Press ESC to close

SmartPhone Audio අලුත් කරන Blitzwolf BW-ES2

Smart Phone එකක් මිලදී ගද්දි ඒකත් එක්ක එන Earphone set එක ගොඩක් දෙනෙකුට ප්‍රමාණවත්. හැබැයි වැඩියෙන් Audio Quality එක ගැන හිතන ඒ වගේම හැම වෙලේම වගේ Earphones පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් වෙනම Earphones මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නව.

Blitzwolf BW-ES2 කියන්නෙ රු 3500 ක මිලකට ගන්න පුලුවන් ඉතාමත් හොද Earphone set එකක් කියල කියන්න පුලුවන් වෙන්නෙ මේ වගේ මිළකට ගන්න පුලුවන් අනෙක් Solutions එක්ක බැලුවම හොද Audio Quality එකක් Audio වල Bass, Mid සහ High වල balance එකක් වගේම ඉතාමත් හොද නිමාවකින් තියෙන product එකක් නිසා.

Get Your Site Up with A2 Hosting

මේ Earphone Set එක මීට මාසෙකට කලින් අපිට Blitzwolf එකෙන් එවල තිබුනෙ මේක පාවිච්චි කරල පරීක්ෂා කරල බලල හොද නම් Review එකක් කරන්න කියල. Packaging Box එකේ ඉදල pouch එක Manual එක සහ earphone set එකත් නිමාව සහ පාවිච්චි කරල තියෙන අමුද්‍රව්‍ය අතින් දෙවෙනි වෙන්නෙ Apple වලට විතරයි වගේ හැගීමක් තමයි තියෙන්නෙ.

This slideshow requires JavaScript.

EarPhone එකේ Wire එක Pouch එකට පාවිච්චි කරල තියෙන PV Material එක කල්පැවැත්ම වගේම නිතර පාවිච්චියට ඔරොත්තු දෙනව. ඒ වගේම මේ Earphones වල විශේෂත්වය සහ ප්‍රධානවම බලාපොරොත්තු වෙන Audio Quality එක ගන්න සාමාන්‍ය Earphone වලට වඩා වැඩිපුර Driver එකක් ඒ කියන්නෙ Dual driver Setup එකක් පාවිච්ච් කරල තියෙනව. මේ නිසා හොද සුපැහැදිලි Base එකක් සහ පැහැදිලි mid High Tones අත්විදින්න අවස්ථාව ලැබෙනව.

Earphone එකේ දකුණු පැත්තෙ එන in-line Mic සහ Audio controller එක හරහා පහසුවෙන් Audio අඩු වැඩි කරගන්න සහ Calls Answer කරන්න වගේම Double click හරහා අනෙක් Audio Track එකට මාරු වෙන්න හැකියාව තියෙනව. මේ හැම දෙයක් ගැනම manual / User Guide එකේ පැහැදිලිව සදහන් කරල තියෙනව.

[maxbutton id=”1″]

 

මේ ගැන Unboxing & Review Video එක බලන්න. ඔයාගේ අදහස් පහතින් කියන්නත් අමතක කරන්නෙපා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply to Shyamali Cancel reply

Your email address will not be published. Required fields are marked *