Home Tech News මොකක්ද මේ Vibe Coding කියන්නෙ ?
Tech News

මොකක්ද මේ Vibe Coding කියන්නෙ ?

Share
blank
Share

මොකක්ද Vibe Coding කියන්නෙ?

Vibe Coding කියන්නෙ නැගි එන programming style එකක් වන අතර එහිදි developer large language model එකක්(like Chatgpt, copilot, etc) use කරල code generate, refine සහ implement වගෙ වැඩ කරගන්නවා. code line by line ලියනවා වෙනුවට programmer ඔහුගෙ අවශ්‍යතාවය විස්තර කරන අතර AI විසින් එය functional code එකක් බවට translate කරනවා.

Developers ලට vibe coding වැදගත් වෙන්නෙ ඇයි?

  • Enhanced Creativity: Developers ලට නවෝත්පාදනයන්ට සහ නව අත් හදා බැලීම් වලට ප්‍රමුකත්වය දීමට හැකියාව ලබාදෙයි.
  • Efficiency: Chatgpt, Github copilot වගෙ AI tools repetitive tasks automate කරනවා. එමගින් developers ලට prototype කරනවා වගෙ වැඩ ඉක්මන් කරගන්න පුලුවන්.
  • Accessibility: AI සමග තාක්ශනික විස්තර හසුරුවන විට ප්‍රවේගයට ඇති බාධක අඩුවේ. එමගින් beginners ලට programming වලට ප්‍රවේශවීම පහසු කරයි.
  • Agility: එය development principles සමග සමපාත වන අතර rapid prototyping and interactive feedback loops පෝශනය කරයි.

Vibe Coding සදහා භාවිත කරන්න පුලුවන් tools.

AI assistance 

  • ChatGPT (GPT-4) – Code generation, explanation, design prompts.
  • GitHub Copilot – Code autocompletion inside IDEs.
  • Cursor (AI IDE) – AI-native coding environment.
  • Replit Ghostwriter – For full-stack and scripting environments.

Vibe Coding සදහා Real World Example එකක්.

Indie Game developer කෙනෙක් වෙන Alex Finn, Call of duty වගෙ ගේම් එකක් හදලා තියනවා විනාඩි 87කින් AI tools පාවිච්චි කරලා. ඒ achievement එක vibe coding වල efficiency and creativity වලට හොද උදාහරනයක්. Finn සරලව එයාගෙ requirement එක AI model එකට දුන්නම AI model එක, ඒක executable code එකකට translate කරනවා. මේ game එක 500 beta signups ලබාගෙන ඇති අතර එය social media වල ගොඩක් viral වෙලා තියනවා. Elon musk ගෙ අවදානයට පවා ලක් වෙලා තියනවා.

Vibe coding පටන්ගන්නෙ කොහොමද ?.

AI tool එකක් තොරාගමු:

eg : Chatgpt, Github Copilot

ඔයාගෙ අදහස පැහැදිලි කරමු :

eg : “Build a to-do list app with a minimalistic design. Users should be able to add, edit, and delete tasks. Include a feature to mark tasks as complete.” 

Review සහ Customize  කරමු:

AI code එක generate කරාට පස්සෙ code එකෙ accuracy එක review කරන්න. සමහර විට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි code එක වෙනස් කරන්න සිදුවෙයි. 

Test කරමු :

Generate කරගත්තු code එක development environment එකෙ run කරල බලන්න bugs and errors check කරන්න. 

Team-Up වෙමු :

ඔයා team එකක් විදිහට වැඩ කරන කෙනෙක් නම් vibe coding ඔයගෙ collaboration එක පහසු කරාවි.

Tips for beginners.

  • Be careful and specific : අවශ්‍යතාවය AI ට හොදින් විස්තර කරන තරමට AI විසින් වඩාත් accurate code එකක් generate කරයි.
  • Start Small : මුලින්ම පටන් ගද්දි simple project එකක් විදිහට පටන් ගන්න like calculator app, basic web page, simple game project.
  • Long along the way : vibe coding use කරන්න programming skills grow කර ගන්න.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...