Press ESC to close

Adobe වෙනුවට විකල්ප බලවේග

අලුතින් Youtube වලට යොමුවෙන්න හිතන අයට වගේම එදිනෙදා වැඩවලට Adobe නිෂ්පාදන භාවිතා කරන්න යොමුවෙලා ඉන්න අයටත් නොමිලේ ලබාගන්න පුළුවන් Photo / Video / Vector Editing Software ගැනයි මේ ලිපියෙන් විස්තර වෙන්නෙ.

2013දී Adobe සමාගම තමන්ගෙ සාමාන්‍ය CS සංස්කරණ වලින් මිදිල මාසික ගෙවීමක් මත පදනම් වූ (Subscription based) ගෙවීම් ක්‍රමයකට මාරුවීමත් සමගම කුඩා පරිමාණයෙන් Adobe නිෂ්පාදන මත රැදිල තමන්ගෙ ව්‍යාපාර වල යෙදුන බොහොමයක් අය විකල්ප කරා යොමුවෙන්න ගත්ත.

Get Your Site Up with A2 Hosting

විශාල සමාගම් වලට මේ ක්‍රමය යටතේ මාසිකව / වාර්ෂිකව ගෙවීම් වලට යන එක ගැටළුවක් නොවීම හෝ තමන්ගෙ දැනටමත් තියෙන ඉතා විශාල Adobe නිෂ්පාදන හරහා පමණක් විවෘත කරන්න පුළුවන් Files නිසා විකල්පයකට යන එක අමාරුවීම නිසා හෝ මේ විදිහට නව සංස්කරණයට දායක වෙන්න සිදුවෙනව.

පහතින් සදහන් වෙන්නෙ බොහෝ දෙනෙක් භාවිතා කරන ජනප්‍රිය Adobe නිෂ්පාදන සහ ඒවාට ඇති විකල්පයි.

Adobe Photoshop

Adobe Photoshop කියන්නෙ ලංකාවේ නම් හැම කෙනෙක්ම වගේ දන්න Software එකක්. නමුත් මේක නිවැරදි විදිහට භාවිතා කරනවනම් මාසිකව විශාල මුදලක් ගෙවීමට සිදුවෙනව. නමුත් මේ මෘදුකාංගයේ ගොඩක් දෙනා භාවිතා කරන්නෙ ඉතාමත් සීමිත පහසුකම් ප්‍රමාණයක්.

පහතින් දැක්වෙන්නෙ Photoshop Files open කරන්නත් පුළුවන්, Photoshop වැඩ කරගන්නත් පුළුවන් විකල්ප දෙකක්

GIMP – සම්පූර්ණයෙන්ම නොමිලේ

GIMP – GNU IMAGE MANIPULATION PROGRAM කියන්නෙ Open Source(විවෘත මෘදුකාංග පදනම) යටතේ සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදෙන Photo manipulation මෘදුකාංගයක්. මේ හරහා Photoshop හරහා Save කරන .psd files විවෘත කරගන්න වගේම විශාල වැඩ කොටසක් කරගන්න හැකායාව තියෙනව.

Affinity Pro – $49.99

photoshop වල ගුණාංග සෑහෙන ප්‍රමාණයක් තියෙන ඒ වගේම Photoshop වලට වඩා වේගයෙන් Feature updates එක්ක යාවත්කාලීන වෙන Affinity Pro Trial එකක් නොමිලේ ලබාගන්න පුළුවන් වගේම pro Version එක රු 9000කට ලබාගන්න පුළුවන්. මේ රු9000 ගෙවන්නෙ මාසෙකට හෝ අවුරුද්දකට නෙමෙයි – සම්පූර්ණ version එකටමයි.

Adobe illustrator

illustrator කියන්නෙ Vector Graphics නිර්මාණය සදහා භහුලව භාවිතා වෙන Software එකක්. කාලයක් ජනප්‍රිය වෙලා තිබුනු Coreldraw ආධිපත්‍යය නැති කරල Vector Graphics ලෝකයේ අංක එක වෙලා තියෙන Illustrator වලටත් විකල්ප තියෙනව.

Inkscape – සම්පූර්ණයෙන්ම නොමිලේ

Inkscape කියන්නෙත් Opensource යටතේ සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. මේ හරහා illustrator, Coreldraw, PDF, SVG වගේ ඕනෑම Vector File format එකක් විවෘත කරගන්න පුළුවන් වගේම – නිර්මාණය කරන දේවල් හැම Software එකකින්ම නැවත open කරන්න පුළුවන් විදිහට Pdf, SVG වගේ File formats වලට Save කරගන්නත් පුළුවන්.

Affinity Designer – $49.99

Adobe Illustrator තරමටම ඉතාමත් වේගයෙන් යාවත්කාලීන වෙමින් පවතින Designer කියන්නෙ Affinity සමාගමේම නිෂ්පාදනයක්. ඉතාමත් මෑත කාලයේ ආරම්භ කරල වේගයෙන් දියුණු වෙන Affinity Designer රු 9000 ක මුදලකට සම්පූර්ණ සංස්කරණයම මිලදීගන්න පුළුවන්.

Adobe Premiere

Video Editing සදහා යොදාගන්නා NLE (non Linear Editor) මෘදුකාංග අතරින් කවුරුත් දන්නා මෘදුකාංගයක් තමයි Premiere. මේ සදහාත් නොමිලේ භාවිතා කරන්න පුළුවන් විකල්ප ලබාගන්න පුළුවන්.

Shotcut – සම්පූර්නයෙන්ම නොමිලේ

Open Source යටතේ නිකුත් වෙන Shotcut කියන්නෙ නොමිලේ ගන්න පුළුවන් හොදම NLE එක කියන්න පුළුවන්. අලුතින් youtube වලට යොමුවෙන අයට වගේම කිසිම මුදලක් වැය කරන්නෙ නැතිව හැම Pro Feature එකක්ම ලබාගන්න පුළුවන් Software එකක් විදිහට Shotcut හදුන්වන්න පුළුවන්

Davinci Resolve – නොමිලේ (4K වලින් එහා නම් මුදල් ගෙවිය යුතුයි)

ලොව ප්‍රකට Black magic Design වලින් නිකුත් කරන Davinci Resolve කියන්නෙ නොමිලේ ලබාදෙන සංස්කරණය යටතේ එහි ඇති සියළුම පහසුකම් භාවිතා කරන්න ඉඩ සලසන මෘදුකාංගයක්. මේ හරහා Editing, Color Grading වගේම 3D Tracking පහසුකම් වැනි after effects වලට සමාන පහසුකම්ද ලබාගන්න පුළුවන්.

4K හෝ ඊට වැඩි output ගන්න අදහස් කරනවනම් සහ වැඩි options සහිත Effects Library එකක් අවශ්‍ය නම් Davinci Resolve Studio සංස්කරණය $299කට ලබාගන්න පුළුවන්.

Adobe Indesign

Desktop Publishing වලට – පොත් සගරා වගේ page layout – designing වලට බහුලව භාවිතා කරන InDesign වලටත් මේ වෙනකොට විකල්ප ගොඩනැගිල තියෙනව. අවසානයේ PDF විදිහට Printer සදහා ලබාදෙන File එක නිර්මාණය කරන්න මේ Software වලටත් පුළුවන්.

Scirbus – සම්පුර්ණයෙන්ම නොමිලේ

Open Source පදනම යටතේ නිකුත්වෙන Scribus කියන්නෙ සුභ පැතුම් පත්, සගරා, පත්තර වගේ විශාල Templates ප්‍රමාණයක් අඩංගුවෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන් Software එකක්. මේක කිසිම ගෙවීමක් කරන්න නැති විකල්පයක් වගේම Print එකට යවන්න පුළුවන් PDF files විදිහට output එක ලබාදෙන්න සමත්.

Affinity Publisher – $49.99

Affinity සමාගමෙන් නිකුත් කරන තවත් Adobe විකල්පයක් වන මේ හරහා රු 9000කට සම්පූර්ණ Desktop Publishing මෘදුකාංගයම ලබාගන්න පුළුවන්. මේ හරහා inDesign හරහා සිදුකරන සියළුම දේ පහසුවෙන් කරගන්න පුළුවන් වෙනව.

කතිකාව

අතීතයේ සිට ක්‍රම ක්‍රමයෙන් විශාල File Size වලට පත්වෙමින් – පරිගණකයේ විශාල ඉඩක් සහ වැඩි System Resources භාවිතා කරන Adobe නිෂ්බාදන වලට වඩා ඉතා අඩු System resources භාවිතා කරන විකල්ප මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් දැනුවත්වී නැහැ.

ඉහත නම් කරන ලද මෘදුකාංග වලින් ඔයාටත් 100%ක්ම නොමිලේ ලබාදෙන විකල්ප වලට යොමුවෙන්න පුළුවන් වගේම එහෙමත් නැත්නම් දැනට වෙළදපලේ Adobe වෙනුවට ගොඩනැගෙමින් එන ශක්තිමත් විකල්ප කරා යොමුවෙන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වෙන්නෙ වසරකට Adobe CC Subscription වලට ගෙවන මුදලට වඩා අඩු මුදලකින්  මේ විකල්ප මෘදුකාංග සම්පූර්ණ වගකීම සහ Updates සමගින් ලබාගන්න පුළුවන් වීමයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (8)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *