Home Tech News windows 10 Wallpaper එකේ කතාව
Tech News

windows 10 Wallpaper එකේ කතාව

Share
Share

ඔබ windows 10 මෙහෙයුම් පද්දතිය සමග ඔබ එක වරක් හෝ වැඩ මෙම wallpaper එක ඔබ දැක ඇති බවට කිසිදු සැකයක් නොමැත.මන්ද යත් මෙම wallpaper එක windows 10 මෙහෙයුම් පද්දතිය සමග default පැමිණෙන wallpaper වීමයි.තවද එය මෑත කාලින ඉතිහාසයේ වැඩිම දෙනෙක් භාවිත කරන්න wallpaper වීමද විශේෂත්වයකි.බැලූ බැල්මට මෙය පරිගණක ආශ්‍රයෙන් graphics සැකසුම් වලින් නිර්මාණය කරන ලද්දක් බව හැගී ගියත් , එය භෞතිකව කෘතිමව නිර්මාණය කර සාමන්‍ය කැමරාවක් අදාරයෙන් ඡායා රූප ගත කරන ලද්දකි. ” windows 10 Hero “ යනුවෙන් නම් කර ඇති මෙම wallpaper නිර්මාණය වුයේ ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ චිත්‍රාගාරයක් තුලය.

Bradley G නම් අධ්‍යක්ෂකවරයා යටතේ ඡායා රූප කණ්ඩායම මෙම wallpaper එක නිර්මාණයට මාස දෙකක් පමණ වැය කල බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.සැබවින්ම එපමණ කාලයක් එකම එක ඡායා රූපයක් වෙනුවෙන් වැය කලේ එම ඡායා රූපය බිලියන ගණනක් windows පරිශීලකයන්ගේ ආකර්ශනය දිනා ගත යුතුම බැවිනි.මෙහිදී ඔවුන් අමුතු ආකාරයේ තාක්ෂණික උපක්‍රම අනුගමය කල අතර මැද තිබෙන්නාවූ හතරැස් කොටු ඔවුන් විනිවිද පෙනෙන ලෝහයකින් නිපදවා එය රාමුවක් තුල සවි කිරීම පළමුව සිදු කලහ.

පසුව ඔවුන් එම ලෝහ කොටු අතරින් ආලෝක කදම්භ හා ලේසර් කිරණ යවා අවට පරිසරය මුළුමනින්ම අදුරු කරමින් (blackout) ඡායාරුපය ලබා ගැනීමට සමත් විය.තවද දුම් හා දුවිලි ආදිය බාහිරින් කෘතිමව ඡායා රූප ගත කිරීම් වලදී යොදා ගන්නා ලදී.camera mapping වැනි උසස් මට්ටමේ තාක්ෂනයන් ද ඔවුන් මෙයට යොදා ගත් බව සදහන් වේ.සැබවින්ම එහිදී සිදු වුයේ අප දකින windows 10 Hero wallpaper එක භෞතිකව නිර්මාණය කිරීමයි.

Share

11 Comments

Leave a Reply to Kasun C FernandoCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...