Home Tech News AI විශේෂාංග සහිත ඇපල් සමාගමේ නවතම M4 Chip
Tech News

AI විශේෂාංග සහිත ඇපල් සමාගමේ නවතම M4 Chip

Share
blank
Share

පසුගිය දින තිබුනු ඇපල් ඉවෙන්ට් එකෙදි ඔවුන් එලිදක්වපු iPad Air සහ iPad Pro සමග හදුන්වාදුන් තවත් එක් දෙයක් තමයි ඔවුන්ගෙ නවතම M4 chip එක. iPad Air සදහා M2 chip එක යොදා ඇති අතර iPad Pro සදහා මෙම නව M4 chip එක යොදාගෙන තිබෙනවා.

මෙම M4 chip එක නිශ්පාදනය කර තිබෙන්නෙ දෙවන පරම්පරාවේ 3nm ක්‍රියාවලියට අනුවයි. ඒවගේම එය නිර්මානය කර තිබෙන්නෙ නවතම Tandem OLED Display එක සදහාත් සහය දක්වන ලෙසයි. මෙහි performance cores හතරක් සහ efficiency cores හයක් අඩංගු වෙනවා. ඒවගේම 10-core GPU එකක්ද තිබෙනවා. එයත් සමගම ray-tracing එක්කර තිබීමත් විශේෂත්වයක්. කලින් තිබුනු චිප් එකට වඩා 4 ගුණයක් වේගවත් GPU performance මෙමගින් ලබාගත හැකි බව ඇපල් සමාගම පවසා තිබෙනව.

මෙම චිප් එක AI කාර්යයන් සිදු කිරීමට නිර්මානය කර ඇති අතර ඒ සදහා 16-core neural engine එකක් සහ ML accelerators (Machine Learning Accelerators) අඩංගු කර තිබෙනවා. ඒ නිසා කලින් නිකුත් කල චිප් එකට වඩා 1.5x faster CPU performance මෙමගින් ලබාගන්න පුලුවන්.

ඇපල් සමාගම පවසන ආකාරයට මෙම චිප් එකට තත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියන 38 සිදුකිරීමේ හැකියාව තිබෙනවා. එය ඔවුන්ගේ A11 Bionic chip එකට වඩා 60 ගුණයක් වේගවත්.
එනිසා iPadOS සමඟ සම්බන්ධ වූ M4 චිපයට generative AI models, cloud-based solutions සහ Microsoft Copilot සහ Adobe Firefly වැනි බලවත් AI යෙදුම් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.

නව M4 චිපය සහිත iPad Pro අඟල් 11 මාදිලිය ඩොලර් 999 කින්ද අඟල් 13 මාදිලිය ඩොලර් 1299 කින්ද ආරම්භ වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...