Lifepaths
Cyberpunk 2077 ආරම්භවන්නේ අපගේ චරිතය V ගේ අපට තෝරාගත හැකි lifepaths 3කිනි.එකිනෙකට වෙනස් ආරම්භයන් 3ක් වුවත් අවසානයේ main story එකට එකම ආකාරයකට මෙම lifepaths තුන සම්බන්ධ වේ. Nomad, street kid හා corpo යන මෙම lifepaths තුන, main story එකේ V, Night city එකේ කරළියට පැමිණීමට පෙර සිදුකළ දේ පිළිබඳව අදහසක් ලබාගැනීමට වැදගත් වේ.
එක් එක් lifepaths ගැන කෙටියෙන් පහත සඳහන්ය……
Nomad
නගරයෙන් බැහැර ප්‍රදේශයක සිටින සංචාරක යතුරුපැදි කල්ලියක් වන Bakkers කල්ලියේ සාමාජිකයෙකු වන V එම කල්ලියෙන් නික්මයාමෙන් පසු Night city වෙත පිටත්වීමට තීරණය කරයි. Night city හි නව ජීවිතය ආරම්භ කිරීමට පෙර ඔහු Jackie Welles ව හමුවී ඔහුද සමග client කෙනෙකුගේ job එකක් වන Arasaka corporation එකට අයත් වටිනා භාණ්ඩයක් නීතිවිරෝධීව දේශසීමාවෙන් පිටතට රැගෙනයන අතරමගදී Arasaka border patrol එකේ attack එකකටද මුහුණදී දිවිගලවා ගනී. ඉන්පසු V ගේ Night city ජීවිතය ආරම්භ වේ.

Street kid
Night city හි Heywood වල හැදී වැඩුනු V ව අපට දක්නට ලැබෙන්නේ El Coyote Cojo නම් bar එක තුළයි. Bartender වන Pepe සමග අප කතාවට වැටෙන අතර එහිදී Pepe පවසන්නේ Kirk නමැති fixer කෙනෙක්ට ඔහු ණය වී ඇති බවත්, ඉක්මනින් ණය පියනොවූවහොත් Pepe ගේ කකුල් කඩන බවට Kirk තර්ජනය කර ඇති බවත්ය. ඉන්පසු Pepe ට උදව්කිරීම සඳහා Kirk හමුවීමට V යන අතර Kirk, Pepe ගේ ණය නිසා ඔහුට සමාව දීම ප්‍රතික්ෂේප කරයි.ඉන්පසු V,Kirk සමග deal එකක් ආරම්භකරයි. Arasaka corporation සාමාජිකයෙකුට අයත් අධි සුඛෝපභෝගි කාර් එකක් සොරාගැනීමට V ට task එක ලැබෙන අතර මෙය සාර්ථක වූ පසු Pepe ට සමාවදීමටත්, V ට අමතර මුදලක් ලබාදීමටත් Kirk පොරොන්දු වෙයි.කාර් එකේ location එකට ගොස් එය steal කිරීමට සැරසෙන අතරතුර එහිදී එම car එකම සොරකම්කිරීමට පැමිණි Jackie Welles ව V ට මුණගැසේ.එහිදී දෙදෙනා අතර argument එකක් සිදුවන අතර NCPD එනම් Night city පොලීසිය එතනට පැමිණෙන අතර අපව අත්අඩංගුවට ගැනීමට සැරසෙන මොහොතේදී එතනට පැමිණෙන කාර් එකේ හිමිකරු වන Kaoru Fujioka පොලීසියට අණකරන්නේ අපට දැඩි දඬුවම් දෙන ලෙසයි.ඉන්පසු පොලිස් පහරදීමෙන් V ට හා Jackie ට සිහිනැතිවෙන අතර සිහිය එනවිට ඔවුන් සිටින්නේ පටුපාරකය.ඉන්පසු දෙදෙනා කතාබහකර දැන හඳුනාගන්නා අතර V ගේ Night city ජීවිතය එතනින් ආරම්භ වේ.

Corpo
2077දී Arasaka corporation එකෙහි counter-intelligence අංශයේ නිලධාරියෙක් ලෙස V ව මෙහිදී දැකගත හැකිවේ. මෙහිදී V ගේ boss වන Arthur Jenkins ඔහුව අමතා පවසන්නේ වහාම ඔහුව හමුවීමට ඔහුගේ office එකට පැමිණෙන ලෙසයි. Frankfurt හි සිදුවූ Arasaka corporation එකේ data leak එකත් සමග Jenkins මේ වනවිට සිටියේ දැඩි කෝපයෙනි. Office එකට පැමිණි පසු conference call එකක සිටි Jenkins විසින් European space council members ලාව ඝාතනයකිරීමට අණදෙන අයුරු V ට දැකගැනීමට හැකිවේ.ඉන්පසු Jenkins ගේද boss වන Susan Abernathy ඔහුට ඇමතුමකින් බැණවදින්නේ Jenkins විසින් කළ දේ නිසා Frankfurt හි data leak එකෙන් ඇතිවූ ප්‍රශ්න තවත් වැඩිවූ බව පවසමිනි.මෙයින් කෝපයට පත් Jenkins,V ට Abernathy ගැන සියලු තොරතුරු ඇතුළත් data shard එකක් හා මුදල් ලබාදී ඇයව ඝාතනය කරනලෙස අණකරයි.ඉන්පසු V ගේ දිගුකාලීන මිත්‍ර Jackie Welles ව හමුවීමට Lizzie’s bar එකට යන V මේ පිළිබඳ Jackie ට පවසයි.මේ අතරතුර Abernathy විසින් Jenkins,V ට පැවරූ මෙම task එක පිලිබඳ දැනගෙන ඇති අතර V ව හමුවීමට පැමිණෙන Abernathy ගේ Arasaka agents ලා V ගේ මුදල් ලබාගෙන, Arasaka corps හි ඔහුගේ තනතුර අහෝසිකර,ඔහු භාවිතකළ cyberwears සියල්ල අක්‍රීය කර පවසන්නේ Jenkins විසින් ලබාදුන් data shard එක ඔවුන්ට ලබාදෙන ලෙසයි. V වෙනත් විකල්පයක් නොමැතිව data shard එක ඔවුන්ට ලබාදෙයි. Arasaka agents ලා V ව පැහැරගැනීමට උත්සාහකළත් Jackie නිසා එය වැළකේ. Cyberwares සියල්ල එක්වරම disable වීමෙන් පසු දුර්වල වන V බිම ඇදවැටෙන අතර Jackie ඔහුට නැගිටීමට උදව්කරයි. එතනින් පසු V ගේ Night city ජීවිතය ආරම්භ වේ.
කුමන lifepath එක තෝරාගත්තද මෙම lifepaths 3ම එකම main story එකකට සම්බන්ධ වන අතර ඔබ Night city එකේ ජීවිතය ආරම්භකරන්නේ මිතුරු Jackie Wells හා T-Bug නමැති netrunner hacker සමගය.
Plot
මාස 6කට පසු V හා Jackie Wells,Wakado Okada නම් කාන්තාව විසින් ලබාදුන් job එකක් සිදුකිරීමට සැරසෙනු දැකිය හැකිය. Sandra Dorsett නම් කාන්තාව සොයාගැනීමට ඔවුන්ට පැවරී ඇති අතර නියමිත location එකට යනවිට ඇයව scavengers ලා විසින් පැහැරගෙන ඇති බව ඔවුන් තේරුම්ගනී. Sandra ව බේරාගෙන mission එක complete කිරීමෙන් පසු Jackie ගේ වාහනයෙන් ගමන්ගන්නා අපට police checkpoint එකකින් දැනගන්නට ලැබෙන්නේ Watson දිස්ත්‍රික්කය lockdown කිරීමට සැරසෙන බවයි. Jackie විසින් V ව ඔහුගේ apartment එකට ඇරලවන අතර V, rest කිරීමට තීරණය කරයි.

පසුදින Jackie ව හමුවන V ට දැනගැනීමට ලැබෙන්නේ Dexter D Shawn නම් fixer කෙනෙකුගෙන් අපට job එකක් ලැබී ඇති බවය.ඉන්පසු V මෙම job එකට කලින් අලුත් cyberwares කිහිපයක් install කරගැනීමට තම මිත්‍ර ripperdoc කෙනෙකුවන doctor Victor හමුවීමට යයි. Cyberwares install කිරීමෙන් පසු Dexter ව හමුවීමට යන V ට ඔහු පවසන්නේ ප්‍රධාන job එකට කලින් maelstrom නම් gang එකෙන් spiderbot කෙනෙකු ලබාගතයුතු බවයි.එසේම spiderbot ව ලබාගත් පසුවකිරීමට Dexter තවත් job එකක් ලබාදෙයි.ඒ Arasaka corporation එකට අයත් biochip එකක් සොරකම් කිරීමටය.මෙය යම් පුද්ගලයෙකුගේ විඥානය ඒ තුළ තැන්පත් කළහැකි biochip එකකි.අදාල පුද්ගලයා මියගිය පසු ඔහුගේ විඥානය සහිත biochip එක වෙනත් body එකක තැන්පත්කිරීමෙන් එම පුද්ගලයාට නැවත ජීවත්විය හැක.එනම් අමරණීය විය හැක.මෙම biochip එක පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට Evelyn Parker ව හමුවන ලෙස පවසා Dexter පිටත්ව යයි. Evelyn ව හමුවීමෙන් පසු ඇය Judy Alvarez ට V ව හදුන්වාදෙයි. Braindance තාක්ෂණය පිළිබඳ සුපිරි දැනුමක් තිබෙන Judy, Evelyn විසින් Arasaka HQ හිදී capture කරගත් virtual footages භාවිතයෙන් biochip එක තිබෙන ස්ථානය මෙන්ම Arasaka corporation එකේ නිර්මාතෘ Saburo Arasaka ගේ පුතා වන Yorinobu Arasaka සතුව මෙය ඇති බවද ඇය සොයාගනී.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Biochip එක සොරකම් කිරීමට V ඇතුළු කණ්ඩායමට හැකිවේවිද? V ට Night city හි බලයක් ලබාගැනීමට හැකිවේවිද? V ගේ Night city හි ජීවිතය කෙසේ වේවිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩක ඔබට භාරයි.
Gameplay
ක්‍රීඩාවටම විශේෂිත වූ gameplay system එකක් cyberpunk හිදී දැකගත හැක. Night city එනම් main map එක districts කිහිපයකට බෙදා ඇති අතර එහිදී අපට කළ හැකි activities ද ගණනාවක් ඇත.
Main missions වලට අමතරව side missions හා gigs complete කිරීමෙන් V ගේ street cred හා level එක වැඩිකරගත හැක. Street cred විවිධ upgrades හා weapons purchase කිරීමේදී වැදගත්වන අතර level up වීම මගින්ද එසේ විවිධ වාසි ලබාගත හැකිය.

Level up වීම මගින් ලැබෙන attribute points අපට body, intelligence, technical ability, reflexes හා cool ලෙස attributes 5ක් යටතේ භාවිතකළ හැකිය. මෙම attributes අපට විවිධ activities වලදී මෙන්ම dialogue options වලදීද වැදගත් වේ.එසේම එක් එක් attribute points වලට අදාල perks මගින්ද V ගේ abilities upgrade කිරීම කළහැක.
Level up වීම මගින් ලැබෙන attribute points අපට body, intelligence, technical ability, reflexes හා cool ලෙස attributes 5ක් යටතේ භාවිතකළ හැකිය. මෙම attributes අපට විවිධ activities වලදී මෙන්ම dialogue options වලදීද වැදගත් වේ.එසේම එක් එක් attribute points වලට අදාල perks මගින්ද V ගේ abilities upgrade කිරීම කළහැක.
Weapons ගත්කළ melee weapons, tech weapons, smart weapons, explosives ආදී variations රාශියක් දක්නට ලැබේ. එසේම quickhacks ද අඩංගු නිසා අපට game එක තුළදී hacking ද භාවිතකළ හැකිය.මෙම weapons හා quickhacks , common,uncommon,rare,epic හා legendary ලෙස category 5කට බෙදා ඇත.සොයාගන්නා අදාල rarity එකේ components භාවිතකර අපට මේවා craft හෝ upgrade කිරීමද කළහැක.
මීට අමතරව විවිධ cyberwares install කරගැනීම මගින් V ගේ abilities තවත් වැඩිදියුණු කරගත හැකිය. Cyberwares installations, ripperdocs ලාගේ clinics වලදී සිදුකරගත හැක. මීට අමතරව vehicles හා clothing ද අපට purchase කළ හැක.

System Requirements
Cyberpunk 2077 play කිරීමට අවශ්‍ය minimum හා recommended requirements පහත සඳහන්ය…
System | Minimum | Recommended |
CPU | Intel Core i5-3570K or AMD FX-8310 | Intel Core i7-4790 or AMD Ryzen 3 3200G |
GPU | NVIDIA GeForce GTX 780 or AMD Radeon RX 470 | NVIDIA GeForce GTX 1060 or AMD Radeon RX 590 |
VRAM | 3 GB | 6 GB |
RAM | 8 GB | 12 GB |
Storage | 70 GB | 70 GB |
OS | Windows 7 or 10 64-bit | Windows 10 64-bit |
Gaming community එකේ hype එකත් සමග 2020දී release වූ Cyberpunk 2077 game එක මෑතකදී ඒ සඳහා නිකුත්වූ patch 1.5 ත් සමග තවත් features සමගින් update විය. ලෝකයේ graphics වැඩිම පරිගණක ක්‍රීඩාවක් වන Cyberpunk 2077 ඔබ play කළ යුතුම පරිගණක ක්‍රීඩාවකි.