Home Tech News Budget එකට Gaming ලැප් එකක්
Tech News

Budget එකට Gaming ලැප් එකක්

Share
blank
Share

Lenovo LOQ 15ARP9 (Ryzen 5 + RTX 3050) Review
Lenovo LOQ යනු Lenovo Brand එකෙන් ලාභදායි මිලට Gaming Laptop නිකුත් කරන ලැප්ටොප් Series එකක්. අද අපි කතා කරන්නේ LOQ 15ARP9 ලැප්ටොප් එක ගැන. මෙම ලැප්ටොප් එක සාමාන්‍ය ගේමින්, වීඩියෝ එඩිටින්, සහ එදිනෙදා වැඩ සඳහා සුදුසු ලැප්ටොප් එකක්. Ryzen 5 7235HS CPU එකක් සමග RTX 3050 6GB ග්‍රැෆික් කාර්ඩ් එකක් මෙම ලැප්ටොප් එකේ අපිට දකින්න පුලුවන් . 144Hz 100% sRGB Display එකක් තියෙන නිසා Video editing සහ Graphic design වගේ වැඩ වලටත් මේක ඉතාම හොද ලැප්ටොප් එකක්. තව ඔබට DDR5 12 GB RAM එකක් සහ 512 GB Storage එකක් තිබෙන අතර අමතර M.2 සහ Ram Slot තිබෙන නිසා RAM සහ Storage ඔබට අවශ්‍ය පරිදි Upgrade කිරීමට හැකියාව ලැබේ.


ඔබට මෙහි තිබෙන RTX 3050 6GB GPU සහ Ryzen 5 CPU එකෙන් අලුත් ගේම්ස් title , Medium/ High / Ultra Graphics වලින් Playable Frame rate එකකින් Play කරන්න පුලුවන්. (Crack Games වල smooth Game play එකක් බලාපොරොත්තු වීමට නොහැක ) Graphics Settings Optimize කර වඩාත් Playble FPS එකක් ඔබට ලබා ගත හැකි අතර RTX ග්‍රැෆික් කාඩ් වල ඇති DLSS තාක්ෂණය උපයෝගී කරගෙන ඔබගෙ Gaming Experience එක Next Level අරන් යන්නත් පුලුවන්.

ලැප්ටොප් එකේ උෂ්ණත්වය පාලනයටමෙහි Dual Fan System එකක් තිබෙන අතර ඔබ එක දිගට වැඩ කරන කෙනෙක් නම් , උණුසුම් කාලගුණයක් ඇති ප්‍රදේශවල සිටින අයෙක් නම් Cooling Pad භාවිතා කිරීම වඩා සුදුසු ය. ලැප්ටොප් එකක සීමිත ඉඩකඩක් තිබෙන නිසා එහි උෂ්ණත්වය පාලනය කර ගැනීම , හොද performance එකක් ලබා ගැනීමට හා ලැප් එකේ ආයුකාලය වැඩි කරගන්න ඉතා වැදගත් වේ.

DDR5 RAM, Copilot Key, Gen4 SSD Support සහ Useful AI Features තිබෙන නිසා මෙය Further ready laptop එකක් ලෙස හදුන්වන්න පුලුවන් . අනාගතයෙ පැමිණෙන Games සහා SOFTWARE වලට මෙම ලැප්ටොප් එක ඉතා යොග්‍ය වේවි. ඔබට මෙහි Storage සහ RAM Upgrade කිරීමටද අමතර slot තිබෙන නිසා අනාගතයේ දී ඔබට අවශ්‍ය පරිදි එවා Upgrade කිිිිිරීමට හැකියාවත් තියෙනවා.

ඉතිං ඔබත් අවුරුදු දෙකක Genuine Warranty එකත් එක්ක එදිනෙදා වැඩ කටයුතු සිදු කරන්න සාමාන්‍ය powerful ලැප්ටොප් එකක් Budget එකට හොයන කෙනෙක් ද ? එහෙනම් ඔබටත් පුලුවන් මේ ලැප් එක මිලදී ගන්න. ලංකාව තුල දී වලංගු වන වගකීමක් සහිතව මේවා මිලදී ගැනීම ඉතාම වැදගත් වේ. සමහර විට ඔබට මෙම ලැප්ටොප් එකත් Genuine Warranty නොමැතිව ඉතා අඩු මිලකට ලබා ගැනීමට හැකිවේවි. නමුත් දෝෂයක් සිදු වී ඔබට Warranty Claim කරන්න සිදු වුවහොත් ඔබට ලැබුනු කුඩා ලාබයට වඩා විශාල පාඩුවක් සිදු වන බව මතක තියාගන්න.

Click to buy this Lenovo LOQ 15ARP9

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...