Home Tech News ලොව පළමු Visual Programming Language එක
Tech News

ලොව පළමු Visual Programming Language එක

Share
blank
Share

ඕනෑම අයෙක්ට තමන්ට ඕනෑ කරන තාලයේ සජීවීකරණයක්, වීඩියෝ ක්‍රීඩා සහ වෙනත් ඇනිමේෂන් ආකාර පහසුවෙන් නිර්මාණය කර ගන්නට ඉඩ සලසා දෙන පරිගණක ක්‍රමලේඛ භාෂාව ස්කෑච් (Scratch) ලෙස හදුන්වනව. ළමයි වෙනුවෙන්ම තැනූ ලොව පළමු රූප මාදිලි ක්‍රමලේඛ භාෂාව (Visual Programming language) මෙයයි. ස්කෑච් පරිගණක ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කළ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) මහාචාර්ය මිෂෙල් රෙස්නික් ඇතුළු කණ්ඩායම මුලින්ම 2007 වසරේදී එය මහජනයාට ඉදිරිපත් කරා.

පාසැල් වල මෙන්ම ගෙදරදොර දීත්, ළමා පරිගණක සමාජ වලදීත් භාවිතා කරන ක්‍රමලේඛ භාෂා අතරින් ස්කෑච් අද්විතීයය. පරිගණක විද්‍යාව උගන්වන ගුරුවරු අධ්‍යාපනික මෙවලම් සකසා ගන්නට වැඩිපුරම භාවිතා කරන ක්‍රමලේඛ භාෂාව ස්ක්‍රෑච්ය. පසු ගිය 2022 වසර අග වෙන විට එහි සක්‍රිය සාමාජිකයින් ගණන මිලියන 119ක් වුනා. ඔවුන් එකිනෙකා අතර හුවමාරු කරගත් ස්කෑච් ව්‍යාපෘති (projects) ගණන මිලියන 144ක් පමන වෙනව. දැන් සෑම දිනයකදීම පාහේ අලුත් සාමාජිකයින් ලක්ශ 78ක පමණ පිරිසක් මෙම ප්‍රජාවට එක් වෙමින් සිටින අතර දිනපතා අලුතින් එක් කෙරෙන ව්‍යාපෘති ගණන මිලියන 3ක් පමණ වෙනව. මෙසේ ස්කෑච් භාවිතා කරන්නන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් තම අත්දැකීම් හුවමාරු කර ගනී. එය අද ලොව ඇති විශාලතම අධ්‍යාපනික ප්‍රජාව (online community) යි.

ස්කෑච් ක්‍රමලේඛ භාෂාවෙන් වැඩ කරන්නට එම භාෂාව ගැන කලින්ලත් දැනුමක් ඕනෑ කරන්නේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමලේඛ භාෂාවල එන තාක්ෂණික ගතියෙන් පිරි ඉන්ටෆේස් (interface) එක වෙනුවට මෙහි තිබෙන්නේ මෙහෙයුම් පද්ධතියක මෙන් ග්‍රැෆිකල් ඉන්ටෆේස් එකක්. එමෙන්ම මෙය සංකීර්ණ ප්‍රෝග්‍රැමිං ලැංග්වේජ් එකක්ද නොවේ. බිල්ඩි බ්ලොක්ස්වලින් යම් ඉදිකිරීමක් කරන්නාක් මෙන් අවශ්‍ය ග්‍රැෆික් කොටස් එක් කොට තමන්ට ඕනෑ තාලයේ සජිවීකරණයක් කළ හැකි අමුතු පන්නයේ එකක්.

ස්කෑච් වලදී සැබවින්ම ක්‍රමලේබ කරන්නා අතට ලැබෙන්නේ අර්ධ වශයෙන් සජීවීකරණය කළ ‘බිඩිං බ්ලොක්ස්’ කොටස්. මේවායේ ඇති විශේෂත්වය වෙන්නේ නියමිත පරිදි ඒවා එකිනෙකට සම්බන්ධ කළ විට කොටස්වලින් කියවෙන චලනය සමස්ත රූපයට ලැබී එය සජීවීකරණය වීමයි. මේ සජීවීකරණ බොහෝ ගණනක් සහ පසුතල සාදාගත් විට ඒවා පහසුවෙන් එකනෙකට සම්බන්ධවී සජීවීකරණ ගති දක්වයි. එනම් දැන් සම්පූර්ණ සජීවීකරණයක් නිමවී තිබෙනව.

මේ සජීවීකරණය කිරීම කරන්නේ කුමන තේරුමින්ද යැයි ක්‍රමලේඛ ශිල්පියා කලින්ම තීරණයකට ආ පසු දැන් නිමවෙන්නෙ ඔහු සිතූ පරිදිම එක්කෝ සාමාන්‍ය ඇනිමේටඩ් වීඩියෝවක්. නැතහොත් පරිගණක ක්‍රීඩාවක්. මෙයට සංගීතය සහ ශබ්දය එක් කළ හැක. ඒ ද සපයා තිබෙන බිල්ඩිං බ්ලොක්ස් සංගීත ඛණ්ඩ සමඟ වචන යොදා ගනිමින්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • අපේ ළමයින්ටත් මේක දෙන්න පුළුවන් නේද? English වගේම programming ඉගෙනගන්න එකට හොදම අත්වැලක් වගේ.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...