Home Tech News පොඩ්ඩන්ටත් බය නැතුව smart phone එකක් දෙන්න – Google Family Link
Tech News

පොඩ්ඩන්ටත් බය නැතුව smart phone එකක් දෙන්න – Google Family Link

Share
blank
Share

පොඩ්ඩ පළවෙනි අකුර කියවන්නත් කලින් Smart Phone එකට Tab එකට පුරුදු වෙලාද? Game ගහන්නත් ඉගෙන ගෙනද? ඔව් දැන් තියෙන තාක්ෂණය එක්ක ළමයි ඉස්සරහට යන්න ඕන. ඉතින්  තවත් අවුරුදු 5ක් වගේ යද්දි අපේ අවුරුදු 5 – 6 පොඩ්ඩන්ටත් Smart Phone එකක් නැතුවම බැරි උනොත්?

Smart Phone එක අපේ ජීවිතේ ප්‍රධාන දෙයක් වෙලා ඉවරයි. මීට අවුරුදු 10කට කලින් පාසල් යන ළමයි අතරෙ කලාතුරකින් දැකපු Smart Phone, දැන් පාසල් ළමයි අතර අනිවාර්ය දෙයක් වෙලා. පන්ති තියෙන වෙලාවල් දැනගන්න වගේම කාර්ය බහුල දෙමව්පියො එක්ක සම්බන්ධ වෙන්නත් Smart phone එක කරන්නෙ විශාල සේවයක්.මේ අතරෙ වයස 13න් පහල පොඩ්ඩන්ටත් බය නැතුව smart phone පාවිච්චි කරන්න දෙන්න පුලුවන් විදිහක් ගැන Google සමාගම හොයාගෙන.

blank

Google Family Link කියන්නෙ දැනට ඇමරිකාවෙ අත්හදා බැලෙන අලුත් Android App Service එකක්. මේක හරහා තමන්ගෙ අවුරුදු 13න් පහල පොඩ්ඩට දෙමව්පියන්ගෙ අනුදැනුම යටතෙ Smart phone එක පාවිච්චි කරන්න පුලුවන්. මේ කියන්නෙ දැනට තියෙන අනික් App වගේ ළමය කරන හැම දේම දැනගන්න විදිහක් නෙමෙයි. පොඩ්ඩා install කරන App අනුමත කරනවද නැද්ද කියන එකේ ඉදන් එයාගෙ phone එක lock කරන්න වගේම නියමිත වෙලාවකදි පාවිච්චි කරන්න බැරිවෙන විදිහට (Sleeping time) වගේ දේවල් මේ service එක හරහා දෙමව්පියන්ට පාලනය කරන්න පුලුවන් වෙනව. ඒ වගේම එයා වැඩියෙන් පාවිච්චි කරන App සහ services මොනාද කියලත් අම්මලට බලන්න පුලුවන්. හැබැයි ඒ App වලින් සම්බන්ධ වෙන්නෙ කාටද, යන websites මොනාද කියල බලන්න අම්මලට බැහැ.

Google Family Link එකෙන් දෙමව්පියන් තමන්ගෙ Smart phone එක ගැන බලන්නෙ මොනාද කියල පොඩ්ඩන්ටත් දැනගන්න පුලුවන්. Google සමාගම කියන විදිහට මේ Service එක හදල තියෙන්නෙ ඒ ඒ රටවල් වල ළමා නීති වලට අනුවයි. මේ වගේ සමබර Service එකක් පොඩ්ඩන්ගෙ හිතත් දිනාගන්න ගොඩක් වැදගත් වෙනව. කාර්‍ය බහුල ජීවිතෙත් එක්ක මේ ඔක්කොම දේවල් සහ පොඩ්ඩා ඉන්න තැන් බලාගන්නත් පුලුවන් නිසා මේ App එක ගොඩක් දෙමව්පියො පාව්ච්චි කරන්න ඉඩ තියෙනව.

Google Family Link Service එක දැනට ඇමරිකාවෙ දෙමව්පියන්ට අත්හදා බලන්න පුලුවන්. මේ අවුරුද්දෙ අන්තිම වෙද්දි මේක අනෙක් රටවල් වලටත් ඒ ඒ රටවල ළමා නීති අනුව වෙනස් කරල නිකුත් තරන්න Google සමාගම බලාපොරොත්තු වෙනව. ඒ වගේම මේ සදහා Android 7 තියෙන smartphone එකකුත් ඕන වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...