Home Tech News Phones Foldable iPhone තොරතුරු Leak වෙයි
PhonesTech NewsUpdates

Foldable iPhone තොරතුරු Leak වෙයි

Share
blank
Share

Apple සමාගම තමන්ගෙ Foldable Smart Phone Prototype 2ක් සාර්ථකව අත්හදා බැලීම් නිමකර ඇති බවට අළුත්ම තොරතුරු වාර්ථා වෙනව.

Apple iPhones නිෂ්පාදනය කරන චීනයේ Shenzen වල පිහිටි Foxconn Factory එක යටතේ සිදු කල මෙම අත්හාදා බැලීම motorola Flip වැනි Flip Model එකක් සහ Microsoft Surface Duo වැනි Screen 2ක් සහිත model එකකින් සමන්විත බවටයි ආරංචි වෙන්නෙ. කෙසේ වෙතත් මේ ප්‍රයත්න දෙකම Durability Test එක සමත් වී තිබෙනව.

Apple සමාගම මෑතක සිට වෙළදපොලට යම් නව Device එකක් නිකුත් කරන්නේ එය මගින් market එකේ පෙරමුණ ගැනීමේ හැකියාවක් ඇත්නම් පමණයි. හැම දෙනාම Smart Watch නිපදවීම සදහා යොමු වන විට Apple සමාගම තරමක් පසුවයි තමන්ගෙ Apple Watch එක නිකුත් කරන්නෙ. එහි සංස්කරණ කීපයකින් පසුව දැන් වෙළදපොලේ ඇති හොදම Smart Watch එක බවට ඔවුන් පත්ව තිබෙනව.

Apple සමාගම තමන් Foldable Phone එකක් නිපදවීම ගැන කිසිම නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත් Foldable / Flip Design සදහා patent Designs දිගටම ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්න ලැබෙනව. මේ සමගම Samsung, Huawei, Xiaomi, TCL, OPPO වැනි සමාගම් වල Foldable Phone Concept වලට වඩා සාර්ථක Device එකක් නිකුත් කිරීමට Apple සමාගම තම අවධානය යොමු කර ඇති බව අනුමාන කල හැකියි.

Foldable iPhone එකක් 2021 දි බලාපොරොත්තු විය නොහැකි උනත් මේ වනවිට ලැබෙන තොරතුරු අනුව 2022 මුල්භාගය තුල මෙහි නිල තොරතුරු දැනගත හැකිවනු ඇති.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

  • අයියා මම මේ විස්තර යුටියුබ් විඩියෝ එකක් කරන්න ගත්තට කමක් නැද්ද

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...