Home Tech News Ai AMD Instinct – Ai Chip එක
AiExplainedTech News

AMD Instinct – Ai Chip එක

Share
blank
Share

මෙම 2024 වසරේදී වෙළෙඳ පොළට එන ලැප්ටොප් පරිගණකවලට යොදා ගැනීම පිණිස අලුත් මොබයිල් චිප් කාණ්ඩය, AMD Instinct එම්අයි 300 නම් මෙම අලුත් චිප් මාදිලිය මෙයට කලින් ඉදිරිපත් කළ එම්අයි 250 කාණ්ඩයේ චිප්වලට වඩා එකහමාර ගුණයකින් වේගවත්.

කෘත්‍රිම බුද්ධි වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක කළ හැකි මෙම චිප් සකසා තිබෙන්නේ LLM මාදිලියේ වැඩසටහන් ක්‍රියාත්මක කරවනු පිණිසයි. LLM හෙවත් large language model යනු කෘත්‍රිම බුද්ධි වැඩසටහනක්. තවත් කෘත්‍රිම බුද්ධි වැඩ කරන ගමන්ම සාමාන්‍ය ස්වභාවික භාෂා හා සම්බන්ධ කටයුතු එමඟින් කළ හැකිවීම, එහි විශේෂත්වයයි. එනම්, යම් දත්ත ගබඩාවකින් තොරතුරක් සොයනා ගමන්ම වුවත්, ස්වභාවික භාෂාවකින් ලියා ඇති වාක්‍ය ඛණ්ඩ හඳුනා ගත හැකිවීමයි. දත්ත ගබඩාවෙන් සොයාගත් දත්ත උපයෝගී කර ගෙන අලුත් වාක්‍ය ඛණ්ඩ ජනනය කළ හැකිවීමයි.

දත්ත විශාල වශයෙන් භාවිතා කළ හැකි සේ මෙම වැඩසටහන් සකසා තිබෙනව. එම දත්ත සියල්ල ඇසුරෙන් මෙම වැඩසටහන පුහුණු කරන්න පුලුවන්. එනම් සාමාන්‍ය මිනිස් භාෂාවක ඇති වචන රටාව හඳුනාගත හැකි විදියටයි. මෙසේ දත්ත ලබා ගන්නේ එක්කෝ අන්තර්ජාලය ඔස්සේ දැනටමත් ලබා ගත හැකි ලියවිලි ඇසුරෙන්, නැතහොත් විශේෂයෙන් සපයා දෙන ලියවිලි ඇසුරෙන්. මෙය ඇතැම්විට ගිගාබයිට් මිලියන ගණනක් විශාල දත්ත සමුහයක් විය හැකියි. එම වැඩ, එස්එම්එම් වැඩසටහන් මඟින් ස්වයංක්‍රීයව කෙරෙනවා මිස මිනිස් අතපෙවීමක් වෙන්නෙ නැහැ. ChatGPT, ගූගල් ජෙමිනි, මයික්‍රොසොෆ්ට් ඔර්කා මෙන්ම මෙටා ගැලැක්ටිකා යනාදී වැඩසටහන් මෙවැනි එස්එම්එම් වැඩසටහන්ය.

මෙසේ පුරුදු කළ වැඩසටහනක ඇති විශේෂම ගතිය නම්, යම් වාක්‍යයක් ලිවීම අරඹන විටම වාගේ එහි කොටස් සම්පූර්ණ කර සම්මත වාක්‍යය පෙන්විය හැකිවීමයි. වචන දහස් ගණනක් ඇති ලියවිල්ලක් පීරා බලා එහි ඇති තොරතුරු සාරාංශ ගත කොට පමණක් නොව, මිනිසා විසින් ලියනු ලැබූ ලියවිල්ලක ඌරුව ඇතත්තාක් සේ එය සකසන්නටත් මෙම වැඩසටහන්වලට පුළුවන්.

මෙයට කලින් 2023 නොවැම්බරයේදීම Nvidia සමාගමෙන්ද කෘත්‍රිම බුද්ධි වැඩ කළ හැකි චිප් කාණ්ඩයක් ඉදිරිපත් කලා. එහිදී එන්විඩියා සමාගම ප්‍රකාශ කළේ, HGXH 200 නම් එම චිපයට දැන් තිබෙන ඕනෑම LLM වැඩසටහනක් හැසිරවිය හැකි බවයි. එහෙත් ඉන්ස්ටික්ස්ට් චිප් ඉදිරිපත් කරන AMD සමාගමේ අදහසට අනුව, දැනට ඇති වේගවත්ම සහ බලසම්පන්නම චිප් මාදිලිය AMD Instinct ය.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...