Home Tech News WhatsApp කෝල් සදහා ලැබෙන Screen Sharing පහසුකම
Tech News

WhatsApp කෝල් සදහා ලැබෙන Screen Sharing පහසුකම

Share
blank
Share

මෑත කාලයේදී WhatsApp වෙතින් නවතම විශේෂාංග රැසක් හදුන්වාදෙනු ලැබුවා. මැසේජස් සදහා පමනක් නොව වීඩියෝ සහ ඕඩියෝ කෝල් සදහාත් මෙලෙස නව විශේෂාංග එක්කරනු ලැබුවා. අලුතින්ම එක්කර තිබෙන විශේෂාංග මගින් ඔබට කෝල්ස් සදහා වඩාත් හොද අත්දැකීමක් ලබාගන්න පුලුවන්.

ඔවුන් නිකුත් කර තිබූ බ්ලොග් පෝස්ට් එකකට අනුව දැන් අපට ඕඩියො සමග screen sharing පහසුකම ලැබෙනවා. මෙය මීටපෙර බීටා පරිශීලකයන් සදහා ලැබී තිබුනා. නමුත් දැන් සියලු දෙනාටම නිකුත් කර තිබෙනවා. මෙමගින් ඔබට මීටින් පැවැත්වීම, ඉගෙනුම් කටයුතු ආදී සියල්ලක්ම WhatsApp මගින් සිදුකරන්න පුලුවන්.

ඒවගේම දැන් ඔබට group video call එකකට ඔබේ මිතුරන් 32නෙකු එක්කර ගන්න පුලුවන්. ඒවගේම ඒ ආකාරයට විශාල පිරිසක් සමග වීඩියෝ කෝල් එකෙ සිටින විට ඒ මොහොතේ කතා කරන පුද්ගලයාව highlight කර පෙන්වීමක්ද සිදුවෙනවා.

ඒවගේම එක්කර තිබෙන තවත් විශේෂාංගයක් වන්නෙ MLow codec එකයි. මෙමගින් සිදුවන්නෙ ඔබ වීඩියො කෝල් එකක් ලබාගන්න විට හොද අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැති වුවත් ඔබේ වොයිස් කෝල්ස් වල ගුණාත්මකබාවය ඉහල දැමීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...