Home Tech News Events Xiaomi Mi 11 Flagship දුරකථනය ලොවපුරා හඳුන්වාදෙයි
EventsPhonesTech News

Xiaomi Mi 11 Flagship දුරකථනය ලොවපුරා හඳුන්වාදෙයි

Share
blank
Share

පසුගිය දෙසැම්බරයේ චීනය තුල Xiaomi Mi 11 දුරකථනය හඳුන්වා දුන් පසු චීනයෙන් පිට වෙලඳපොලවල් සඳහා Mi 11 දුරකථනය පෙබරවාරි 8 දින Xiaomi ආයතනය විසින් නිකුත් කරනු ලැබුවා.

මේ ඩිවයිස් එකේ screen එක අඟල් 6.81ක QHD+ AMOLED පැනල් එකකින් සහ 120Hz refresh rate එකකිනුත් සමන්විතයි. අලුත්ම  Gorilla Glass Victus ග්ලාස් වර්ගය තමා Display එකට යොදාගෙන තියෙන්නෙ. හුඟ දෙනෙක් කැමති feature එකක් වෙන Xiaomi mobile phones වලට එන IR Scanner එක මේ ඩිවයිස් එකෙත් අපිට දකින්න පුලුවන්. Heart Rate Sensor එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් In-Display Fingerprint Reader එකක් තමා මේකෙ Biometric විදිහට යොදාගෙන තියෙන්නෙ.

පිටුපස කැමරා 3ක් බලාගන්න පුලුවන්. මෙගාපික්සල් 108ක main camera එකක්, මෙගාපික්සල් 13ක Ultra Wide lens එකක් වගේම සමීප චායාරූප සඳහා මෙගාපික්සල් 5ක Telephoto ලෙන්ස් එකකුත් වශයෙන්. Hole Punch එක ඇතුලෙ අපිට මෙගාපික්සල් 20ක් වෙන ඉදිරිපස Selfie කැමරාව බලාගන්න පුලුවන්.

මේ දුරකථනය 4,600mAh ක බැටරියකින් සමන්විතයි වගේම 55W wired සහ 50W Wireless, charging speeds වලට සහය දක්වනවා. චීනයේ මේ දුරකථනය release කරද්දි පැකේජ් එකේ චාජර් එකක් ආවෙ නැති උනත් මුලින් මිලදීගත් අයට නොමිලේ 55W charger එකක් ලබාදෙන්න Xiaomi ආයතනය කටයුතු කරල තියනවා. නමුත් ලඟදි නිකුත් කරපු යුරෝපා මාකට් එකේ පැකේජ් එකේම 55W චාජර් එකක් ඇතුලත් කරලම එනව කියලයි Xiaomi ආයතනය සඳහන් ක‍රේ. Mi 11 දුරකථනයට 10W Reverse wireless charging පහසුකමත් ඇතුලත් වෙනවා.

මේ ඩිවයිස් එක එන්නෙ MIUI 12.5 skin කරපු Android 11 version එකෙන්. චීනෙන් පිට මිලදීගන්න ලැබෙන්නෙ 8GB Ram එකක් සහිත variant එකක් විතරයි. ඒත් Storage එක 128GB හෝ 256GB variant දෙකෙන් තෝරගන්න පුළුවන්. 128GB Model එකේ මිල වෙන්නෙ යුරෝ 749ක්. ලංකාවෙත් official මිල ලඟදිම අපිට බලාගන්න පුලුවන් වෙයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...