Home Tech News Explained Photoshop කරපු Space Photos වල ඇත්ත කතාව
ExplainedTech News

Photoshop කරපු Space Photos වල ඇත්ත කතාව

Share
blank
Share

නාසා ආයතනය වැනි අභ්‍යවකාශ ආයතන වලින් නිකුත් කරන ඡායාරූප ඉතා වර්ණවත් අලංකාර ඡායාරූප බව ඔබ දැක ඇති. ඒත් එම ඡායාරූප මහජනතාව සදහා විශේෂයෙන් සකස් කර නිකුත් කරන බව ඔබ දැන සිටියාද? එම ඡායාරූප වලින් පෙනෙන විදියට කිසිම විටෙක මිනිස් ඇසින් අභ්‍යවකාශයේ ඇති වස්තු දැකගන්න ලැබෙන්නෙ නැහැ. ඒ James Webb දුරේක්ශය ඇතුලු අභ්‍යවකාශයේ ඇති දුරේක්ශ මෙන්ම පොළොවේ ඇති දුරේක්ශ සහ රෝවර් මගින් ලබාගන්නා ඡායාරූප පික්සල් බිලියන ගණනකින් යුතු ඒවා නිසයි.

මෙම ඡායාරූප බොහොමයක ඇති වස්තු මිනිස් ඇසට හදුනා ගන්න නොහැකි වෙන්නෙ එහි අධෝරක්ත කිරණ සහිත වීම නිසයි. මේ ආකාරයට ඡායාරූපයක් සංස්කරනය කිරීමට අරභන්නෙ අභ්‍යවකාශ වස්තුවක ඡායාරූපය විශාල ප්‍රමානයක් රැස් කර ගැනීමෙනුයි. ඒවා අභ්‍යවකාශ විද්‍යාඥයින් විසින් ඔවුන්ගේ දැනුම මත එක්කර රලු ඡායාරූපයක් සකස් කර ගන්නව.

මෙලෙස ඡායාරූප සංස්කරනය කරන එක් ස්තානයක් තමයි ඇමරිකාවේ කැල්ටෙක් ආයතනයේ පිහිටුවා තිබෙන අධෝරක්ත සකසන සහ විශ්ලේෂන මද්‍යස්තානය. එහි සේවය කරන විද්‍යාඥයෙකු වෙන රොබට් හර්ට් විසින් මෙම ඡායාරූප Adobe Photoshop මගින් සංස්කරනය කරනු ලබනව.

මෙම විද්‍යාඥයින්ට අධෝරක්ත කිරන ඡායාරූපයක පෙන්වන්නෙ කෙසේද යන්න පිලිබදව හොද දැනුමක් තිබෙනව. ඔවුන් ඒ විදියට අධෝරක්ත කිරන රටා වෙනුවට උචිත වර්ණ යොදා ඡායාරූපය අලංකාර කරනව. ඒවා පියවි ඇසින් දකින්න පුලුවන් විදියට සංස්කරනය කරාට පසුව ඔවුන් එම ඡායාරූප මහජනතාව වෙත මුදාහරිනව.

මේ ආකාරයට ඡායාරූප සංස්කරණය කිරීමට විශාල කාලයක් වැයවෙනව. නාසා ආයතනය විසින් මහජනතාවට නිකුත් කරන්නෙ වසරකට පමන පෙර ලබාගත් ඡායාරූප‍යි. එයට හේතුව එම ඡායාරූප සංස්කරන කිරීමට අවුරුදු ගණනක් ගතවී තිබීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...