Home Tech News Unlimited Internet වලට සැරසෙන ශ්‍රී ලංකාව
Tech News

Unlimited Internet වලට සැරසෙන ශ්‍රී ලංකාව

Share
blank
Share

Telecommunications Regulatory Commission of Sri Lanka විසින් සීමා රහිත අන්තර්ජාල package ලබාදීම සදහා මේ වනවිට සූදානම් වෙමින් පවතින බව දැනගන්නට ලැබෙනව.මේ වනවිටත් දිවයින තුල අන්තර්ජාල සේවා පහසුකම් සලසන ISP -Internet Service Provider ආයතන වලට මේ සදහා තොරතුරු අදාල package විස්තර සමග ලබාදෙන ලෙස දන්වා ඇති බවත්, මේ සමග 2021 අප්‍රේල් මස වනවිට මුල්ම package ලබා දීම ආරම්භ කිරීමට කටයුතු කරන බවටත් දැනගන්නට ලැබෙනව.

නිවේදනයෙ සඳහන් වෙන විදිහට TRCSL එක මාර්තු මාසයේ මුලදි ISP ලට දැනුම් දීල තියනව එයාලට ඉදිරිපත් කරන්න පුළුවන් Unlimited Packages ගැන වාර්තාවක් TRC එකට ලබා දෙන්න කියල. එහෙම ලබා ගත්ත වාර්තා මේ වෙද්දි TRCSL එක මගින් අධ්‍යයනය කරගෙන යනව කියලත්, පලමු වටයේ Unlimited Packages පාරිභෝගිකයන්ට අප්‍රේල් මාසයේ සිට බොහෝදුරට බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලත් TRC එක සඳහන් කරනවා.

අන්තර්ජාලයේ මේ ගැන විවිධ මත පල වෙලා තියනවා. බොහෝ විට මේ packages මිල අධික වේවි හෝ වේගයෙන් අඩු වේවි කියල සමහරු අදහස් දක්වල තියනව, ඒ වගේම unlimited internet අනිසි ලෙස භාවිතා කිරීම වැලැක්වීමට බොහෝදුරට Fair Usage Policy(FUP) සීමාවක් පනවන්නත් ඉඩ තියෙනව කියල සමාජ මාධ්‍ය වල පිරිස් අදහස් දක්වල තියනවා. කොහොම මේ packages හඳුන්වල දුන්නත් කාලයක් යද්දි තරඟකාරීත්වය නිසා packages වල මිල අඩු වෙලා ගුණාත්මක බව ඉහල යාවි කියල අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...