Home Tech News Explained ගැලපෙන Monitor එකක් තෝරගමු
ExplainedTech News

ගැලපෙන Monitor එකක් තෝරගමු

Share
Share

Monitor එකක් ගද්දි ඉස්සෙල්ලම බලන්න ඕන ගන්නෙ මොනාටද කියන එක. Gaming වලට නම් TN panel technology තියෙන led screen එක්ක ගන්න එක හොඳයි . Graphic / Video වලට IPS panel technology තියෙන led screen එකක් හොඳයි. Designing වලට ගන්න monitor එකක් නම් අනිවාර්යෙන් 1080p resolution තියෙන ඔයාගේ Graphics Card එකට ගැලපෙන Connection තියෙන Monitor එකක් වීම අනිවාර්යයි.

Gloss / matte

Gloss vs matte screen

පලවෙනියටම බලන්න ඕන මොනිටර එක gloss ද matteද කියල . Matte එකක් ගන්න එක වැඩ වලට වගේම ඇස් වලට ලේසියි .

IPS vs TN Panel technology

IPS vs TN Technology

Ips panel වල accurate colors ලොකු පරාසයක පෙන්නනව. ඒ කියන්නෙ පැත්තකින් උනත් පාට හරියටම පේනව. හැබැයි response time එක TN panel එකකට වඩා වැඩියි. (Pixel එකක පාට මාරු වෙන්න යන වෙලාව.)හැබැයි මේ මිලි තත්පර ගාන අපේ ඇහැට නම් වෙන වෙන්ව අදුන ගන්න බැහැ. TN panel එකක හරි කෙලින්ම බැලුවොත් විතරයි හරියටම පාට පේන්නෙ. අපි computer එක පාවිච්චි කරද්දි හැම වෙලේම කෙලින් බලන නිසා මේක ලොකු ගැටලුවක් නෙවෙයි . හැබැයි මේ TN panel වල response time අඩුයි. ඒ නිසා Gaming වලට මේ panel හොඳයි . මේ ලගදි ඉදන් response time අඩු ips panel එනව.

 

Ports & Connections

Connections & ports on monitor

තියෙන ports බලන්න. HDMi / display port තමයි තව ටික කලෙකින් standard වෙන්නෙ.

Size එක

Best Monitor Size

Monitor size eka සහ resolution බලන්න. 24″ එකක 1280×720 හරියන්නෙ නැහැ. Pixel පේනව.Screen එක ලොකු වෙන්න වෙන්න resolution එක වැඩි වෙන්න ඕන. නැත්නම් DPI – dots per inch ratio එක අඩු උනාම පුන්චි අකුරු වගෙ දේවල් කියවන්න අමාරුයි .

Refresh rate

මේකෙන් කියන්නෙ තත්පරයකට Monitor එකේ තියෙන pixel කොපමණ වාරයක් අලුතෙන් රූප හදන්න පුලුවන්ද කියන එක. සාමානයෙන් අපට රූපයක් Smooth වට පේන්න තත්පරයකට 60 වාරයක් මේක අලුත් වීම ප්‍රමාණවත්. 60Hz Screen එකක් General වැඩවලට හොදටම ප්‍රමාණවත්. දැන් එන monitors වල මීට වඩා refresh rate options තියෙනව. Gaming වගේ නම් 144Hz – 240 Hz වගේ වෙනකම් refresh rate තයෙන Monitor ගන්න පුලුවන්.

මේ ගැන ඔයාට හිතෙන දේ පහතින් vote කරන්න


Graphic Design / Video Editing වලට ගැලපෙන Screen size එක මොකක්ද?

Poll not found

Designing වලට පාවිච්චි කරන්න හොදම IPS panel එකක්ද? නැත්නම් සාමාන්‍ය TN panel එකක්ද?

Poll not found

Brand එක

Monitor එකක් ගන්නකොට Brnad එක බලපානවද එහෙනම් Designing වලට හොදම Monitor Brand එක මොකක්ද?

Poll not found

 

මේ ලිපිය පාදක කරගත්තෙ අපේ කතාබහට අහපු ප්‍රශ්නයක් මතයි. link

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply to AmanthaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...