Home Tech News Events ඔක්තෝබර් 5 නිකුත් වෙන Windows 11
EventsTech News

ඔක්තෝබර් 5 නිකුත් වෙන Windows 11

Share
blank
Share

පසුගියදා Microsoft සමාගම නවතම Windows 11 මෙහෙයුම් පද්ධතිය ලබන ඔක්තෝම්බර් 5 වන දින සිට නිල වශයෙන් නිකුත් කරන බව නිවේදනය කළේය. ඒ අනුව Windows 11 pre-installed කර වෙළඳපොලට කරන නව පරිගණක වලට අමතරව, සුදුසුකම් ලත් Windows 10 පරිගණක සඳහා නව මෙහෙයුම් පද්ධතිය නොමිලේ යාවත්කාලීන කිරීමක් (update) ලෙස ලබා ගත හැකිය.

Windows 10 ආශ්‍රිතව සිදුකළ අතිවිශාල අධ්‍යනයන්ගෙන් අනතුරුව අපිට ඕනෑ වුණා ඔබ වෙනුවෙන් ලබාදිය හැකි හොඳම අත්දැකීම ලබා දෙන්න පුළුවන්දැයි තහවුරු කරගන්න. අනුව, 2022 මැද භාගය වන විට සුදුසුකම් ලත් සියලුම උපාංග නොමිලේ Windows 11 වලට නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා

— Aaron Woodman, Microsoft Windows අලෙවිකරණ සාමාන්‍යාධිකාරී

පවතින Windows 10 පරිගණක, ​​Windows 11 වලට යාවත්කාලීන කළ හැක්කේ කවදාද යන්න Microsoft සමාගම ඉදිරියේදී දැනුම් දෙන අතර, පරිශීලකයන්ට Windows Update හරහා හෝ PC Health Check යෙදුම (මෙය Windows Insider සාමාජිකයන් සඳහා පමණි) තුළින් ඒ සඳහා තම පරිගණකය සුදුසුදැයි දැන ගත හැකිය.

Microsoft විසින් Amazon සහ Intel සමඟ එක්ව Windows 11 සඳහා Android යෙදවුම් හඳුන්වා දීමට සැලසුම් කර ඇති නමුත් ඔක්තෝම්බර් 5 වන දින දියත් කිරීමට නියමිත Windows 11 සංස්කරණයේ මෙය ඇතුළුව ප්‍රකාශයට පත් කළ සියලුම විශේෂාංග අන්තර්ගත නොවේ. Windows 11 හි Android යෙදවුම් වල පෙරදසුනක් ඉදිරි මාස කිහිපය තුළ Windows Insider සාමාජිකයන් සඳහා ලබා ගත හැකි අතර, එම නිසා 2022 වන තෙක් එය සියලු පරිශීලකයන් සඳහා දියත් නොවනු ඇති බව සිතිය හැක.

Microsoft සමාගම පසුගිය ජූනි මස Windows 11 සඳහා වූ අවම System Requirements ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව,

  • Processor : 1 GHz හෝ ඊට වැඩි, Cores ගණන 2 ක් හෝ ඊට වැඩි 64-bit සහාය ඇති processor      එකක් හෝ System-on-a-Chip (SoC) එකක්
  • RAM : 4 GB
  • Storage : 64 GB හෝ ඊට වැඩි
  • System Firmware : UEFI, Secure Boot සහාය ඇති
  • Trusted Platform Module (TPM) version 2.0 චිපය
  • Graphics : DirectX 12 හෝ ඊට වැඩි, WDDM 2.0 driver සහාය සහිත
  • 8-bit per color channel සහාය සහිත, අඟල් 9 න් ඉහළ HD තිරයක්
  • අන්තර්ජාල සබඳතාවක් සහ Microsoft account එකක්

නවතම නිවේදනය සමඟ ඉහත සඳහන් සුදුසුකම් සපුරා නැති පරිගණක සඳහා වූ විසඳුමක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව පරිගණකයට Cores ගණන 2 ක් හෝ ඊට වැඩි 64-bit 1 GHz processor එකක්, 4 GB RAM එකක්, 64 GB storage සහ TPM 1.2 චිප් එකක් තිබේ නම්, ඔබට ISO Image එකක් භාවිතයෙන් ඕනෑම පරිගණකයක Windows 11 ස්ථාපනය කළ හැකිය. නමුත් මෙම විසඳුම භාවිතා කළහොත් ඔබේ පරිගණකය සඳහා Windows 11 සහාය එනම් Windows Updates හා security patches ලබාගත නොහැකි තත්ත්වයට පත්වේ.

Microsoft සමාගම Windows 10 සඳහා 2025 ඔක්තෝබර් 14 දක්වා සහාය දක්වන නමුත් එම ඉදිරි වසර කිහිපය සඳහා Windows 10 හි ප්‍රධාන යාවත්කාලීන කිරීම් කොපමණ ප්‍රමාණයක් නිකුත් කරන්නේද යන්න නිශ්චිතව කිව නොහැක. මේ වසර අවසානයේදී Windows 10 සඳහා 21H2 update එක නිකුත් කිරීමට සූදානම් කර ඇති අතර, ඊට Windows Subsystem for Linux (WSL) සඳහා Graphics Processing Unit (GPU) සම්බන්ධ ගණනය කිරීම් සහාය, Windows Hello යෙදවුමේ වැඩි දියුණු කිරීම් සහ WPA3 H2E Wi-Fi ආරක්‍ෂක සහාය ඇතුළත් වේ.

Share

8 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...