Home Tips & Tricks Hack කරන්න අමාරු Passwords හදමු
Tips & Tricks

Hack කරන්න අමාරු Passwords හදමු

Share
blank
Share

ගොඩක් අය  password එකක් පාවිච්චි කරන්නෙ ඇයි කියන එක ගැන අවබෝධයක් නැතුවයි ඒක පාවිච්චි කරන්නෙ. අපි අල්මාරියකට යතුරු දාල වහන්නෙ ඒකෙ තියෙන දේවල් ආරක්ෂා කරන්න. ගෙදරට lock එකක් දාන්නෙ වෙන කෙනෙක් ඒකට අනවසරයෙන් ඇතුල් වෙයි කියන බයට. මේ විදිහට lock කරල ආරක්ෂා කරන්න හදන්නෙ අපේ පෞද්ගලිකත්වය සහ වටිනා දේවලුයි‍. password එකක් කියන්නෙත් මේ වගේ අපේ electronic උපාංග සහ ගිණුම් වලට දාන lock එකක්.

මේ වෙනකොට අපි පාවිච්චි කරන Phone  එකේ ඉදන් Email, Internet Banking වගේ අතිශය වැදගත් වෙන දේවල් දක්වා ආරක්ෂා කරගන්න Passwords පාවිච්චි කරනව. ඉතින් මේ password එකට 123456 නැත්නම් තමන්ගෙ ID card අංකය නමේ මුල් අකුරු වගේ දේවල් පාවිච්චි කරන අය ඕන තරම් ඉන්නව. මේ ලිපියෙන් කියන්න යන්නෙ ලේසියෙන් මතක තියාගන්න පුලුවන් සංකීර්ණ password එකක් හදන හැටියි.

ගොඩක් අය password එකකට තමන්ට හැමවෙලේම මතක තියාගන්න පුලුවන් සරල දෙයක් පවිච්චි කරන්න හේතුව තමයි password එක මතක නැතිවෙයි කියන බය.  මේකට කරන්න තියෙන්නෙ බොහොම සරල කේත ටිකක් අනුපිලිවෙලට මතක තියාගන්න එක විතරයි.

aM89#live ‍

මේ තියෙන්නෙ ඔයාගෙ ID එකට 123456 ට pet name එකට වඩා කෙනෙකුට හිතන්න අමාරු අංක අකුරු සංකේත වල එකතුවක්. මේක හදාගන්න වගේම මතක තියාගන්නත් ලේසියි.

  • පළවෙනි english අකුරු 2ක එකක් simple එකක් capital විදිහට ගන්න.
  • කැමති ඉලක්කම් 2ක් යොදාගන්න.
  • ඊලගට keyboard එකේ තියෙන සංකේතයක් යොදාගන්න.
  • අන්තිමට ඔයා password එක හදන Account එකට අදාල අකුරු 3ක් පාවිච්චි කරන්න.

දැන් මේ මුල කොටස් 5 එක්ක අන්තිම අකුරු 3න account එකෙන් account එකට වෙනස් කරගන්න පුලුවන්. මම මේ කියන විදිහටම password එක හදන්න ඕන නැහැ. හැබැයි සරල දෙයක් පාවිච්චි කරනවට වඩා මේ වගේ එකතුවක් පාවිච්චි කරන්න. මේ ඉහලින් පාවිච්චි කරපු දේවල් ටිකම මාරු කරලත් වෙනස්ම password හදන්න පුලුවන්.

89aM#live | live89#Ma | #aMlive89

ඉතින් මේක අමාරුයි වගේ පෙනුනට කොටස් වලට වෙන් කරල අනුපිළිවෙල මතක තියාගත්ත නම් ඔයාලගෙ electronic ගිණුම් ආරක්ෂා කරන්න ඒක උදව්වක් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

8 Comments

Leave a Reply

Related Articles

Nvidia Graphic Card එකට අළුත් Drivers Install කරමු

මේ ලිපියෙන් විස්තර වෙන්නෙ Nvidia Graphics තියෙන ඔයාගෙ Laptop එකට Dekstop එකට...

SD card තෝරා ගමු

SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි...

අනතුරුදායක වැඩවලට Windows Sandbox

ළුත් Software එකක් test කරගන්න, email එකට ඇවිත් තියෙන සැක කටයුතු email...

Western Digital Hard Disk Color Codes

Hard Disk එකක් ගන්න ගියාම අපට Toshiba, Hitachi,Seagate WD වගේ එක එක...