Home Tech News චීන CPU එක සහිත පළමු Mini PC එක
Tech News

චීන CPU එක සහිත පළමු Mini PC එක

Share
blank
Share

චීනයේ නිෂ්පාදිත CPU එකක් වන Zhaoxin Kaixian CHIP එක සහිත Mini PC එකක් එරට සමාගමක් වන Ruijie Networks විසින් එලිදක්වල. මේත් එක්කම Chinese CPU එක හැමෝටම ගන්න පුළුවන් මට්ටමකට නිෂ්පාදනය වෙන බවක් පේන්න තියෙනව.

 

චීනයෙන් වාර්ථා වෙන අළුත්ම තොරතුරු අනුව චීනය තුල දැන් මේ CPU එක සහිත Mini PC එකක් මිලදී ගැනීමේ හැකියාව නුදුරේදීම ලැබෙයි. Ruijie සමාගෙමේ RG – CT7800 කියන මේ Model Launch එකත් එක්කම Linux OS එකක් එක්ක Office වඩ කටයුතු කරන්න පුළුවන් Mini PC එකේ පහත Configuration එක අඩංගු වෙනව.

KaiXian KX-U6780A

මෙම CPU එක Cores 8ක් තියෙන 16nm තාක්ෂණයෙන් නිමාවූවක්. ඒ වගේම 2.7 GHz speed එකක් (Turbo mode එකක් නැහැ) වගේම 8MB Cache එකක් අඩංගු වෙනව.

CPU එක නිර්මාණය වෙලා තියෙන්නෙ Ball Grid Array කියන Type එකටයි. මෙහිදී CPU එක Motherboard එකටම පාස්සල තමයි නිකුත් කරන්නෙ.

RAM & Storage

  • මෙතනදි Motherboard එකේ DIMM slots 2ක් තියෙනව. 8GB RAM එකක් තමයි අඩංගු වෙන්න‍ෙ.
  • Storage එක විදිහට 256GB SSD එකක් භාවිතා කරල තියෙනව.

මේ දේවල් වලින් පස්සෙ තියෙන වැදගත්ම දේ තමයි මේ Mini PC එකට නිකුත් කරන්නෙ UOS (Unity Operating System) කියන Linux OS එක. මෙතනදි Windows OS එක Run කරන්නත් මේ X86 CPu එකට හැකියාව තියෙනව.

කොහොම වෙතත් මේ CPU එකේ 2.7 GHz 8 Core performance එක අළුත්ම intel / AMD CPU එක්ක තරගකාරී මට්ටමක නැති වෙයි කියල තමයි සදහන් වෙන්නෙ. නමුත් දැනට පවතින AMD / intel තරගයට චීනයෙන් එකතු වෙන CPU එකක් විදිහට මේක ඉතාමත් වැදගත් පියවරක් වෙයි.

මේ අළුත්ම Chinese CPU එක සහ ඒකේ විස්තර ගැන කරපු Video එක මෙතනින් බලන්න.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....