Home Tech News මැන්ඩරින් භාශාව ඉගෙන ගන්න ඇමරිකානුවන්
Tech News

මැන්ඩරින් භාශාව ඉගෙන ගන්න ඇමරිකානුවන්

Share
blank
Share

ඇමරිකාව ටික්ටොක් තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වෙන්න නියමිත නිසා ඇමරිකාවේ සිටින ටික්ටොක් පරිශීලකයන් මේ වෙනකොට තවත් චීනයේම සමාගමක් විසින් සංවර්ධනය කරන RedNote ඇප් එක බාගත කිරීමේ සෙනග වැඩිවෙලා තියනවා. මේ ඇප් එක තියෙන්නෙ චීනයේ මැන්ඩරින් භාශාවෙන් නිසා ඇමරිකානුවන් මැන්ඩරින් භාශාව ඉගෙනගැනීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙන බව Duolingo සමාගම පවසා තිබෙනවා.

Duolingo කියන්නෙ භාශාවන් ඉගෙන ගන්න තියන නොමිලේ බාවිතා කරන්න පුලුවන් ඇප් එකක්. විශාල පරිශීලකයන් පිරිසක් මේ ඇප් එක බාවිතා කරනවා. ඉතින් මේ Duolingo සමාගමට අනුව 216% ප්‍රතිශතයක් එක්වරම මැන්ඩරින් භාශාව ඉගෙන ගන්න Duolingo ඇප් එක භාවිත කර තිබෙනවා. මේ පිලිබදව Duolingo සමාගමෙන් X පනිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුනේ “Oh so NOW you’re learning mandarin,” යනුවෙනි.

කෙසේ වෙතත්, චීනය පදනම් කරගත් RedNote (Xiaohongshu) චීන ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කර ඇති නිසා, ඇප් එකෙ default language එක විදියට තියෙන්නෙ මැන්ඩරින් භාශාවයි. ඒ හේතුව නිසයි Duolingo භාෂා ඉගෙනුම් ඇප් එක භාවිතා කර කෙටි පාඨමාලාවක් හදාරන එක්සත් ජනපද පරිශීලකයින් සංඛ්‍යාව වැඩිවෙලා තිබෙන්නෙ.

මේ විදියට අලුතෙන් RedNote වෙත එක්වෙන පිරිස හදුන්වන්නෙ TikTok Refugees එහෙමත් නැත්නම් TikTok සරණාගතයන් විදියටයි. මේ විදියට මැන්ඩරින් භාශාව ඉගෙන ගන්න විශාල පිරිසක් පෙලබිලා තියන නිසා Duolingo ඇප් එකෙ බාගත කිරීමත් විශාල වශයෙන් වැඩිවෙල තිබෙනවා. ඇමරිකාව තුල පමනක් 36%කින් Duolingo ඇප් බාගත කිරීම් වැඩිවෙල තිබෙනවා. සතියකට කලින් Duolingo ඇප් එක playstore එකෙ තිබුනෙ 40 වෙනි ස්තානයෙ වුනත් දැන් එය 22 වෙනි ස්තානය දක්වා ඉදිරියට පැමින තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...