Home Tech News ඉන්දියාවට වෙනම එන Skype Lite
Tech News

ඉන්දියාවට වෙනම එන Skype Lite

Share
blank
Share

අසල්වැසි ඉන්දියාවට ගැලපෙන විදිහට තමන්ගෙ software සහ service වෙනස් කරපු සමාගම් අතරට එකතු වෙච්ච අලුත්ම කෙනා තමයි Microsoft!  ඔව් ඉන්දියාවෙ විශාල ජනගහනයය නිසා ඒ රටේ ගොඩක් අයට ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් network speed වලට ගැලපෙන විදිහට Youtube සහ Facebook ගිය අවුරුද්දෙ එයාලගේ විශේෂ සංස්කරණ නිකුත් කරා.

Skype Lite කියන්නෙ ඉන්දියාව ඇතුලු ගොඩක් සංවර්ධනය වෙමින් තියෙන රටවල් වල තවමත් භහුලව පාවිච්චි වෙන 2G network වල වේගයෙන් වැඩ කරන්න පුලුවන්, අඩු විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන skype version එකක්. මේකෙ download size එක 13MB විතර තමයි වෙන්නෙ. ඒ කියන්නෙ සාමාන්‍ය skype download size එකට වඩා තුනෙන් එකක් වගේ ප්‍රමාණයක්.

ගිය අවුරුද්දෙ Google සමාගම තමන්ගෙ youtube App එක මේ විදිහට වේගය අඩු 2G network වලට ගැලපෙන විදිහට සකස් කරල නිකුත් කරේ Youtube Go විදිහට, ඒ වගේම Facebook තමන්ගෙ lite version එකක් launch කරේ 2015 දියි. මේ විදිහට ඉන්දියාව වෙනුවෙන් මේ App නිර්මාණය කරත් අපේ රටෙත් Network speeds අඩු පැතිවල ඉන්න අයට වගේම තමන්ගෙ data පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන අයට මේ App install කරගන්න පුලුවන් උනොත් මේක අපිටත් වැදගත් දෙයක් වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...