Home Tech News Copy Paste නිර්මාතෘ සමුගනියි
Tech News

Copy Paste නිර්මාතෘ සමුගනියි

Share
blank
Share

CTRL+C සහ CTRL+V කියන්නෙ මොකක්ද කියල දන්නවනම්, ඒ කියන්නෙ පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයාට නැතුවම බැරි අංගයක් විදිහට යොදාගන්න Copy paste Function එක ඔයා නිතරම පාවිච්චි කරනව කියන එකයි.

මේක පරිගණක පද්ධතියට හදුන්වල දීපු Lawrence Gordon Tesler 2020 පෙබරවාරි 17 වෙනිද අප අතරින් සදහටම සමුගන්නකොට එයාගෙ වයස අවුරුදු 74ක්. Xerox සමාගමේ Xerox Alto Personal Computer එක හදන්න දායකත්වය ලබාදුන් Tesler එහිදී අද අපි භාවිතා කරන Computer User Interface එක හදන්න විශාල දායකත්වයක් ලබාදුන් කෙනෙක්.

මුල් කාලයේ කාර්යාලීය ලිපි ලේඛණ වල නිවැරදි කිරීම් සදහා වෙනත් printed කොල කපා ඇලවීම වැනි දේවල් කිරීම හරහා හටගත් අදහසක් අනුව පරිගණක Word processor මෘදුකාංගයන් තුලත් Cut Copy Paste වැනි විධාන ඇති කිරීම Tesler ගේ අදහසක් වෙනව.

ඒ වගේම අපි කවුරුත් අද භාවිතා කරන Editors / Word processors “WYSIWYG” – What you see is what you get ලෙස නිර්මාණය විය යුතුය යන්නත් Teslerගේ අදහසක්. මෙයට හේතුව උනේ මුල් කාලයේ පරිගණක Word Processing Software වල Screen Preview එකට වඩා වෙනස් ආකාරයට Print out එක ලබා දීමයි.

මීට අමතරව තවත් යෙදුම් විශාල ගණනක් හරහා Personal Computer එක අපට වඩාත් පහසු කරන්න වගේම පසුව Apple සමාගමට එක් වෙලා ඒ හරහා මුල්ම Apple Macintosh එකට අදාල OS එක නිර්මාණය කරන්නත් Tesler දායක උනා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...