Press ESC to close

Corsair VS 450 Power Supply Unboxing

අද අපි unbox කරේ කවුරුත් වැඩියෙන් හිතන්නෙ නැති උනාට Computer එකකට අතිශයින්ම වැදගත් වෙන Power Supply එකක්. අපි ගොඩක් වියදම් කරල ගන්න CPU, VGA වගේ දේවල් හොදින් කාලයක් වැඩ කරන්න නම් ඒ හැම දේටම හරියන්න power එක ලබා දෙන Power Supply එක ගොඩක්ම අවධානය යොමුකරන්න ඕන දෙයක්. මේ බලන්න යන්නෙ Corsair VS450 Power Supply එක.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting
  • Corsair VS 450 Matte Black finished Power Supply Unit එක
  • Power Code එක
  • Mounting Screws
  • Leaflet Material

Features

දිගටම smooth 450 watt power එකක් ඔයාගෙ system එකට දෙන්න සහතික වෙන Power Factor Correction කියන technology එකත් එක්ක එන Corsair VS 450 Power Supply එකේ dedicated 12V rail එකකින් තමයි main Power එක system එකට දෙන්නෙ. මේ නිසා සමහර Power supply වල වගේ plug කරන දේවල් cable වලට balance කරල ගහන්න ඕන වෙන්නෙ නැහැ. මේකෙ තියෙන 120mm fan එක accelerate වෙන්න ගන්නෙ PSU එක heat වෙන ප්‍රමාණය අනුවයි. ඒ නිසා fan එක දිගු කාලයක් වැඩ කරන්න වගේම කාර්්‍යක්ෂම විදිහට system එක cool කරන්නත් දායක වෙනව.

power supply එකත් එක්කම ලැබෙන power cord එක ගැනත් කියන්නම වෙනව, මොකද fuse එකක් එක්ක එන මේ high end cord එක wall socket එකේ ඉදන් PSU එකට එන power එක ආරක්ෂිතව ගේනව වගේම ලොකු power surge එකකදි plug එකේ fuse එකෙනුත් system එක රැකගන්න උදව් කරන නිසා.

Overall Finish එක ගත්තොත් Matte Black එකකින් finish කරල තියෙන නිසා system එකක් ඇතුලෙ low profile look එකක් තමයි ගන්නෙ. හැම cable set එකක්ම වෙන වෙනම nylon case එකක් ඇතුලට thread කරල තියෙන්නෙ, මේ නිසා cable management වලදි එහෙන් මෙහෙන් වයර් පනින්නෙ නැතුව ලස්සනට casing එක manage කරගන්න පුලුවන්.

Power Supply එකේ outputs වෙන්නෙ

  • ATX 24 pin connector – 1
  • 8 Pin Connectors – 3 (මේකෙ 6Pin connectors 2ත් 8 pin කරගන්න පුලුවන්)
  • 6 pin connector – 2
  • SATA connectors – 4
  • Molex Connectors – 4
  • Floppy Connector – 2

මිල

රු 7500 කට 3 year warranty එකක් එක්ක ගන්න පුලුවන් මේ Power supply එක දැන් වගේම තව ඉස්සරහටත් පාවිච්චි කරන්න පුලුවන් විදිහට connectors ගොඩක් එක්ක එන නිසා හොද ආයෝජනයක්. ඒ වගේම පරණ DVD ROMS, hard Disks වගේ 4 pin molex connectors ඕන වෙන device එක්කත් වැඩ කරන්න පහසුකම් තියෙන නිසා backward compatibilityත් තියෙනව.

ඔයාලගෙ අදහස්, යෝජනා තියෙනවනම් අපිට කියන්න, YouTube channel එකේ comment කරන්න, පහල comments වල ලියන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *