Home Tech News Light Beams වලින් හදන Processors
Tech News

Light Beams වලින් හදන Processors

Share
Share

විදුලි ධාරා ගමන් කරවී මගින් ක්‍රියාත්මක වෙන සාමාන්‍ය මයික්‍රොප්‍රොසෙසර් හෙවත් චිප් වෙනුවට ආලෝක ධාරා ගමන් කරවීම මඟින් ක්‍රියාත්මක කෙරෙන (light-based microprocessor) අලුත් පන්නයේ චිප් මාදිලියක් සොයා ගෙන තිබෙනව. මේවා දැන් තිබෙන සාමාන්‍ය චිප්වලදී භාවිතා කෙරනවාට වඩා අඩු විදුලි බලයක් යොදා ක්‍රියාත්මක කරන්න පුලුවන්. එසේම ප්‍රොසෙසර් වේගය දැන් තිබෙනවාට පනස් වාරයකින් වැඩි කරන්න පුලුවන්.

ඇමෙරිකාවේ බර්ක්ලි නුවර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ව්ලැදිමීර් ස්ටොනොවික් ඇතුළු පර්යේෂක කණ්ඩායම විසින් සොයා ගෙන ඇති මෙම චිප් තැනීමේ තාක්ෂණය, ප්‍රකාශ පරිගණනය(optical computing) නම් විෂය යටතේ තිබෙනව. එනම් තොරතුරු හුවමාරු කිරීමට විදුලි ස්පන්ද වෙනුවට ආලෝක ස්පන්ද යොදා ගෙන පරිගණක උපාංග තැනීම පිළිබඳ හදාරන විෂයයි.

මෙවැනි ආලෝක ස්පන්ද පාදක කර ගෙන තනන මයික්‍රොප්‍රොසෙසර් හෙවත් ප්‍රකාශ පාදක සකසනවලදී කුඩා ඉඩක් ඇසුරෙන් වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කළහැකිය. දැනට සොයා ගෙන ඇති තාක්ෂණයට අනුව එය, ඝන මිලිමීටරයකදී තත්පරයට ගිගාබයිට් 300ක් වෙනව. එනම් මිලිමීටරයක් දිග – පළල – උස ඇති ප්‍රොසෙසර් කැබැල්ලක් තත්පරයක් ක්‍රියාත්මක වුවහොත් ගියාබයිට් 300ක් තරම් දැවැන්ත දත්ත ප්‍රමාණයක් හුවමාරු කරන්න පුලුවන්. එය සාමාන්‍ය විදුලි ප්‍රොසෙසරයකට වඩා පනස් ගුණයකින් වැඩි ධාරිතාවකි.

මෙහිදී ආලෝක ස්පන්ද නිපද වීමට විදුලිය අවශ්‍ය වෙනු විනා, තොරතුරු හුවමාරු කිරීමට විදුලිය අවශ්‍ය නොවෙන බැවින්, සමස්තයක් වශයෙන් ගත් විට විදුලි පරිභෝජනය අඩුයි. එනිසා ප්‍රොසෙසර් රත්වෙන තරමද අඩුයි. ප්‍රොසෙසරයක න්‍යායාත්මක වේගය ප්‍රායෝගිකව ලබා ගත නොහැක්කේ ඒවා රත්වී වේගය අඩු වෙන නිසායි. එහෙත් ෆොටොනික් ප්‍රොසෙසර්වලදී රත්වීම අඩු බැවින් කාර්යක්ෂමතාව වැඩි වෙයි.

චිපයක ඇති මූලික ඉලෙක්ට්‍රොනික ස්විචය ට්‍රාන්සිස්ටරය යි. අර්ධ සන්නායක සිලිකන් කැබැල්ලක හෙවත් චිපයක මෙම ට්‍රාන්සිස්ටර් පරිපථ මිලියක ගණනක් ප්‍රතිනිර්මාණය කර දැන් භාවිතා කරන චිප් තනා තිබෙනව. එහිදී හැකි තරම් කුඩා ඉඩක වැඩි පුර ට්‍රාන්සිස්ටර් පරිපථ සංඛ්‍යාවක් නිර්මාණය කිරීම මඟින් චිපයේ බලසම්පන්නකම වැඩි කර තිබෙනව.

මෙසේ සිලිකන් චිප් මත ට්‍රාන්සිස්ටර් පරිපථ සකසනු වෙනුවට පරමාණු කීපයක් එක් කර, එනම් පරමාණුක මට්ටමෙන් ට්‍රාන්සිස්ටර් තනා, ඒ ඇසුරෙන් චිප් තැනීමේ නව තාක්ෂනයක්ද තිබෙනව. මෙය ක්වොන්ටම් පරිගණනය ( Quantum computing) නමින් හඳුන්වනව. මෙසේ පරමාණු කීපයක් ඇසුරෙන් තනන ට්‍රාන්සිස්ටර් අතර දත්ත හුවමාරුවටද, ආලෝක ස්පන්ද සම්ප්‍රේෂණය (photonic transmission) කිරීම මඟින් තොරතුරු හුවමාරු කිරීමේ පද්ධති, සම්බන්ධ කළ හැකි බව පර්යේෂකයෝ කියනව.

ඒ අයුරින්ම මෙම ආලෝක ස්පන්ද සම්ප්‍රේෂණ තාක්ෂණය, සාමාන්‍ය චිප් සමඟත් සම්බන්ධ කළ හැකිය. එවිට දැන් චිප් සාදන කර්මාන්ත ශාලා මෙන්ම ඒවා පාදක කර ගෙන සැලසුම් කර ඇති පරිගණක උපාංග එලෙසම ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍රකාශ සකසන හෙවත් ෆොටොනික් ප්‍රොසෙසර් තනන්නට පුළුවන්. එවිට බිහි වෙන්නේ විදුලිය සහ ආලෝකය එක්ව භාවිතා කරන වඩා වෙගවත් සහ බලසම්පන්න දෙමුහුම් (hybrid) ප්‍රොසෙසර් මාදිලියක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • ගොඩක් හොඳ ලිපියක්. අපි නොදන්න දෙයක් දැනගන්ක වෙනස්ම දේවල් කියවන්න ලැබෙන එකට බොහොම ස්තුතියි.

Leave a Reply to දිනාල් සමන්තCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...