Home Tech News CPU AMD වෙතින් intel වලට 5nm ප්‍රහාරයක්
CPUTech News

AMD වෙතින් intel වලට 5nm ප්‍රහාරයක්

Share
Share

මීට අවුරුදු 5කට කලින් Consumer Processor Market එකේ AMD සමාගම intel සමාගම පහුකරගෙන යාවි කියල කවුරුවත් හිතුවේ නැහැ. නමුත් අද intel සමාගම පහුකරගෙන විතරක් නෙමෙයි, intel සමාගමට අල්ලගන්න බැරි තරම් පිම්මක් AMD සමාගම පැනල තියෙනව.

මේ Performance පිම්ම හරියටම AMD සමාගමට පනින්න පුළුවන් උනේ Zen Architecture එකෙන් පටන් ගත්ත AMD RYZEN CPU 7nm වලින් නිකුත් කරන්න පටන් ගත්තට පස්සෙ. මේ එක්කම AMD සමාගමට මේ පළමු ස්ථානයේ තව කොපමණ කාලයක් රැදෙන්න පුළුවන්ද කියල හොයන අයට කියන්න තියෙන්නෙ AMD සමාගම තමයි මීලගට පළමුවෙන්ම 5nm Lithography Process එකෙන් CPU නිෂ්පාදනය කරන්න යන්නෙ කියන එක.

ඉදිරි වසර කිහිපය..

මේකෙන් සරලවම කියන්නෙ තව කාලයක් යනකම් intel සමාගමට Performance / Value Segment එකට Architecture මට්ටමින් තරග කරන්න බැරි වෙනව කියන එකයි. මේ නිසා intel සමාගම තමන්ගෙ 10th Gen CPU (10th gen Desktop CPU නිකුත් වෙන්නෙ 14nm වලින්) වලට වැඩි පහසුකම් එකතු කරමින් වෙළදපොළට නිකුත් කිරීමේ උත්සාහයක නිරත වෙනව.

මේ AMD RYZEN සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධාන දායකත්වය TSMC සමාගමයි. AMD CPU නිර්මාණය කරන්නෙ AMD සමාගම උනාට ඒව නිෂ්පාදනය කරන්නෙ Taiwan Semiconductor Manufacturing Company සමාගමයි. නමුත් intel සමාගම තමන්ගෙ CPU තමන්ගෙම Fabs වල නිෂ්පාදනය කරනව. මේ නිසා intel සමාගම තවමත් රැදිල ඉන්නෙ 14nm තාක්ෂණයෙ. AMD සමාගමත් මේ විදිහට මුලින්ම තමන්ගෙම CPU නිෂ්පාදනය කලත් පසු කාලීනව TSMC වෙත යොමුවීම මේ වන විට මල්ඵල ගැන්වී තියෙනව.

TSMC සමාගමේ තාක්ෂණික දායකත්වය…

TSMC සමාගම ලෝකයේ ප්‍රධාන Silicon Fabrication Lab එකක්. ඔවුන් විවිධ සමාගම්වලට තමන්ගේ තාක්ෂණය හරහා Chips නිෂ්පාදනය කරනව. මේ නිසා ඔවුන්ට තමන්ගෙ හසල අත්දැකීම් සමග අළුත් තාක්ෂණයන් අත්හදා බලන්න හැකියාව තියෙනව.

intel සමාගම තමන්ගෙම Fab වල නිෂ්පාදනය කරන්නෙ තමන්ගෙම Chips පමණක් නිසා අළුත් තාක්ෂණික පියවර වලට යන්න තමනගේ සීමිත අත්දැකීම් උපයෝගී කරගෙන අත්හදා බැලීම් කරන්න ඕන. මේ නිසා තවමත් intel සමාගමට තමන්ගෙ 14 nm වලින් 10nm වලට සාර්ථක ප්‍රතිඵල සහිතව ගමන් කරන්න නොහැකි වෙලා තියෙනව.

2020දි නිකුත් වෙන AMD RYZEN 4XXX වලදි එන්නෙ දැනට තියෙන 7nm architecture එක මතම දියුණු කරපු CPU. 5nm Architecture එක ZEN 4 වලදි ඒ කියන්නෙ 2021දි අපට දැකගන්න පුළුවන්.

AMD සමාගම මේ විදිහෙ Road Map එකක් ගැන සැලසුම් කරද්දි intel CFO – George Davis මෑතකදි Webcast එකකට එකතු වෙමින් කියල තියෙන්නෙ intel සමාගමට 5nm කෙසේ වෙතත් දැන් තියෙන 14nm වලින් 10nm පහු කරගෙන 7nm වලට එන එකත් විශාල අභියෝගයක් කියලයි.

මූලාශ්‍රය – Pcgamer.com

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply to yohanrjCancel reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...