Contact Information

WhatsApp Us

අඟහරු ජනාවාස කරා යන SpaceX

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන් එක් ග්‍රහලොවකින් නොනැවතී වෙනත් ග්‍රහලෝක කරා සංක්‍රමණය වීම කෙදිනක හෝ සිදුවන බව දැන සිටියද තවමත් එවැනි දෙයක් අපට දැක ගැනීමට හැකියාව ඇත්තේ Sci-fi Film එකකින් පමණයි.රුසියානු ගගනගාමියෙකු වු Nikolai Kardashev විසින් 1964 වසරේදී Civilization එකක type 3ක් ඉදිරිපත් කර ඇති අතර එනම්,

  • Type I civilization එකකදී ජීවත්ව සිටින ග්‍රහලෝකය තුල ඇති ශක්තිය භාවිතා කරමින් ගබඩා කර ගන්නා අතර
  • Type II civilization එකකදී ග්‍රහලෝක පද්ධතියක ශක්තිය භාවිතා කරයි.
  • Type III civilization එකකදී මන්දාකිණියකම ශක්තිය භාවිතා කරයි.

එනම් පැහැදිලිවම පෘථිවිය තවමත් Type I civilization එකක් වන අතර විද්‍යාඥයන්ගේ මතයට අනුව මිනිස්සුන්ට Type II civilization එකක් බවට පත් වීමට තවත් වසර දහස් ගණනක් ගත වනු ඇති බවයි.එහෙත් අප මේ ජීවත්වන දශකය තුල Type II civilization එකකට යාමේ මූලික පියවර ආරම්භ කිරීමට Elon musk ප්‍රමුඛ spaceX සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටියි.පසුගිය දිනක Crew-2 mission එකට පසු Musk ප්‍රකාශ කර සිටියේ “මිනිස්සුන් අවසන් වරට සඳ මතට ගොස් සියවස් භාගයක් පමණ වනවා.එක ඉතා විශාල කාලයක්.අපි නැවතත් සඳ මත moon base එකකට යන්න ඕන.ඉන් පසුව අඟහරු මත නගරයක් සෑදීමෙන් අභ්‍යවකාශගත ශිෂ්ටාචාරයක් බවට පත් වෙන්න ඕන” යනුවෙනි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

       අභ්‍යවකාශය තරණය කිරීමට මුලික වශයෙන්ම අවශ්‍ය වන්නේ ප්‍රවාහන මාධ්‍යයකි.ඒ සඳහා මේ වන විට spaceX හි starship එක නිපදවමින් පවතින අතර එය මේ වන විට කිලෝමීටර 10 ක් උසට යවා සාර්ථක ලෙස ගොඩබැස්සීමට ඔවුන් සමත් වී ඇත.එමෙන්ම මීලඟ පරීක්ෂණ අවස්ථාවේදී starship එක ප්‍රථම වරට අභ්‍යවකාශ කක්ෂයකට යැවීමට spaceX සුදානමින් සිටී.මෙම starship හි විශේෂත්වය වන්නේ spaceX හි Falcon rocket වල භාවිත කළ Merlin-1D එන්ජිම වෙනුවට Raptor එන්ජින් භාවිතා කිරීමයි.Raptor එන්ජින් වල ඉන්ධන වශයෙන් හයිඩ්‍රජන් වෙනුවට මීතේන් යොදා ගනී.

මෙයට මීතේන් යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අඟහරු මත ඇති CO2 හා අයිස් යොදා ගෙන Sabatier process එක මඟින් මීතේන් අඟහරු මතදීම නිපදවා ගැනීමට හැකි වීමයි.starship එක සම්පූර්ණයෙන්ම නිපදවීමෙන් පසු එයට එක් ඉන්ධන පිරවීමකින් සඳමත ගොඩබැස නැවත පෘථිවියට පැමිණිය හැකි අතර අඟහරු මත ගොඩබැසීමේ හැකියාවද පවතිනවා.නමුත් නැවත පෘථිවියට පැමිණීමට නම් අනිවාර්යයෙන්ම අඟහරු මතදී ඉන්ධන නිපදවිය යතු වනවා.මේ වන විටත් spaceX හි පර්යේෂකයන් විසින් අඟහරු මතදී ඉන්ධන නීපදවීම පිළිබඳව විවිධ පරීක්ෂණ සිදුකරමින් සිටින බව සඳහන්ය.

              එමෙන්ම අඟහරු ග්‍රහයා ගැන සැලකීමේදී එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 225 ක් පමණ ඇතින් අතර එහි වායුගෝලයේ මුලික වශයෙන් CO2 ,නයිට්‍රජන් සහ ආගන් ඇත.එනම් අඟහරු වල වායුගෝලය සම්පීඩනය කිර්මෙන් ඒ මත පැලැටි වගා කිර්මේ හැකියාව පවතින බවයි.අඟහරු වල ගුරුත්වාකර්ෂණය පෘථිවියේන් 38% පමණ වන අතර අඟහරු දිනයක් පෘථිවි දිනයකට ඉතා ආසන්නය.ඒ අනුව වෙනත් ග්‍රහලෝකයක ජනාවාසයක් පිහිටුවීමට පෘථිවියට ආසන්නම සුදුසුම අඟහරු වන අතර 2026 පමණ වන විට අඟහරු මතට මිනිසුන් යැවීමට spaceX බලාපොරොත්තුවන වන බව සඳහන්ය.එමෙන්ම 2024 දී පමණ නැවතත් සඳ මත moon base එකක් ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරන බව සඳහන්ය.

Share:

2 Comments

  • Sithija Yasiru, September 26, 2021 @ 4:33 pm Reply

    Thanks for this great information. Keep up the good work !

  • thenula, September 29, 2021 @ 1:20 pm Reply

    නියම වැඩක්

Leave a Reply to Sithija Yasiru Cancel reply

Your email address will not be published. Required fields are marked *