Press ESC to close

FORZA HORIZON, අතිශයින්ම කාර් පිස්සන්ට පමණයි!!!

Racing game කිව්වම අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ Need For Speed game series එක. එත් පසුගිය වසර කිහිපයක සිට ඒ තත්ත්වය වෙනස් කරමින් Racing game වලට නවතම මුහුණුවරක් ලබාදීමට තවත් game series එකකට හැකි වෙනවා.ඒ තමයි Forza Horizon.

Microsoft studios එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න Xbox game studios මඟින් published කරන forza series එකේ ප්‍රධාන titles දෙකක් ඇති අතර ඉන් Forza motorsports ඇමරිකානු සමාගමක් වන Turn 10 studios මඟිනුත් Forza Horizon බ්‍රිතාන්‍ය සමාගමක් වන playground games මඟිනුත් develop කරනු ලබනවා.

Get Your Site Up with A2 Hosting

2005 වසරේ සිට නිකුත්කරන Forza motorsports series එක සැබෑ ලෝකයේ ඇති ධාවන පථ වල ක්‍රීඩා කරන සාමාන්‍ය racing game එකක ආකෘතිය ගන්නවා.2012 වසරේ ආරම්භ කරන ලද Forza horizon series එක open world racing game එකක් ලෙස නිකුත්කරන ලද අතර racing game තුල තම ආධිපත්‍යය පැතිරීමට Forza series එකට හැකි වූයේ Forza Horizon 4 2018 වසරේදී නිකුත් කිරීමත් සමඟයි.

   Forz Horizon 4 ද open world game එකක් ලෙස නිකුත් කෙරුණු අතර මහා බ්‍රිතාන්‍යයේ සත්‍ය නගර හා ස්ථාන යොදා ගනිමින් නිර්මාණය කරන ලද වර්ග කිලෝමීටර 71 පමණ Map එකකින් සමන්විත වෙනවා. ක්‍රීඩකයාට මෙම ව.කි 71 තුල විවිධාකාර භූ විෂමතා තත්ව යටතේ ක්‍රීඩා කරීමේ හැකියාව ලැබෙනවා මෙන්ම මහා බ්‍රිතාන්‍ය තුල ඇති දිය ඇලි,ඓතිහාසික ස්ථාන වැනි විශේෂ ස්ථාන කිහිපයක්ද Map එකට ඇතුලත් කර ඇති අතර ඒවා නැරඹීමේ හැකියාවද ක්‍රීඩකයන්ට ලැබෙනවා.

ප්‍රථම වතාවට racing game එකකට ඇතුලත් වූ පරිසරයේ සිදු වන කාලගුණික වෙනස් වීම් FH 4 තුලින් අපට දැකගැනීමට හැකියාව ලැබෙනවා. එනම් ඍතු අනුව පරිසරය වෙනස් වීම ක්‍රීඩකයන්ට නවතම අත්දැකීමක් ලබා දෙනවා.උදාහරණයක් ලෙස සීත ඍතුවේදී ජලාශ වල අයිස් මිදුණ පසු ඒ මතද වාහන පැදවීමේ හැකියාව ලැබෙනවා.මෙම ඍතු සතියකට වරක් වෙනස් වන අතර ඵමඟින් racing game වල ඇති ඒකාකාරී බව ඉවත් කිරීමට FH 4 වලට හැකි වී තිබෙනවා.

FH 4 හි මේ වන විට licensed cars 750 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වනවා.මෙය simulation game එකක් නොවුනත් වාහන ක්‍රියාත්මක වන physics ඉතා තාත්වික අයුරින්ම ඉදිරිපත් කිරීමට FH4 සමත් වී තිබෙනවා.එමෙන්ම මෙහි වාහන වල ශබිද සැබෑ ලොකයේ වාහන යොදාගෙන නිපදවා ඇති අතර game එකෙහි ශබ්ද සඳහා original soundtracks 20ක් Dolby atmos තාක්ෂණය සහිතව ඇතුලත් කර තිබෙනවා.එමෙන්ම FH 4 සඳහා battleroyal game game එකක ආකෘතිය ඇති “Eliminater” නම් game mode එකක්ද ඇති අතර සතිපතා අලුත්වන seasonal challenges complete කිරීම මඟින් ක්‍රීඩකයන්ට cars,outfit,emotes වැනි දේවල් දිනා ගැනීමේ හැකියාව පවතිනවා.

          Xbox game studios මඟින් 2021 E3 event එකෙහිදී Forza Horizon 5 පිළිබඳව නිවේදනය කළ අතර එය මෙම වසරේ November 9 නිකුත් වීමට නියමිතයි.FH 5 මෙක්සිකෝව පදනම් කර ගෙන නිර්මාණය කර ඇති අතර FH 4 හි Map එක මෙන් දෙගුණයක් පමණ විශාල Map එකක් මෙහිදී දැක බලා ගැනීමට හැකි වනු ඇති.

මහා බ්‍රිතාන්‍ය මෙන් නොව මෙක්සිකෝව සමක ආසන්න රටක් බැවින් කාලගුණික විපර්යාස වල පැහැදිලි වෙනසක් මෙහිදී දැක ගත හැකියි.උදාහරණ ලෙස වියළි කාන්තාර ස්භාවය මෙන්ම වැලි කුණාටු වලට මුහුණ දීමට ද ක්‍රීඩකයැට මෙහිදී සිදුවේ.එමෙන්ම මෙම Map එකේ අන්තර්ගත වන Caldera ගිණි කඳු පද්ධතිය Forza Horizon series එකෙහිම ඇති උසම භූ විෂමතා කලාපයයි.මෙය මෙක්සිකෝව පාදක කර ගෙන නිර්මාණය වන බැවින් මෙක්සිකානු සංස්කෘතික තුල ඇති සංගීතය වැනි දෑද මේ සඳහා යොදා ගන්නා බව සඳහන්ය.playground games සමාගම Xbox game studios යටතට ගැනීමෙන් පසු නිකුත්කරන පළමු Forza Horizon game එකද මෙය වනවා.E3 event එකේදී සඳහන් කල පරිදි Windows,Xbox one සහ Xbox series X සහ S සඳහා මෙය නිකුත් වීමට නියමිතයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *