Home Tech News AMD RYZEN ගැන දැනගමු
Tech News

AMD RYZEN ගැන දැනගමු

Share
Share

කාලෙකට පස්සෙ AMD සමාගම නිකුත් කරපු අලුත් AMD CPU line up එක තමයි RYZEN කියන්නෙ. ZEN කියන කේත නාමය යටතේ අවුරුදු 2ක් පුරාවට වැඩිදියුණු කෙරුණු මේ processor එක මුල ඉදන්ම අලුත්ම සැලසුමකට අනුවයි හදල තියෙන්නෙ. 2017 පෙබරවාරි ඉදන් ලොකය පුරාම විකිණන්න පටන් ගත්ත RYZEN CPU එක ගැනයි මේ ලිපිය.

මුලු ලොකයෙම Computer CPU නිපදවන සමාගම් දෙක අතරින් AMD සමාගම හදුන්වා දීපු RYZEN Processor එක තමයි මේ දවස්වල හැමදෙනා අතරම කතා බහට ලක්වෙන කාරණය වෙලා තියෙන්නෙ. RYZEN 7 | RYZEN 5 සහ RYZEN 3 විදිහට වෙළදපලට නිකුත්කරන මේ CPU වල නම් Intel සමාගමේ Core i7, Core i5 සහ Core i3 වලට සමාන වෙන්නයි දාල තියෙන්නෙ.

තමන්ගෙන් හිමින් සැරේ ගිලිහෙන CPU market එක ආයෙත් අත්පත් කරගන්නයි මේ සැරේ AMD සමාගමේ සූදානම. තමන්ගෙ හැම CPU එකක්ම unlock කරල (overclock) කරන්න පුලුවන් විදිහටයි මේ සැරේ AMD සමාගම නිකුත් කරන්නෙ. ඒ වගේම intel සමාගමේ සාමාන්‍ය i7 එකකට උපරිම එන quad core (core 4) කට වඩා AMD CPU වල 8 core එහෙමත් නැත්නම් 6 core විදිහට තමයි RYZEN 7 CPU එන්නෙ.RYZEN 5 වලදි 6core වගේම 4 core විදිහට තමයි CPU නිකුත් වෙන්නෙ. තාම RYZEN 3 ගැන නම් තොරතුරු වාර්තා නොවුනත් ඒකෙදිත් 4 core සහ 2core විදිහට CPU නිකුත් වෙයි කියල හිතන්න පුලුවන්.

දැනට නිකුත් කරල තියෙන benchmark අනුව AMD RYZEN CPU lineup එක වඩාත්ම සුදුසු multicore වැඩියෙන්ම පාවිච්චි කරන Video editing, 3D rendering, Animation වගේ PC build වලටයි. මොකද ගොඩක් PC games තාමත් පාවිච්චි කරන්නෙ CPU core 2ක් නිසා. intel system එකකට වඩා අඩු මුදලකට 8core / 6 core build එකක් හදාගන්න AMD RYZEN කියන්නෙ හොද ආයෝජනයක්.

AMD system එකක් හදන්න කැමති අය වගේම ඒ ගැන ප්‍රශ්න තියෙනවනම් පහතින් comment එකක් දාන්න…

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...