Home Games A Plague tale: Innocence Review
GamesTech News

A Plague tale: Innocence Review

Share
blank
Share

Overview

අක්කා කෙනෙක්ට තමන්ගෙ මල්ලි යනු වටිනාම සම්පතකි.එම බැඳීම කියා නිමකිරීමට නොහැකි තරම්ය. A Plague tale: Innocence යනු ශාපයක් ඇතුළු නොයෙකුත් කරදර මධ්‍යයේ නොබිඳුණු එම ප්‍රේමය විදහා දැක්වෙන ක්‍රීඩාවකි. ක්‍රීඩාවට පාදක වී ඇත්තේ 14 වන ශතවර්ෂයේ ප්‍රංශයයි.එකල යුරෝපය පුරා පැතිරගිය Black Deathවසංගතයට Fantasy theme එකක් එකතුකර තිබීම මෙම ක්‍රීඩාවේ විශේෂත්වයයි.14 වන ශතවර්ෂයේ විසූ De Rune නම් වංශවත් පවුල වටා මෙම කථාව ගෙතී තිබේ.

අතීත කථාව

ක්‍රීඩාවේ main story එකේ සිදුවන සිදුවීම්වලට කලින් මෙම ශාපය එසේත් නැතිනම් Rat plague එක පිලිබඳ අදහසක් ලබාගත යුතුය.

Main story එකේ සිදුවීම්වලට වසර 800කට පමණ පෙර එනම් Justinian Plague සමයේ (ක්‍රි.ව. 541- ක්‍රි.ව. 549)නිර්මාණය වූ Prima Macula නම් ශාපයක් නිශ්චිත ලේ නෑ පරම්පරා ගණනාවක් හරහා පැතිරයමින් තිබුණි. නිශ්චිත පරම්පරාවේ මෙම විශේෂ ලේ උරුමක්කාරයා හට වසංගතය පතුරවන මීයන් විශාල ගණනක රංචු පාලනය කිරීමට හැකියාව ලැබුණි.මෙම ශාපය එසේත් නැතිනම් වසංගතය පොදු ජනතාවගෙන් වසන් කිරීම සඳහා එය පිළිබඳ සියලු තොරතුරු Sanguinis Itinera නම් පොතක ලේඛනගත කෙරුණි.

Plot

ක්‍රීඩාවේ main story එකෙහි අපේ ප්‍රධාන චරිත දෙකෙන් 1ක් වන Hugo එනම් Amicia ගේ මල්ලි ඉපදෙන්නේ මෙම විශේෂිත ලේ වර්ගයට උරුමකම් කියමින්ය.එසේම මේ නිසා Amicia ගේ මව Beatrice මේ පිලිබඳව Amicia ගෙන්,ලෝකයාගෙන් සහ Inquisition නම් සංවිධානයෙන් වසන් කළාය. Inquisition යනු Grand Inquisitor නම් නායකයාගේ නායකත්වයෙන් යුත් Prima Macula curse එකේ ශක්තිය තමන් යටතට ගැනීමට උත්සාහකරන ආගමික සංවිධානයකි.

කථාව දෙසට හැරෙමු……..

1348 වර්ෂයේ එක් දිනයක Amicia සිය පියා Robert De Rune (ප්‍රංශයේ 4 වන ෆිලිප් රජුට සේවයකළ නයිට්වරයෙකි)සමග වනයට යන්නේ දඩයම් කිරීම සඳහාය.මෙම ගමනට පවුලේ සුරතලා වූ Leon නම් සුනඛයාද එකතුවේ.දඩයම අතරතුර එම සුනඛයා ගොදුර ලුහුබැඳයන අතරතුරදී නොසිතූ ලෙස විශාල මී රංචුවකගේ ප්‍රහාරයක් හමුවේ මරණයට පත්වේ.මෙම සිදුවීමෙන් පසු ඔවුන්ගේ මන්දිරය වෙත ඔවුන් දෙදෙනා පැමිණි අතර Amicia සිය මවට සිදු වූ සියල්ල විස්තර කරයි( Amicia ගේ මව දක්ෂ රස විද්‍යාඥවරියක් වූ අතර ඇය Amicia ට රහසින් Hugo ට ප්‍රතිකාර කරමින් සිටියාය).මේ සිදුවීම් වන මොහොතේ Nicholas නම් නයිට්වරයා Inquisition සංවිධානයේ සෙබලුන්ද සමග De Rune මන්දිරය වෙත පැමිණේ. Robert De Rune තම පුතා පිලිබඳ කිසිවක් කීමට විරුද්ධ වූ නිසා ඔහු අවාසනාවන්ත ලෙස Nicholas අතින් එම මොහොතේ මරණයට පත්වේ.

ඉන්පසු Nicholas ඇතුළු පිරිස Hugo ව සොයමින් මන්දිරය පරීක්ෂා කරමින් සේවක,සේවිකාවන් සියලුදෙනා ඝාතනය කරයි.නමුත් ඔවුන් සියලුදෙනාටම නොපෙනෙන අයුරින් ආරක්ෂිතව මන්දිරයෙන් එළියට පැමිණීමට Beatrice, Amicia ට හා Hugo ට හැකිවේ.ඉන්පසු Beatrice විසින් Amicia ට පවසන්නේ ඇය ගැන නොතකා Hugo ව රැගෙන පලාගොස් දිවි ගලවාගන්නා ලෙසයි.එසේම ඇය විසින් Lorentius නම් වෛද්‍යවරයෙකු ගැන සඳහන් කරමින් ඔහු Hugo ට කුඩා කල සිටම ඇය සමග ප්‍රතිකාර කළ බවටත්,ඔහුව සොයාගෙන යන ලෙසටත් දන්වා අක්කා හා මල්ලි දෙපල පිටත්කර හරියි.

ඔවුන්ගේ අවාසනාවට Lorentius ගේ නිවස සොයායනවිටත් ඔහු මරණාසන්නව සිටියේය. Lorentius වෛද්‍යවරයාගේ ශිෂ්‍යයා Lucas ඔහුට උවටැන් කරමින් සිටියේය.මේ මොහොතේ Lorentius වෛද්‍යවරයා විසින් Amicia ට හා Hugo ට අතීතයේ නිර්මාණය වූ ශාපය පිලිබඳවත්,එය Hugo ගේ රුධිරයෙහි තිබෙන බවටත්, Beatrice හා තමන් Hugo ව සුවකිරීමට නිමනොකළ ඖෂධයක් සාදමින් සිටි බවටත් පවසයි.මරණාසන්නව සිටින වෛද්‍යවරයා Amicia ට පවසන්නේ මුළු ප්‍රංශයම මෙම වසංගතයට(ශාපයට) ගොදුරු වී ඇති බවත්,ඖෂධය සම්පූර්ණ කර Hugo ට ලබාදෙන ලෙසටත්ය.කෙසේ හෝ Hugo ව ආරක්ෂාකරන ලෙස ඉල්ලීම හා ඖෂධය නිමකිරීමේ ඉදිරි කටයුතු De Rune පවුලට අයත් පුරාණ මන්දිරයක් වූ Chateau d’Ombrage වෙත ගොස් සිදුකරන ලෙස උපදෙස් දීම වෛද්‍යවරයාගේ අවසන් වදන් විය.එතනින් නික්ම Amicia හා Hugo, Lucas ද සමගින් පිටත්වන්නේ Chateau d’Ombrage වෙතය.ගමන අතරතුර ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ Inquisition සංවිධානයේ නායක Vitalis නමැති Grand Inquisitor වරයා Hugo ගේ Prima Macula ශක්තිය ලබාගෙන ලෝකය තමා යටතට ගැනීමේ අරමුණින් සිටින බවය.

blank
A Plague Tale: Innocence_20190504214820

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද?ශාපයට තිතතැබීමට හැකිවේවිද? Inquisition සංවිධානයට කුමක් සිදුවේද? Amicia ට තමාගේ මල්ලිව සුවකිරීමට හැකිවේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරය.

Gameplay

දිගු missions 17 කින් සමන්විත මෙම ක්‍රීඩාවේ බොහෝදුරට දක්නට ලැබෙන්නේ Amicia ගේ අතෙහි එල්ලුනු Hugo වය.අක්කාගේ ආරක්ෂාව නොමැතිව Hugo ලෙස පමණක් ක්‍රීඩා කිරීමට ඇත්තේ එක් mission එකක් පමණි.ක්‍රීඩාවේ බහුතරයක් ක්‍රීඩාකිරීමට ඇත්තේ Amicia ලෙසය.ඇයගේ ආයුධය කඩුවක් හෝ කිණිස්සක් නොවේ,කැටපෝලයකි.නමුත් මෙම කැටපෝලය ඇය භාවිත කරන්නේ තමා අත කඩුවක් ඇති සේය. Rocks වල සිට ක්‍රීඩාවේ ඉදිරියට survive වීමට වැදගත්වන Ignifer, Devorantis, Luminosa වැනි ද්‍රව්‍ය කැටපෝලය භාවිතකර අපට ප්‍රක්ෂේපණය කළ හැක. එසේම එම ප්‍රක්ෂේපණය කළ හැකි ද්‍රව්‍ය අවට ඇති අමුද්‍රව්‍ය මගින් craft කළ හැක.එසේම කැටපෝලය upgrade කිරීමේ හැකියාවද ඇත.අපට වැඩිපුරම දක්නට ලැබෙන්නේ Amicia ගේ අතෙහි එල්ලුනු Hugo වය.නමුත් සමහර අවස්ථාවන් වලදී ඔහුව අතහැර ඔහුගේ skills වලින් ප්‍රයෝජන ගැනීමට සිදුවන අවස්ථාද ඇත. Amicia හා Hugo ට විවිධ වූ skills ඇති අතර ඒවා නිසි වේලාවට ප්‍රයෝජනයට ගතයුතුය.

Survival action-adventure ගණයට අයත්වන මෙම ක්‍රීඩාව 2019 වසරේ නිකුත්වූ අතර මෙතෙක් බිහිවූ සංවේදීම story එකක් සහිත පරිගණක ක්‍රීඩාවකි. මෙහි Sequel එකක් වන A Plague tale: Requiem 2022 වසරේ නිකුත්වීමට නියමිතය.

A Plague tale: Innocence සඳහා අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්………

SystemMinimumRecommended
CPUIntel Core i3-2120(3.3GHz)/AMD FX-4100(3.6GHz)Intel Core i5-4690(3.5GHz)/AMD FX-8300(3.3GHz)
GPUNVIDIA GeForce GTX 660(2GB) AMD Radeon HD 7870(2GB)NVIDIA GeForce GTX 970(4GB)/AMD Radeon RX 480(4GB)
VRAM2GB4GB
RAM8GB16GB
Storage50GB50GB
OSWindows 7/8/10(64 bits)Windows 7/8/10(64 bits)
Share
Written by
Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....