Home Games Steam වෙත නැවත එක්වෙන Ubisoft Games
GamesTech Newswebsites

Steam වෙත නැවත එක්වෙන Ubisoft Games

Share
blank
Share

Ubisoft සමාගම විසින් නැවතත් ඔවුන්ගේ පරිගණක ක්‍රීඩා Steam සේවාව වෙත එක්කරන්න සූදානම් වෙනව. මීට පෙර Epic Games Store එකෙ සහ ඔවුන්ගේ Ubisoft Store එක තුල පමනක් ලබාගත හැකිව තිබූ පරිගණක ක්‍රීඩා වසර හතරකට පසු නැවත Steam වෙත එක්වෙනව.

Ubisoft සමාගම පලමුවෙන්ම Steam වෙත එක්කරන්න සූදානම් වෙන්නෙ දැනට පවතින ජනප්‍රියම ක්‍රිඩාව වන Assassin’s Creed Valhalla වන අතර දෙසැම්බර් 6 වනදා සිට Steam වෙතින් එය ලබාගන්න පුලුවන්.

පසුදිනෙකදී City builder Anno 1800 සහ Roller Champions යන ක්‍රීඩා දෙකත් එක්කරන බව Ubisoft සමාගම පවසා තිබෙනව. Assassin’s Creed Valhallaහි අවසන් update එකත් දෙසැම්බර් 6 වනදිනම නිකුත් වන අතර ඉන්පසු එය Steam වෙත ඇතුලත් කරන බව වාර්තා වෙනව.

මීටපෙර Ubisoft සමාගම පවසා තිබුනේ Steam සේවය තුලින් ඔවුන්ගේ පරිගණක ක්‍රීඩා ඉවත් කරගැනීම ව්‍යාපාරික තීරනයක් මත ගත් බවයි. කෙසේ නමුත් දැන් Steam සේවාව ලබා තිබෙන ජනප්‍රියතාවත් සමග Ubisoft සමාගම නැවත තමන්ගේ පරිගනක ක්‍රීඩා එක්කිරීමට සූදනම් වන්නෙ ඔවුන්ට මූල්‍යමය වශයෙන් වාසිදායක වන නිසාය. එසේම අනෙක් හේතුව නම් Ubisoft සමාගමේ තරගකරුවන් වන EA, Microsoft, සහ Activision යන සමාගම් ඔවුන්ගේ නවතම පරිගණක ක්‍රීඩා සියල්ලක්ම වගේ Steam වෙත එක්කිරීමයි.

දැන් Ubisoft සමාගම මීටපෙර ඉවත් කරන ලද Assassin’s Creed Liberation HD, Silent Hunter 5: Battle of the Atlantic, සහ Space Junkies යන පරිගණක ක්‍රීඩා නැවත Steam වෙත එක්කර තිබෙනව. කෙසේ නමුත් Ubisoft සමාගමේ පරිගනක ක්‍රීඩා Steam Deck සදහා සහය දක්වන ලෙස නිර්මානය කරන බවට තවමත් නිළ වශයෙන් එම සමාගම වාර්තා කර නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...