Home Tech News ළමයින් සදහාම නිපදවා තිබෙන බිග්ෂොට් කැමරාව
Tech News

ළමයින් සදහාම නිපදවා තිබෙන බිග්ෂොට් කැමරාව

Share
blank
Share

කැමරාවක් ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න තේරුම් යන සේ ළමයි වෙනුවෙන්ම තැනූ කැමරාව, බිග්ෂොට්ය. කැමරාව නිර්මාණය කොට තිබෙන්නෙ ඇමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයෙකු වෙන මහාචාර්ය ශ්‍රී නායර් විසින්.

මෙම කැමරාව ලබා දෙන්නේ ළමයින්ට තාක්ෂණ දැනුම ලබාදෙන උපකරණයක් ලෙසයි. කැමරාව එකලස් කර ගන්නට වුවමනා කරන කොටස් සියල්ල අසුරා ඇති පැකේජයක් සේ එය මිලදී ගත හැක. ඉන්පසුව කළයුත්තේ එහි විස්තර පත්‍රිකාවෙන් කියා දෙන උපදෙස් ඔස්සේ යමින් කැමරාව එකලස් කිරීමයි. දැන් සාමාන්‍ය විදියටම එමගින් ඡායාරූප ගන්නට පුළුවන්.

සාමාන්‍ය, ත්‍රිමාන සහ පැනොරැමික් යනාදී ක්‍රමවලට ඡායාරූප ලබා ගත හැකි කාච පද්ධතියක්ද මෙහි තිබෙනවා. මෙම කැමරාව එහි සපයා ඇති ඩේටා කේබලය හරහා පරිගණකයට සම්බන්ධ කළ හැකියි. එහිදී කැමරාවේ සටහන්වූ ඡායාරූප සංස්කරණය කර ගන්නටත් පුලුවන්.

මෙම කැමරාව නිර්මාණය කොට තිබෙන්නේ සාමාන්‍ය කැමරාවක තිබිය යුතු සියලු කොටස් එපරිද්දෙන්ම තිබෙන සේ. එහෙත් ඒවා එකින් එක එකලස් කරගත හැකි සේ නිර්මාණ ස්වරූපය සරල කොට හැඩ ගස්වා තිබෙනවා. ඉස්කුරුප්පු ඇණ, ස්ප්‍රිං වැනි දේ පවා ලබා දෙන්නේ වෙන් වෙන් වශයෙන්. ඒ සියල්ල පිළිවෙළට එකලස් කර ගැනීමේ වගකීම ළමයාටම පැවරේ. එවිට කැමරාව එකලස් කරන ළමයා එහි කොටස් සියල්ල ගැන දනී. එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියා දනී. එහි දෝෂයක් මතු වුව හොත් හෝ අබලන් වුවහොත් එය අලුත්වැඩියාකර ගන්නටත් දනී.

බිග්ෂොට් කැමරාවේ බැටරිය බැස ගියොත් එය චාර්ජ් කර ගන්නට අත් චාජරයක් තිබෙනවා. එනම් බිග් ෂෝට් කැමරාවක් ඇති දරුවා පොඩි පහේ තාක්ෂණඥයෙක්. එනයින් මේ කැමරා ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ අධ්‍යාපනය සඳහා වෙන කැමරාව (The Camera For Education) වශයෙන්.

දරුවන්ට මෘදුකාංග දැනුම දෙන නිෂ්පාදන ඕනෑ තරම් තිබුණාට දෘඩාංග දැනුම දෙන නිෂ්පාදන බොහෝ අඩු නිසා මෙම කැමරාව නිර්මාණය කරන්නට තමා සිත් යොමු කළ බව මහාචාර්ය ශ්‍රී නායර් කියයි. ඔහුගේ මෙම ව්‍යාපෘතියට මුදල් ආධාර ලබා දී තිබෙන්නේ ගූගල් සමාගම සහ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. හොං කොං හි පිහිටි එඩියු සයන්ස් (Edu Science) සමාගම විසින් කැමරාව නිෂ්පාදනය කරනු ලබයි.

මෙම කැමරාව එකවරම නිර්මාණය කළ එකක් නොවේ. වසර 2006 පටන් මෙහි මූලාකෘති තනා ඒවා ඉන්දියාවේ, ජපානයේ, වියට්නාමයේ සහ ඇමෙරිකාවේ ළමයින්ට දී අත්හදා බලා තිබෙනවා.

ළමයින්ට ඕනෑ තාලයට සහ තනියෙන් එකලස් කළ හැකි සේ එහි සැලසුම බොහෝ වාර ගණනකදී වෙනස්කොට තිබෙනවා. එනිසා බිග් ෂොට් කැමරාව තාක්ෂණය හුරු කරනු වස් ළමයෙකුට දියහැකි හොඳම මෙවලමක් සේ විස්තර කොට තිබේ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...