Home Tech News බ්‍රසීල අධිකරණය X තහනම් කරයි !
Tech News

බ්‍රසීල අධිකරණය X තහනම් කරයි !

Share
blank
Share

බ්‍රසීලියානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Alexandre de moraes සහ Elon Musk අතර මාස ගණනාවක් පැවති ගැටුම උග්‍ර කරමින් Twitter ලෙස කලින් හැදින්වූ X සමාජ මාධ්‍ය බ්‍රසීලයේ නිල වශයෙන් තහනම් කර ඇත.අගෝස්තු 30 වනදින ,විනිසුරු ඩී මොරායස් විසින් නියෝගය ලබාදුන් අතර පැය 24 ක් තුළ X සමාජ මාධ්‍යට ප්‍රවේශය සීමා කරන ලෙස බ්‍රසීල සන්නිවේදන ඒජන්සියට නියෝග කලේය.

මෙලෙස X තහනම් කිරීමට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ බ්‍රසීල බලධාරීන් විසින් අප්‍රේල් මාසයේදී X සමාජ මාධ්‍ය පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේදී ඔවුන් මීට පෙර අවහිර කිරීමට නියෝග කර තිබූ ගිණුම් කිහිපයක් නැවත විවෘත කිරීමට Elon Musk කටයුතු කර තිබීමය.බ්‍රසීලය සමාජ මාධ්‍ය වේදිකාවන්හි ප්‍රචාරය වන වැරදි තොරතුරුවලට එරෙහිව ක්‍රියාකාරීව සටන් කරන රටකි.

එසේම X සමාජ මාධ්‍යට ප්‍රවේශ වීමට VPN (Virtual Private Network) භාවිතා කරන ඕනෑම අයෙකුට දෛනික දඩ මුදල ඩොලර් 5000 සිට 8900 දක්වා වනු ඇතැයි බ්‍රසීල අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කරතිබේ.

Elon Musk / Alexandre de moraes

SourceTech Crunch / The Verge

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...