Home Tech News Ai Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්
AiTech News

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Share
Share

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද ඩොලර් බිලියනක 10 ක් වටිනා AI චිප් නිෂ්පාදන ගනුදෙනුව, AI hardware ක්ෂේත්‍රයේ විශාල පියවරක් ලෙස සැලකෙනවා. මෙම ගනුදෙනුව මගින් Broadcom සමාගම OpenAI සඳහා custom-designed AI accelerator chips නිෂ්පාදනය කිරීමට කැපවී සිටිනවා, එමඟින් GPT-5 වැනි උසස් AI මාදිලි training කිරීම සහ inference එකේ කටයුතු සඳහා අවශ්‍ය computing power එක සපයනු ඇත. Broadcom හි CEO Hock Tan පවසන්නේ, මෙම ගනුදෙනුව “immediate and fairly substantial demand” එකක් ඇති කර ඇති බවයි. 2026 වසරේදී Broadcom හි custom chip division එක Nvidia සමාගමේ GPU business එකට වඩා වේගයෙන් වර්ධනය වනු ඇතැයි HSBC විශ්ලේෂකයන් පවසනවා.

OpenAI සමාගම, AI workloads සඳහා Nvidia GPU විශාල වශයෙන් භාවිතා කරනවා, Broadcom සමඟ custom chip development එකක් ආරම්භ කිරීම AI infrastructure වල විශාල වෙනසක් ලෙස සැලකෙනවා. මෙම chips “XPUs” ලෙස හැඳින්වෙයි, ඒවා general-purpose GPU වලට විකල්පයක් ලෙස සැලකෙන අතර, OpenAI සමාගමේ අභ්‍යන්තර භාවිතය සඳහා පමණක් යොදා ගැනීමට බලාපොරොත්තු වේ. Broadcom සමාගම Google, Amazon, Meta වැනි විශාල සමාගම් සමඟද custom chip development කටයුතු සිදුකරමින් සිටී.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...