Home Tech News ලෝකයේ වේගවත්ම GPU එක Nvidia GTX 1080Ti
Tech News

ලෝකයේ වේගවත්ම GPU එක Nvidia GTX 1080Ti

Share
blank
Share

දැනට Desktop Graphics chip market share එකෙන් 72.4%ක් ම අයිති කරගෙන ඉන්න Nvidia සමාගම මේ දවස්වල පැවැත්වෙන GDC (Game Developers Conference) එකේදි තමන්ගෙ අලුත්ම Graphics Card එක එළිදැක්වුවා. දැනට ලෝකයෙ තියෙන වේගවත්ම Graphic Card එක වෙන GTX 1080 එක තවදුරටත් වේගවත් කරල Optimize කරල හදල තියෙන මේ Ti card එක nvidia සමාගමට තවත් කාලයක් ඒ කිරුළ දරාගෙන ඉන්න උදව් කරාවි.

AMD සමාගම එයාලගෙ VEGA Architecture එක ගැන කියල (ලිපිය මෙතනින් කියවන්න) ඒ උණුසුම යන්නත් කලින්, GTX 1080Ti එක එළිදක්වපු Nvidia සමාගම ඒ එක්කම Card එක pre order කරන්නත් පුලුවන් කියල කිව්ව. ඒ දැනුම් දීමත් එක්කම ඔක්කොම pre-orders විකිණිල ඉවර වෙන්න ගියේ බොහොම පොඩි කාලයක්.

තමන්ගෙ විස්වාසවන්ත PASCAL Architecture එක මතම වැඩිදියුණු කරපු GTX 1080Ti card එකේ Reviews මේ Announcement එකත් එක්කම internet එකට එන්න ගත්ත. මේ තියෙන්නෙ දැනට Desktop graphics ලෝකයෙ වේගවත්ම Card එකයි.

NVIDIA CUDA® Cores3584
Boost Clock (MHz)1582
Memory Speed11 Gbps
Standard Memory Config11 GB GDDR5X
Memory Interface Width352-bit
Memory Bandwidth (GB/sec)484
Simultaneous Multi-ProjectionYes
VR ReadyYes
NVIDIA AnselYes
NVIDIA SLI® ReadyYes
NVIDIA G-SYNC™-ReadyYes
NVIDIA GameStream™-ReadyYes
NVIDIA GPU Boost™Yes
Microsoft DirectX12 API with feature level 12_1
Vulkan APIYes
OpenGL4.5
Maximum Resolution7680x4320@60Hz
Max GPU Temp91C
Graphics Card Power250 W
System Power Supply600W

එළිදැක්වීමෙදිම ඩොලර් $699 ක් තරගකාරී මිලකට නිකුත් කරපු මේ Card එක නිසා දෙවෙනි කාර්තුවෙදි AMD සමාගමට එයාලගෙ VEGA GPU එක ඊටත් වඩා තරගකාරී මිලකට නිකුත් කරන්න වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...