Contact Information

WhatsApp Us

හොරෙන් Baidu link යවන Skype Virus එක!

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

skype එකෙන්  baidu link එකක්  එව්වද කියල යාලුවො ඔයාගෙන් ඇහුවද?  Skype වල පැතිරෙන Virus එකක් 2016 අගෝස්තු මාසෙ ඉදන්ම තවමත් ක්‍රියාත්මක වෙමින් තියෙනව. මේ Virus attack එක මුලු ලෝකයෙම ගොඩ දෙනෙකුට ඇවිත් තියෙන එකක්. මේකෙන් වෙන්නෙ ඔයා දන්නෙම නැතුව ඔයාගෙ Skype Account එක හරහා contact list එකේ ඉන්න හැමෝටම එයාලගෙ user name එකෙන් ඉවර වෙන baidu link යන එකයි.

මේකට හේතුව වෙලා තියෙන්නෙ දැන් Skype එක අයිති Microsoft සමාගම පරණ Skype passwords වෙනම නැවත පාවිච්චි කරන්න පුලුවන් විදිහට store කරල තියෙන එකයි.  ඔයාල Microsoft mail (live, outlook) පාවිච්චි කරා නම් ඒ account එක skype වලට එකතු කරන්න පුලුවන්නෙ. එහෙම කරාට පරණ password එකෙනුත් skype log වෙන්න පුලුවන් විදිහට ඒ Data තාමත් Skype servers වල තියෙනව. මේක තමයි මේ Account hack වෙන්න හේතුව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඉතින් මේක ඔයාටත් උනා නම් දැන්ම මේ දේවල් ටික කරන්න.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මේ link click කරන්න එපා කියල හැමෝටම message එකක් යවන එකයි. ඒක තමයි පලවෙනි ආරක්ෂිත පියවර වෙන්නෙ. ඊලගට තියෙන්නෙ ඔයාගෙ Skype Account Password එක වෙනස් කරන එකයි.

එක්කෙනෙක් මේ baidu link එකක් ගැන ඇහුව කියන්නෙ ඔයාගෙ list එකේ හැමෝටම ඒ link එක ගිහින් කියන එකයි.

  1. දැන් https://account.microsoft.com එකට ගිහින් ඔයාලගෙ Skype user name එකෙන් log වෙන්න. (දැනටත් skype log වෙන්න පාවිච්චි කරන්නෙ email එක නම් 3වෙනි step එකට යන්න.
  2. ඔයාට live.com , outlook.com email එකක් තියෙනව නම් (කලින් ඒක Skype එකට එකතු කරල තියෙනවනම්) මෙතනදි Account දෙක merge කරල Skype alias එකක් හදන්න prompt එකක් එයි. ඒක කරන්න.
  3. (උඩින් සදහන් step එක කරා නම් දැන් වැදගත්ම දේ කරමු / ඔයා දැනටමත් skype log වෙන්න පාවිච්චි කරන්නෙ Microsoft email එක නම් මේක ඔයාටත් අනිවාර්යයි)
  4. aliases preferences වලට මේ link එකෙන් යන්න. එතනින් ඔයාට sign in preferences පෙන්නයි. මෙතනින් ඔයාගෙ පරණ skype name එක untick කරන්න.
    දැන් ඔයාගෙ skype name එකෙන් skype log වෙන්න බැහැ. ඒත් skype name එක වෙනස් වෙන්නෙ නැහැ, log in option එක විතරයි disable වෙන්නෙ.

දැන් ඔයාගෙ skype එකට log වෙන්න පුලුවන් email එකෙන් විතරයි. මේ තමයි මේ baidu Attck එකෙන් ගැලවෙන්න තියෙන සාර්ථකම ක්‍රමය විදිහට Microsoft සමාගම කියල තියෙන්නෙ.

මේ ලිපිය වැදගත් උනා නම් ඒ ගැන කියල comment එකක් දාන්න අමතක කරන්න එපා.

Share:

2 Comments

  • chaminda, March 4, 2017 @ 8:29 am Reply

    Good article.Thanks.

  • Sameera, March 6, 2017 @ 7:22 pm Reply

    Great Article.Really useful.Thnx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *