Contact Information

WhatsApp Us

අළුත් වෙන Whatsapp

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ලෝකයේ privacy එක පිලිබඳ සැලකිල්ලක් දක්වන පිරිස් වලින් ලැබෙන පීඩනයත් Signal, Telegram වගේ Apps වලින් ලැබෙන ලොකු තරඟයත් නිසා WhatsApp තමන්ට ඇති විශාල users ල ප්‍රමාණය රැකගන්න විවිධ උපක්‍රම භාවිතා කරනව අපිට පහුගිය දවස් වල දැකගන්න පුලුවන් වුනා. ඒ අතර එක උපක්‍රමයක් තමා කලින්ට වඩා වේගයෙන් විවිධ features හඳුන්වාදීම. මේක එක අතකට users ලට වාසි දෙයක්. ඉතින් අද කතා කරමු ඉස්සරහට WhatsApp වලට එකතු වෙන්න නියමිත අලුත් දේවල් කිහිපයක්. මේක කියවන කවුරුහරි WhatsApp beta පාවිච්චි කරනවනම් දැනටමත් මේ features සමහරවිට ඔයාල අත්විඳල ඇති.

Call interface එකට එන අලුත් UI එක.

WhatsApp ආයතනය voice call සහ video call ගද්දි එන interface එක වෙනස් කරන්න සූදානමක් තියනව වගේ. බැලූ බැල්මට මේක Apple සමාගමේ FaceTime පහසුමෙන් අභාශය ඇරන් කියල කියන්න පුලුවන්. කලින්ට වඩා දීප්තිමත් කොල පැහැයක් යොදාගෙන වගේම කලින් වෙනම තිබුන “end call” button එකත් පහල bar එකටම ගෙනිහින් කියන එක අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම group call වලට සාමාජිකයන් එකතු කරන විදිහත් වෙනස් කරල පහල ඉඳන් swipe කරාම ඒ පහසුකම පෙනෙන විදිහට අලුත් design එකක් එකතු කරල තියනවා. මේක එක අතකින් දුරකතනය පාවිච්චි කරන අවස්ථාවක මේ features යොදාගන්න පහසු කරාවි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

iOS වලට හඳුන්වාදෙන්න නියමිත අලුත් Call UI එක.

WhatsApp හඳුන්වාදෙන්න යන තවත් ප්‍රයෝජනවත් feature එකක් තමා group call එකක් මගහැරුනත් පස්සෙ ඒ call එක live නම් ඒකට සම්බන්ධ වීමේ හැකියාම. දැන් තියන තත්වය අනුව අපි හැමෝම දන්නව අපිට group call එකක් miss උනොත් ඒ call එකේ ඉන්න කෙනෙක්ට කියල අපි add වෙන්න ඕන කියන එක. නමුත් ඉස්සරහට එන්න නියමිත update එකකින් පස්සෙ අපිට group call එකක් මගහැරිල තවමත් ඒ call එක යනවනම් අපිට ලැබෙන “Tap to join” banner එක පාවිච්චි කරල ඒ call එකට කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන්.

දුරකථනය අවශ්‍ය නැති multi-device පහසුකම.

හුඟක් අය බලාගෙන හිටපු feature එකක් තමයි මේ. මේ අලුත් multi-device පහසුකම යටතෙ ඔයාට උපරිම device 4ක් WhatsApp account එකත් එක්ක link කරන්න පුලුවන්. ඒ device වල WhatsApp පාවිච්චි කරද්දි primary phone එකේ internet connection එක නැතුව උනත් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. මේ feature එක ලෝකය පුරා beta users ලට දැන් පාවිච්චි කරන්න පුලුවන්. තවත් විශේෂ දෙයක් තමයි අනිත් device භාවිතා කරල අපි message කරත් ඒ device වලටත් end to end encryption එක ලැබීමයි. default app එක වගේම ආරක්ශාවක් අනිත් devices වලිනුත් ලැබීම ඉතා හොඳ දෙයක්.

මේ පහසුකමේ limitations නැතුවම නෙවේ. දැනට අපිට තවමත් එකම WhatsApp account එකෙන් phones දෙකකට log වෙන්න බෑ. මේ විදිහට link කරන devices, phones ඇර PC, Laptops වගේ devices වෙන්න වෙනවා. ඒ කියන්නෙ මේ link device පහසුකම කලින් තිබ්බ වගේමයි එකම වෙනස primary phone එකේ internet connection එකක් නැතුව උනත් අනිත් device වලින් WhatsApp පාවිච්චි කරන්න හැකිවීමයි. ඒ වගේම ඔයාගෙ දුරකථනයේ WhatsApp දවස් 14ක් පාවිච්චි කරේ නැතිනම් link කරල තියන අනිත් devices සියල්ල unlink වෙනවා. එක අතකින් මේක ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට හොඳ දෙයක්.

Photos වැඩි quality එකකින් යැවීමේ හැකියාව.

අපි කවුරුත් දන්න දෙයක් තමා WhatsApp වලින් නිකන්ම photo එකක් හරි video එකක් හරි යැව්වොත් ඒකෙ quality එක හුඟක්ම අඩු වෙන එක. මේ වෙනකන් ඒකට පිලියමක් විදිහට විවිධ උපක්‍රම users ල පාවිච්චි කරා. නමුත් ඉස්සරහට එන update එකකින් අපි යවන photos වලට යොදන compression එක තෝරගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ විදිහට තෝරගන්න options 3ක් ලැබෙනවා.

  1. Auto (Recommended): මේ option එකේදි WhatsApp තීරණය කරනව photo එක කොච්චර compress කරනවද කියල ඒ අවස්ථාවෙ තියන network speed එක මත.
  2. Best quality: මේකෙදි WhatsApp උපරිම quality එකෙන් photos යවනව. මේකෙදිත් photo එක compress කරත් කලින්ට වඩා quality photo එකකින් යවන්න පුලුවන් වෙනවා.

Data Saver: මේ option එකෙන් photo එක උපරිම විදිහට compress වෙනව data සහ storage අඩුවෙන් භාවිතා වෙන්න.

මේ වගේම video quality එක තෝරන්නත් option එකක් දෙන්න WhatsApp සූදානම් වෙනව කියල ආරංචියක් තිබ්බත් ඒක කවද වගේ beta users ලට ලැබෙයිද කියලනම් තව හරියට දවසක් නෑ.

Cloud backup වලටත් end-to-end encryption.

WhatsApp භාවිතා කරල අපි chat කරද්දි ඒ පාර්ශව වලට end-to-end encrypt වෙලා තමා පණිවිඩ හුවමාරු වෙන්නෙ. ඒ කියන්නෙ ඒ පාර්ශව ඇරෙන්න කාටවත් අඩුම තරමෙ WhatsApp ආයතනටවත් ඒ පණිවිඩ කියවන්න බෑ. නමුත් අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමා අපේ chat backup එක පරිස්සමට කියල Google Drive හෝ iCloud වගේ cloud storage එකක backup කරගන්න එක. නමුත් මේකෙ අවාසිය තමා කලින් තිබුන encryption එක මේ backup එකට නැති එක. අපේ cloud storage account එකට වෙන කවුරු හරි ඇතුලු උනොත්, එහෙම නැතිනම් නීතිමය කාරනාවකට ඒ cloud provider ඒ backup එක decrypt කරල බලන්න වෙනව වගේ අවස්තාවක් ඇති උනොත් මීට කලින් කිසිම ප්‍රශ්නයන් නැතුව ඒ backup එක ඇරන් බලන්න හැකියාව තිබුනා.

මේ හැකියාව නැති කරන්න WhatsApp අලුතෙන් ඒ cloud storage වල තියන backup වලටත් end-to-end encryption එක ලබාදෙන්න දැන් සූදානම් වෙනවා. මේ අනුව අපි backup කරද්දි අපිට password එකක් දෙන්න පුළුවන්. ආය ඒ backup එක restore කරනවනම් ඒ password එක දීල chats සියල්ල restore කරගන්න පුලුවන්. මේ password එක සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි, WhatsApp, Facebook වගේ කිසිම ආයතනයක් එක්ක මේක share වෙන්නෙ නෑ. ඒ වගේම තවත් ආරක්ශාකාරී ක්‍රමයක් වෙන 64-digit encryption key එකක් මේ backup ආරක්ශා කරගන්න අපිට යොදාගන්න අවස්තාව තියනවා. මේ encryption key එක local backup එක encrypt කරන්නත් යොදාගන්න පුලුවන්. ඒ නිසා මේක වඩා ආරක්ශාකාරී ක්‍රමයක්. නමුත් මේ encryption key එක නැති වුනොත් ඒ backup එක restore කරන එක කරන්නම බැරි දෙයක්.

Share:

11 Comments

  • *Ash, August 24, 2021 @ 5:48 pm Reply

    Amazing

  • Lochana, August 24, 2021 @ 5:48 pm Reply

    Windows ගැන අලුත් වීඩියෝ එකක් ඕනේ.

  • Ashen, August 24, 2021 @ 9:30 pm Reply

    🔥👍🏼

  • Dolbysome, August 25, 2021 @ 9:43 am Reply

    ගොඩක් වටිනවා

  • Bhathila Madushan, August 25, 2021 @ 11:57 am Reply

    Nice ❤️

  • Pahan Pansilu Induwara, August 25, 2021 @ 1:31 pm Reply

    👍👍👍

  • Lakindu, August 25, 2021 @ 1:39 pm Reply

    Thx pcguide 💙💥

  • Ashen, August 26, 2021 @ 10:17 am Reply

    පෙරේදා තව අප්ඩේට් එකක් ආවා (Beta). ඒකෙදි Whatsapp එකේ මෙච්චර කල් තිබ්බ කොළපාට තීම් එක තව ටිකක් Light වෙලා තිබුණ… අද උදෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බ.. ඒකෙනම් වැඩි වෙනසක් තිබේ නෑ…

  • SITHIJA, August 26, 2021 @ 1:11 pm Reply

    super

  • Dulesh Ampegama, August 27, 2021 @ 10:22 am Reply

    අලුත් update eken eka parak witharak open karanna photo ekak video ekak yawanna puluwan 😇

  • Thenuka, August 29, 2021 @ 7:12 pm Reply

    super🥰🤩😇

Leave a Reply to Ashen Cancel reply

Your email address will not be published. Required fields are marked *