Home Tech News 2TB kingston USB drive එයි
Tech News

2TB kingston USB drive එයි

Share
Share

තව ටිකක් කල් යද්දි data store කරන්න hard drive එකක් අවශ්‍ය වෙන්නෙ නැතිවෙයි. Data storage products නිපදවන kingston සමාගම ඔවුන්ගේ නවතම 2TB USb flash storage drive එක ගැන නිවේදනය කරා. ටෙරාබයිට් එකක් කියන්නෙ ඉතා විශාල දත්ත ගබඩා ඉඩක්!

1956දි මෙගා බයිට් 5ක් (ගිගාබයිට් නෙමෙයි) ගබඩා කරන්න පුලුවන් hard disk එකක් fridge එකක් තරම් ලොකු වෙද්දි අද ගිගාබයිට් 1000ක් විතර පහසුවෙන් සාක්කුවෙ දාගෙන යන තරම් කුඩා වීම ඇත්තටම පුදුමයි. Digital movies 1000ක් විතර එහෙමත් නැත්නම් සම්පූර්ණ desktop පරිගණකයක දත්ත (operating sytem, Adobe software suite, games) ඇතුලුව ගබඩා කරන්න පුලුවන් ධාරිතාවක් ගැනයි අපි මේ කියන්නෙ.

උදා
මෙගාබයිට් 1024 – ගිගාබයිට් 1
ගිගාබයිට් 1024 – ටෙරාබයිට් 1

Kingston සමාගම USB 3 තාක්ෂණය සමගින් Kingston Data Traveler HyperX predator USB 3.0 1TB drive එක 2016 දි හදුන්වා දුන්න. 2017දි 2TB capacity එකකින් යුත් USB 3.1 තාක්ෂණය සමග Data traveler Ultimate generation flash drive එක හදුන්වා දුන්නා. උඩ තියෙන පින්තූරෙන් දැක්වෙන මේ USB drive එක අනෙක් pen drive වලට වඩා විශාලයි.

Kingston සමාගම දක්වන ආකාරයට මේකෙ පැය 70ක පමණ 4K Video එහෙමත් නැත්නම් high resolution photos 256,000ක් විතර එහෙමත් නැත්නම් pc games 96ක් විතර ගබඩා කරන්න පුලුවන්ලු. 2016 නිකුත් කරපු 1TB USB drive එක ඩොලර් 2730 දැවැන්ත මිලකට අලෙවි කරපු kingston සමාගම මේ නවතම 2TB USB drive එකට තාම මිලක් නියම කරල නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply to danuCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...