Press ESC to close

Asus PRIME H310M-D R2.0 Review

දිගු කාලයක් එක දිගටම පාවිච්චි වෙන, Business සහ Office වලට වගේම අනික් ඕනම Build එකකට ගැලපෙන විශේෂ අංග / පහසුකම් එක් කරපු Asus PRIME H310M-D R2.0/CSM motherboard review එකයි මේ.

Computer එකක් ඕන වෙන්නෙ Gaming වලටම නෙමෙයි. ඒ වගේම Office වල එක දිගටම වැඩකරන Computers බොහෝවිට දකින්න පුලුවන්. විශේෂ යන්ත්‍ර point of sales වගේම Stock market වගේ දැවැන්ත කාර්ය වලට ඕන වෙන මේ වගේ පරිගණක වලට ගැලපෙන්න තමයි ASUS PRIME H310M-D R2.0/CSM motherboard එක හදල තියෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

Corporate Stable Model (CSM)

Asus CSM කියන අංගය හරහා ලැබෙන තවත් පහසුකමක් තමයි මේ products වලට සාමාන්‍ය life cycle එකට වඩා මාස 13ක් වැඩිපුර කාලයක් නිෂ්පාදනය කිරීම. ඒ කියන්නෙ සාමාන්‍ය product එකක් නිෂ්පාදනය නැවැත්තුවම ඒක හොයාගන්න නැතිවෙනව. ඒත් Asus CSM badge එක තියෙන products නිෂ්පාදනය නවත්තල තවත් මාස 13ක් ඒ කියන්නෙ අවුරුද්දකට වැඩි කාලයක් මේක තියෙනව.

Unboxing Package එක

  • Asus PRIME H310M-D R2.0/CSM motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක
  • M.2 lock pin එක
  • User Manual එක

Asus PRIME H310M-D R2.0/CSM Motherboard එකේ unboxing video එකත් බලන්න.

 

Features

සාමාන්‍ය 8th /9th gen Build එකකට ගන්න පුලුවන් මේ Motherboard එකේ PCI E 16x Graphic card slot එකක්, M.2 Port එකක් (SATA සහ X2 PCI E) RAM Slot 2ක් (32GB උපරිමයක්) සහ SATA ports 4ක් අඩංග්‍ර වෙනව.

මේ Motherboard එකේ තියෙන විශේෂත්වයක් තමයි 24pin Power connector එක සහ 4pin EPS connector එකක් පමණක් තියෙන එක. මේ නිසා ගොඩක් high end CPU Graphic Cards මේ board එකට පාවිච්චි කරන එක ඒ තරම් සුදුසු වෙන්නෙ නැහැ. මේ Design එක නිසා වැඩිපුර Stable product එකක් දෙන්න Asus සමාගම අදහස් කරල තියෙනව.

Asus Control center කියන්නෙ මේ CSM Motherboards සහිත පරිගණක බොහොම පහසුවෙන් ඕනම තැනක ඉදන් පාලනය කරන්න (Updates, On oFF) පුලුවන් විශේෂිත software එකක්. මේ හරහා මිල අධික Networking වගේ දේවල් නැතුවම පරිගණක ජාලයක් ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීම කරන්න පුළුවන්. මේ Software එක වෙනම ගන්නවනම් ඒකම මිලක් ගෙවන්න වෙනව, නමුත් මේ CMS Motherboards එක්ක මේ Software එක නොමිලේම ලැබෙනව. වැඩි විස්තර –  Asus Control Center

Back IO ports

  • 1 x PS/2 keyboard/mouse combo port(s)
  • 1 x D-Sub
  • 1 x HDMI
  • 1 x LAN (RJ45) port(s)
  • 2 x USB 3.1 Gen 1 (blue) Type-A up to 5Gbps
  • 4 x USB 2.0
  • 1 x COM port(s)
  • 1 x LPT port
  • 3 x Audio jack(s)

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *