ් අඩවියෙන් භාවිතා කරන්න පුලුවන්. ඉදිරියෙදි ඔවුන් iOS සහ Android සඳහාත් නිකුත් කරන බව පවසා තිබෙනවා.

මේ deep research වැඩසටහනෙන් අපි ලබාදෙන ප්‍රශ්නයකට වඩාත් නිවැරදි සහ වැඩි විස්තර සහිතව පිළිතුරු ලබාදෙනවා. ඒ පිලිතුරු අපිට pdf එකක් විදියට ලබාගන්න පුලුවන්.

Benchmark වලට අනුව Perplexity deep research වැඩසටහන අනෙක් සමාගම් වල වැඩසටහන් අභිබවා ගොස් තිබෙනවා. එය 21.1%ක අගයක් ලබාගෙන තිබෙනවා. නමුත් Gemini සදහා ඇත්තෙ 6.2% වන අතර Grok-2 සඳහා 3.8% වගේම ChatGPT 4o සඳහා 3.3% වැනි benchmark අගයන් තිබෙන්නෙ.

කොහොමවුනත් විවිධ අවස්තාවන් වලදි මේ AI වැඩසටහන් වැඩකරන විදිය ලබාදෙන පිලිතුරු සහ වේගය එකිනෙකට වෙනස් වෙනවා. සමහර කාර්යයන් සඳහා chatgpt ඉක්මනින් පිලිතුරු ලබාදෙන අවස්තා තිබෙනවා. Perplexity deep research වැඩසටහන අනෙක් වැඩසටහන් අභිබවා ක්‍රියාකරන බව දැනට තිබෙන තොරතුරු වලින් දැනගන්න ලැබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...