Press ESC to close

Copy Paste නිර්මාතෘ සමුගනියි

CTRL+C සහ CTRL+V කියන්නෙ මොකක්ද කියල දන්නවනම්, ඒ කියන්නෙ පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයාට නැතුවම බැරි අංගයක් විදිහට යොදාගන්න Copy paste Function එක ඔයා නිතරම පාවිච්චි කරනව කියන එකයි.

Get Your Site Up with A2 Hosting

මේක පරිගණක පද්ධතියට හදුන්වල දීපු Lawrence Gordon Tesler 2020 පෙබරවාරි 17 වෙනිද අප අතරින් සදහටම සමුගන්නකොට එයාගෙ වයස අවුරුදු 74ක්. Xerox සමාගමේ Xerox Alto Personal Computer එක හදන්න දායකත්වය ලබාදුන් Tesler එහිදී අද අපි භාවිතා කරන Computer User Interface එක හදන්න විශාල දායකත්වයක් ලබාදුන් කෙනෙක්.

මුල් කාලයේ කාර්යාලීය ලිපි ලේඛණ වල නිවැරදි කිරීම් සදහා වෙනත් printed කොල කපා ඇලවීම වැනි දේවල් කිරීම හරහා හටගත් අදහසක් අනුව පරිගණක Word processor මෘදුකාංගයන් තුලත් Cut Copy Paste වැනි විධාන ඇති කිරීම Tesler ගේ අදහසක් වෙනව.

ඒ වගේම අපි කවුරුත් අද භාවිතා කරන Editors / Word processors “WYSIWYG” – What you see is what you get ලෙස නිර්මාණය විය යුතුය යන්නත් Teslerගේ අදහසක්. මෙයට හේතුව උනේ මුල් කාලයේ පරිගණක Word Processing Software වල Screen Preview එකට වඩා වෙනස් ආකාරයට Print out එක ලබා දීමයි.

මීට අමතරව තවත් යෙදුම් විශාල ගණනක් හරහා Personal Computer එක අපට වඩාත් පහසු කරන්න වගේම පසුව Apple සමාගමට එක් වෙලා ඒ හරහා මුල්ම Apple Macintosh එකට අදාල OS එක නිර්මාණය කරන්නත් Tesler දායක උනා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *