Home Games ඊලඟ GTA පරිගණක ක්‍රීඩාව නිල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින බවට Rockstar නිවේදනය කරයි
GamesTech News

ඊලඟ GTA පරිගණක ක්‍රීඩාව නිල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින බවට Rockstar නිවේදනය කරයි

Share
blank
Share

Rockstar සමාගම මේ වෙද්දි නිල වශයෙන් දැනුම් දීල තියනව Grand Theft Auto ක්‍රීඩා මාලාවේ ඊලඟ එකතුව මේ වෙනකොට සක්‍රීයව සංවර්ධනය කරමින් පවතින බවට. ඒ වගේම මාර්තු 15 GTA V සහ Grand Theft Auto Online නවතම PS5, Xbox Series X සහ S මත නිකුත් කරන්නත් Rockstar බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ තරම් අසාමාන්‍ය සහ දීර්ඝ කාලයක් GTA අලුත් ක්‍රීඩාවක් එළි නොදැක්වීම GTAV සහ එයට සම්බන්ධ online ක්‍රීඩාවට ලැබුන අති විශාල ජනප්‍රියත්වය සහ ඒත් එක්කම Rockstar වලට ලැබුන විශාල ලාභයත් හේතු වෙන්න පුලුවන්. GTAV මුලින්ම එලිදැක්වුනේ වසර අටකට කලින්, ඒ කියන්නෙ 2013 අවුරුද්දෙ PS3 සහ Xbox 360 සඳහායි. මේත් එක්ක සසඳද්දි GTAV නිකුත් කෙරුනෙ GTA IV 2008 නිකුත් වෙලා වසර පහකට පමණ පසුවයි. ඉතින් Rockstar කරපු දැනුම් දීමෙත් මේ පිලිබඳ සඳහන් කරල තියනව වගේම ඔවුන්ගෙ නව ව්‍යාපෘති වල ඉලක්කය කලින් ලබාදුන් දෙයට වඩා හොඳ දෙයක් ලබාදීම කියලත් සඳහන් කරල තියනවා.

ඊලඟ GTA ක්‍රීඩාව හඳුන්වන්නෙ GTA VI නමින් කියලනම් තවම නිල තොරතුරක් නෑ, නමුත් 2008 ඉඳන් භාවිතා කරපු ක්‍රමය විදිහටනම් ඊලඟ ක්‍රීඩාව නම් වෙන්න ඕන GTA VI කියලයි. අලුත් ක්‍රීඩාව මුල් වෙලා තියෙන්නෙ කොහේද හෝ කොයි කාලයේද කියලත් තවම නිල දැනුම්දීමක් කරල නෑ.

ඉදිරියේදී GTA V නිල වශයෙන් තුන්වන පරම්පරාවක consoles වලටත් නිකුත් කරාවී, ඒ current-gen consoles වලට නිකුත් කිරීමත් එක්ක. මේ නිකුත් කිරීම මුලින්ම සිදු කරනව කීවෙ 2021 නොවැම්බර් මාසයේ, නමුත් ඒ දිනය මේ වසරෙ මාර්තු වෙනකන් පසුව කල් දමනු ලැබුවා.

Rockstar සමාගම කියන විදිහට මේ current-gen GTA V සංස්කරණය තුලින් ක්‍රීඩකයන්ට 4K resolution එකක් වෙනකන් වැඩි දියුණු කරන ලද graphics, 60 FPS, ray tracing සහ HDR options අත්විඳින්න හැකියාව ලැබේවි. ඒ වගේම console වලටම advanced haptic feedback වගේ පහසුකම් රාශියක් හඳුන්වාදෙන්නත් සූදානම් වෙනවා. Xbox සහ PS සඳහාම වෙන්වුන GTA Online සංකරණයකුත් හඳුන්වාදෙන්න Rockstar සූදානම් වෙනවා. මේ සංස්කරණය PS 5 මත මුල් මාස තුන නොමිලයේ ක්‍රීඩා කරන්න අවස්ථාවත් ක්‍රීඩකයන්ට ලැබේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...