Home Games චීන රජය esports නිල වෘත්තියක් ලෙස පිලිගැනීම ආරම්භ කරයි.
GamesTech News

චීන රජය esports නිල වෘත්තියක් ලෙස පිලිගැනීම ආරම්භ කරයි.

Share
Mandatory Credit: Photo by JEON HEON-KYUN/EPA-EFE/REX/Shutterstock (9959505c) China's team Invictus Gaming players celebrate after winning the 2018 LOL World Championship final match between Europe's team Fnatic and China's team Invictus Gaming at Munhak stadium in Incheon, South Korea, 03 November 2018. eSports League of Legends World Championship 2018, Seoul, Korea - 03 Nov 2018
Share

2003 නොවැම්බර් සිට චීන රජය විසින් esports නිල ක්‍රීඩා වැඩසටහනක් ලෙස පිලිගැනීමට පටන් ගත්තා. ලෝකයේ විවිධ රටවල පවතින esports ක්‍රීඩා තරඟ හා mobile gaming වල ජනප්‍රියත්වයත් සමග චීන රජය වෘත්තීය පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා. 2018දි චීන නගර රාශියක් තමන්ගෙ ඉදිරි නගර සැලසුම් තුල esports දියුණු කිරීමට පියවර ගෙන තියනවා. උදාහරණයක් විදිහට Shanghai නගරය ලෝකයේ esports වල අගනගරය වෙන්න සැලසුම් කරනව වගේම Hong Kong වල ආසියාවෙ ලොකුම esports සංකීර්ණය ඉදි කරනු ලැබුවා.

චීන රජයෙ අර්ථ දැක්වීමට අනුව esports වෘත්තිකයන් ලෙස කාණ්ඩ කීපයක් හඳුන්වල දීල තියනව. esports ක්‍රීඩකයන්, Content Creators සහ esports තරඟ සංවිධායකයින් ඒ අතරින් කීපයක්. විවිධ ප්‍රවර්ධන වැඩසටහන් මගින් මේ තරඟ වල මූල්‍යමය වටිනාකම වැඩි කරගැනීම එම තරඟ සංවිධාකයන්ගේ වගකීම වෙනව කියල චීන රජය ප්‍රකාශ කරනවා.

මේ අවුරුද්දෙ පෙබරවාරි 19, චීන රජයේ මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය(CMHRSS) කරපු නිවේදනයකට අනුව තමා මේ විදිහට esports නිල වෘත්තියක් විදිහට චීන රජය සලකනව කියල ප්‍රකාශ කලේ. මේ විදිහට පිලිගන්නෙ මට්ටම් 5කට බෙදල. ඒ එක් එක් පුද්ගලය ලබා තියන ජයග්‍රහණ හා ඒ පුද්ගලයගෙ performance මතයි. ඒ අනුව Level 5 ආරම්භක මට්ටමත් Level 1 ඉහලම මට්ටමත් ලෙස සැලකෙනවා.

ඉහල level එකකට ක්‍රීඩකයෙක්ට promote වෙන්නත් මේ සමග අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ක්‍රීඩකයෙක්ට Level 1 වලට promote වෙන්න ඕනනම් ඒ ක්‍රීඩකයා Level 2 සහතිකය ලබාගෙන වසර 4ක් ක්‍රීඩා කර තිබීම හෝ ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහණය කර තිබිය යුතු වෙනවා. ඒත් සමග අනෙකුත් ක්‍රීඩකයන්ට සමාජයේ විවිධ තැන්වල ලැබෙන වරප්‍රසාද esports වෘත්තියකයන්ටද ලබාගත හැකියි.

මේ තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව පක්ශ විපක්ශ අදහස් දෙකම පලකරනවා. මොනව උනත් esports වලට රජයන්ගේ සහයෝගය ලැබෙන එක හොඳ ප්‍රවණතාවයක් වගේම ලෝකයේ අනෙක් රටවලුත් මේ විදිහට esports වෙනුවෙන් නිල පිලිගැනීමක් ලබා දුන්නොත් ඉස්සරහට ඒ ක්ශේත්‍රය තවත් වේගයෙන් දියුණු වේවී.

Share

3 Comments

Leave a Reply to Sandaru samudithaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...